රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Saturday, June 21, 2014

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදන‍ම සංවිධානය කල සුමදුර ධර්ම දේශනය ...



බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදන‍ම සංවිධානය කල සුමදුර ධර්ම දේශනය ...
( දේශකයාණෝ පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ ... )

පින්වත් යහලුවනේ අපි පහුගිය කාලෙ පින්කම් රාශියක් සිදුකලා. ඒ පිලිබද විස්තර මෙතනින් බලන්න පුලුවන්.
http://sasuna.blogspot.com/

බුදුදහම ප්‍රචාරය කිරීම පිණිස අපි සංවිධානයක් පිහිටුවා ගත්ත. ඒ සංවිධානෙ නම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම. එහි නිළ පිටුව මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්.
https://www.facebook.com/buddhist.foundation

අප විසින් සංවිධානය කල පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනයක් ඊයේ ( 2014/06/20) දින පැවැත් උනා. මේ සදහා  රු. 50,000/= කට ආසන්න මුදල් වැය උනා. මේ වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගය සිදුකලේ බහරේන් වල ඉන්නක මංජු අක්ක. ඊට අමතරව නිශාන් සහ දර්ශන කියන අපේ සොහොයුරන්ගෙත් ඉහල දායකත්වයක් ලැබුන.

                                                     පින්වත් යාලුවනේ බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ ධර්මදානයේ ඵල විපාක මෙච්චරය කියන්න බැහැ.

සබ්බ දානං ධම්ම දානං ජිනාති
ධර්ම දානය හා සමකල හැකි කිසිද දානයක් නෑ.
ධර්ම දානය උතුම් බවත් එහි ආනිසංස පහක් බවත් දේශනා පාලියෙහි සඳහන්ව තියෙනව.

1. බොහෝ දෙනාට ප්‍රිය වීම (බහුනො ජනස්ස පියො හොති)
2. සත්පුරුෂ ආශ්රය ලැබීම (සප්පුරිසො භජන්ති)
3. කීර්තිය පැතිරීම (කල්යාණොකිත්ති සද්දො අභුග්ග චඡති)
4. ගිහි ධර්ම කෙළසා නොගැනීම (ගිහි ධම්මො අන පෙනා හොති)
5. දෙව්ලොව ඉපදීම (පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති)

ධර්ම දානය කරන ක්රම කිහිපයක්ම තියෙනව. මේ බලන්න.

1. ධර්ම දේශනා කිරීම
2. ධර්ම දේශනා කරවීම හා ධර්ම පූජා පැවැත්වීම
3. දහම් පොත් පත් සඟරා මුද්රණය කර බෙදා හැරීම
4. ධර්මය ඉගැන්වීම
5. පිරිස් වලට බණපොත් කියවීම
6. අන්යයන් ශීලයෙහි ගුණයෙහි පිහිටුවීම
7. දරුවන්ට ධර්මය උගන්වා ධර්ම දේශකයන් කරවීම
8. ධර්ම දේශක භික්ෂූන්ට දහම් පොත් පත්, තෙල් පහන්, බෙහෙත්, වාහන, මුද්දර, ගමන්පහසු, විජිනි පත් හා සිවුපසය ආදිය සැපයීම
9. ධර්මය ඉගෙන ගන්නා භික්ෂූන්ට දහම් පොත් පත් තීන්ත පෑන් කඩදාසි තෙල් පහන් හා සිව්පස දීම
10. ඉරුදින දහම් පාසල් පිහිටුවීම, පවත්වාගෙන යාම, ධර්මය ඉගෙන ගන්නා ළමයින්ට තෑගි බෝග දී උනන්දු කරවීම, ඇඳුම් පැළඳුම් පොත් පත් දීම
11. ධර්ම දේශකයන් වහන්සේලාට අවශ් වියදම් දීම,
12. ධර්ම ශාලා කරවීම, සැරසීම, ඒවාට පහන් පැදුරු ආදිය සැපයීම
13. ධර්මාසන කරවීම හා ඒවාට ඇතිරිලි, උඩු වියන් බුමුතුරුණු, පාවාඩ පූජා කිරීම
14. ධර්ම දේශකයන් වහන්සේලාගේ පා සේදීම, පය පිස දැමීම, වියන් ඇල්ලීම, පාවාඩ දැමීම
15. පිරිස් වන්දනා, පූජා, ධර්ම සජ්ක්ධායනාදි විවිධ පින්කම් වල යෙදවීම

මේ ආදී ධර්ම දානයට උපකාරී වන ලොකු කුඩා සියලු කටයුතු කිරීම ධර්ම දානමය කුසල් ලැබීමට හේතුවන බව සැලකිය යුතුයි. ධර්ම දේශනා කිරීමට භික්ෂූන් වහන්සේ නමක් වඩින විට තමන්ගේ අත්ලේන්සුව හෝ තුවාය හෝ පාවාඩයක් හැටියට එලා සමහර ශ්රද්ධාවන්ත උපාසක උපාසිකාවෝ ධර්ම දානමය කුසල් සිදු කර ගනිති. ධර්ම දේශකයන් වහන්සේ දැක නැගිටීම වැඳීම සාදුකාර දීම කුසල් බව සිතට ගත යුතුය. සද්ධර්මාලංකාරයෙහි මෛත්රී බුදුන් දකින්නන් දැක්වෙන තැන මෙසේ සඳහන්වේ. බණ කියන ගෙයි පහන් දැල්වූවෝ දකිනි’.

බණ කියන්නන් ආචාර උපචාරයෙන් වඩා ගෙනවුත් සකස් කොට බණ පැවැත්වූවෝ දකිති. විජිනිපත් දුන්නෝ දකිති. බණ පොත ලියවූවෝ දකිති. තමන් ලියවූ පොත අකුරු ගණනින් චක්රවර්තී සම්පත් ආදි වූ සැපත් ලදින් සුවපත් වූවෝ මෙතේ්බුදුන් දකින්නාහුමය. තවද ආමිස ධර්ම දානාදියෙන් සංඝයා වහන්සේට සත්කාර කළාහු දකිත්මය.

පින්වත් යහලුවනේ ධර්ම දානය අට මහ කුසල්වලට අයිතියි. අට මහ කුසල් කියන්නෙ දැනට කරන්න පුලුවන් බලගතුම පින්කම් අටක්. මෙන්න අට.


1.කඨින සිවුරක් පූජා කිරීම
2.අටපිරිකර පූජාකිරීම
3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
5.බුද්ධ ධර්ම දානය සිදුකිරීම.
6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම
7.බුදු පිළිම සෑදවීම, චෛත් විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.

යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ. මේ පින්කම් වල ආනිසංස කියල නිම කරන්න බැහැ. කල්ප කෝටි ගණන් විපාක දෙන පින්කම් මේව. විතරක් නෙවෙයි. පංච ආනන්තරයි පාපකර්ම හැර ( මව මැරීම, පියා මැරීම, රහතුන් මැරිම, බුදුන්ගේ ඇගේ ලේ සෙලවීම, සංඝභේදය )අනිත් සියලු පව් යටපත් කරන්න තරම් මේ පින්කම් බලවත්.

ඉතින් මෙවන් දානාදි පින්කම් වලට සම්බන්ධ වූ මගෙ මන්ජු අක්කට වගේම ඔබ සියලු දෙනාගේ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් අත්වැරදීමකින් හෝ දුක් සහිත තැනක ඉපදී ඇත්නම් සැපවත් තැනක උපදිත්වා. සැපවත් තැනක ඇත්නම් වැඩි වැඩියෙන් සැප ලැබේවා. කෙලවර අමා හම නිවන අත්වේවා. ඔබගේ බිරිදට, ස්වාමියාට. දූ දරුවන්ට යහපත් අනාගතයක් අතිවේවා. නිදුක් නිරෝගී සුවබර ජිවිතයක් ලැබේවා. විශේෂයෙන් දූ දරුවන්ගේ ඉගෙනීම් සාර්ථක වේවා. සියලු යහපත් පැතුම් සාර්ථක වේවා. කෙලවර පතන බෝදියෙන් නිවන් දැක්මට හේතාවේවා වාසනා වේවා ...

මෙවන් පින්කම් වලට ඔබත් දායක වන්න.

ඔබත් මෙවන් මහ පින්කමකට දායක වන්න


අප අමතන්න - 071 2933180

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල් ද සිල්වා.





















Thursday, June 12, 2014

මුහුණු පොතේ මිතුරන් සමග එක් වී බත් දන්සැලක් සදහා රැ 20,000/-ක් පරිත්‍යාග කල වගයි ...




දන්සැල් කිහිපයක් පැවතීම නිසා ශක්ති සුභසාධක සංගමයට මුදල් පරිත්‍යාග කර බත් දන්සැලට දායක වුනෙමු ...



පින්වත් යහලුවනේ අපි පහුගිය කාලෙ පින්කම් රාශියක් සිදුකලා. ඒ පිලිබද විස්තර මෙතනින් බලන්න පුලුවන්.




බුදුදහම ප්‍රචාරය කිරීම පිණිස අපි සංවිධානයක් පිහිටුවා ගත්ත. ඒ සංවිධානෙ නම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම. එහි නිළ පිටුව මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්.




පින්වත් ඔබට මතක ඇති පහුගිය කාලෙ අපි බත් දන්සැලක් වෙනුවෙන් මුදල් එකතු කලා. වෙසක් එකට දෙන්න හිටපු දන්සැල අපි පොසොන් වලට කල් දැම්මෙ මේ වගේම වෙනත් දන්සැලක් එතන සංවිධානය උන නිසයි.



මෙවර පොසොන් එකටත් දන්සැල් කිහිපයක් සංවිධානය වෙලා තියෙනව. ඉතික් අපිත් දන්සැලක් දෙන්න ගියානම් එතන ප්‍රශ්නයක් පවා නිර්මාණය වෙන්න ඉඩ තිබුන. අන්න ඒ නිසා පැවැත්වෙන දන්සැලක් වෙනුවෙන් ආධාර මුදලක් ලබාදීල ඒ අයට සහය දෙන්න අපි තීරණය කලේ.



අපට දන්සැල වෙනුවෙන් රු. 46500/-ක මුදලක් ලැබිල තියෙනව. පහත නම් සදහන් අයයි ඒ මුදල් පරිත්‍යාග කලේ.



නිම්මි නදී මිය                        -     රු. 10,000/=

නිශාන් සුරංග මයා හා දර්ශණ මයා     -     රු. 11,000/=

මහිල් උදයංග මයා                    -     රු. 10,000/=

රුවන් විජේසංහ මයා                  -     රු.  5000/=

මදු මංචනායක මිය                   -     රු.  3000/=

ලයනල් ගුණතිලක මහතා              -     රු.  2500/=

පසිදු චිරන්ත මයා                    -     රු.  2000/=

මංජුලා මහත්මිය                     -     රු.  2000/=

නදීශා රනවක මිය                    -     රු.  1000/=

                                       ............................

ලද මුදල                            -     රු. 46,500/=



මේ මුදලින් රු. 20,000/=ක් පමණ පරිත්‍යාග කලේ. ඊට අදාල ලියුම පහත ලින්ක් එකෙන් බලන්න පුලුවන්.

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjFiiODFM88Tq54mNbmpYTcdskSYZkdXXGKUqeCdkEQch76vnySB1EFGpCZlyCHfSdMjILjuQE2GQJUEeBzSyKHXQ-UsYkkWTPbCtgNNwF2mT8YTPn0DJmsWvxhdM-jZzR5zoRjW37Zf3Fd/s1600/Scan0001.JPG




මින් ඉතිරිවන මුදල එනම් 46,500 20,000 = 26500/= පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමියන් විසින් පවත්වන බණ අවසානයේ ආර්තික අපහසුකම් ඇති ගැබිනි මාතාවන් කිහිපදෙනෙකුට අවශ්‍ය උපකරණ බෙදාදීමට කටයුතු සංවිධානය කරල තියෙන්නෙ.



ඉතින් ඔබ සිදුකලේ මහත් ඵල මහානිසංස ලබාදෙන පින්කමක්. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කලා මහණෙනි, දානයේ ආනිසංස දන්න පුද්ගලයා අහාරයට ගනිමින් සිටින බත් පත පවා දන්දෙන  පුද්ගලයෙක් බව.



ආහාරය අපට මොනතරම් වැදගත්ත කිව්වොත් බුදුහාමුදුරුවො සාමනේරපඤ්ඤභාවෙහි අංක එක ලෙසින් හදුන්වා ඇත්තේ ආහාරයයි. අපි ගිහියටන්ට නොයෙක් අවස්ථාවලදි නොයෙක් දන් දීම් සිදුකරනව. සමහර විට වයසක දෙමාපියන්ට, බඩදරු මව්වරුන්ට, කුඩා දරැවන්ට, පිරිසනුන්ට දන්දීම් සිදු කරනව. නමුත් අද ඔබ ඒ සියල්ල එකතැනකදි කරගත්ත හා සමාන පිනක් ජනිත වෙනව. ඔබදුන් මුදලින් බත් කටක් කා සතුටට පක්වන අය කෙතරම් ඇද්ද? කුසට රස අහරක් නැතිව සිටි අසරණ වයසක දෙමාපියන් කී දෙනෙක් කුස පුරවා ගන්න ඇත්ද? අසරණ සතුන් කෙතරම් ප්‍රමාණයක් අද ඔබ දුන් මුදලින් කුස පුරවාගන්න ඇද්ද?



ඉතින් මුදල් ආධාර ලබාදී දායක වූ ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවබර ජීවිතයක් උදා වේවා. සංසාරය පුරාවටම කිසිදු දිනක කුසගින්නක් නොදැනේවා. තබන තබන පය සාර්ථකත්වයේ හිනිපෙත්තටම රැගෙන යත්වා.  කිසිදු කලෙක නෑ බෑ කියන වචන අසන්නටවත් නොලැබේවා. ඔබට ආහාර අවශ්‍ය ඌ විට හිස් භාජන පවා පිරී ඉතිරී යේවා. මතු නිවන් දකිනා තාක්කල්ම ආහාරාදියෙන් කිසිදු අවහිරයක් නොවේවා. මතු නිවන් දකින්නට මේ පින් හේතුවාසනා වේවා.



ඔබවන් පින්බර දරැවන් බිහිකල රත්තරන් දෙමාපියන්ටත් මේ පින් ලැබේවා. ඔවුන් ජීවත් වේනම් නිදුක් නිරෝගී ජීයික ගතකරත්වා. මියගොස් ඇත්නම් ඉහල දිව ඉසුරැ වර්ධනය වේවා. මතු නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා.



මේ පින්කම වෙනුවෙන් කටයුතු කල මට නිරන්තරයෙන් උදව් උපකාර කරන අදෘශ්‍යමාන සියලු බලවේගවලට මේ පින් ලැබී තව තවත් ඉසුරු වර්ධනය වේවා. මගේ දෙමාපියන් ඇතුලු සියලු දෙනාට මතු නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා ...

         



ඔබත් මෙවයන් මහ පින්කම් වෙනුවෙන් දායක වන්න. මා අමතන්න.

071-2933180



බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්කර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා ...