රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Friday, September 27, 2013

අඩු ආදායම් පවුල්වල දූ දරුවන්ට පාසැල් නිල ඇදුම් ලබාදුන් වගයි ...



 
අඩු ආදායම් පවුල්වල දූ දරුවන්ට පාසැල් නිල ඇදුම් ලබාදුන් වගයි ...

පින්වත් යාලුවනේ ඔයාල දන්නව පහුගිය කාලෙ අපි කල පින්කම්. මේ පිලිබද  මේ බ්ලොග් එකෙන් සියලු තොරතුරු බලාගන්න පුලුවන්.


ඉතින් අපි 2013.09.25 දින ධර්ම දේශනයක් පැවැත්තුව කියල ඔබ දන්නව නේ. එදාම අපි අහිංසක දූ දරුවන් ඉන්න පාසැලක දිලිදු දරුවන්ට පාසැල් නිල ඇදුම් ලබා දුන්න.
විශේෂයෙන්ම කියන්න ඕනි මම ඉල්ලුවෙ එක නිල ඇදුමකට පමණක් සල්ලි. ඒනිසයි ගොඩදෙනෙක් පොඩි මුදල් දීල තියෙන්නෙ. ඒක මම හිතපු විදිහ. නමුත් ‍මගෙ පින්වත් යහලුවො මම හිතුවටත් වඩා විශාල මුදලක් මට රැස් කරල දුන්න. එක් නිල ඇදුමකට මුදල් දුන්න අය දුක් වෙන්න එපා. මොකද ඒ මම ඉල්ලුපු විදිහනෙ. ඉතින් මේ නිල ඇදුම් පාසැලේ ගුරුවරයෙක් විසින් බොරැල්ලේ කොවිද හිමිපාණන් අතින් බාරගත් අයුරු ඔය රූපයේ තියෙන්නෙ. ඉතාම ඉක්මනින් විදුහල්පතිතුමා ලබාදෙන ස්තුති කිරීමේ ලිපිය ලැබෙන්න සලස්සන්නම්.

පහත සදහන් අය විසින් අපිට මුදල් ප්‍රමාණයන් එවල තිබුන.
මේ තියෙන්නෙ මුදල් ලැබුන පිලිවෙලටයි.

ලයනල් ගුණතිලක මහතා 5000/-
දිනුෂ විජේතුන්ග මහතා 800/-
රුවන් එස්. ජයසිංහ මහතා 5000/-
නෙවුශිකා හේරත් මිය 1000/=
චාමර මහතා 2000/-
බියන්කා තෙන්නකොන් මිය 1000/-
ජගත් කුමාර මහතා 5000/-
රුවන් හෙට්ටිආරච්චි හා  මනෝරි දමයන්ති හෙට්ටිආරච්චි යුවල =5123.23
නදුන් සිල්වා හා නෙහාරා සදමාලි සිල්වා =5123.23
මංජුලා මිය =5123.23
රන්ජිත් මුණසිංහ=1712.41
රේණුකා හේරත් =1712.41
රත්න මැද්දෙගොඩ හා චමිලා මැද්දෙගොඩ=1712.41

එතකොට මේ සියල්ලෙම එකතුව රුපියල් 40,307 /= ක් පමණ වෙනව.

එතකොට යාලුවනේ ඔය සල්ලි දුන්න අය අතර ඉන්න මංජුලා මිය කියන්නෙ අර බණට සල්ලි දුන්න අක්ක. එයා බණ වෙනුවෙන් වියදම් කරන්න වෙනම සල්ලි එවල තිබුන. නමුත් පොඩි මුදලක් මදි උන නිසා මේ නිල ඇදුම්වලට එයා එව්ව මුදලින් පොඩි මුදලක් බණ වෙනුවෙන් ගත්ත. රැ. 5707 /=ක්. (එයාගෙ යාලුවොත් ඒකට සම්බන්ධ උනා.)

එතකොට 40,307.00 5707.00 = 34600යි.

ඒ කියන්නෙ නිල ඇදුම් ගන්න  34600/=ක් ලැබිල. එකෙන් නිල ඇදුම් වලට ගියෙ 17500/=යි.

34600.00 17500.00 = 17100.00

එවපු මුදල් වලින් 17100 /=ක් තියෙනව. අපි කල්පනා කලා මේ ප්‍රදේශයේ තියෙන තවත් පාසැලකට නිල් කලිසන් ටිකක් ලබාදෙන්නට. ඒක අපි ලබන සතිය තුල සිදුකෙරෙනව.
ඉකින් මේ බින්කමට ඔබ සියලු දෙනා වගේම සරත් කුමාර මහතා ගොඩක් මහන්සි උනා. එතුමා තමයි මේ රෙදි කොළඹින් අරගෙන කපල පිලිවෙලකට සකස් කරල අපිට එව්වෙ.

මේ මුදල් පිලිබද නිවැරදිවම මෙලෙස සටහන් කලේ ඔබ දැනගතයුතු නිසයි. එසේ  නොවන්නට ම‍ට නරක නාම එන්න ඉඩ තියෙනව.

ඉතින්  උදව් කල ඔබ සියලු දෙනාටම මේ පින්කමේ අප්‍රමාන ආනිසංශ බලයෙන් යහපතම උදාවේවා...
ඔබ වන් දූ පුතුන් සැදු පින්වත් දෙමාපියන්ට දීර්ගායුෂ වේවා. ඔවුන් මියගොස් ඇත්නම් ඒ ඇත්තන්ට මේ පි්කමේ බලෙන් අනන්තවත් දිව්‍ය සලු, දිව්‍ය ආභරණ, දිව්‍ය ආහාර ලැබේවා ...
‍ඔබටත් නිවන් දක්නා ජාති දක්වාම මූලක අවශයතාවයන් වලවත් අඩුපාඩු නොවේවා ... සියලු සැප සම්පත් පහල වේවා ... ඔබේද   දූ දරුවන්ගේද සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා ... සියලු විභාග කඩඉම් ජයගන්නට මේ කුසලය හේතු වාසනා වේවා ...
බුදුන් වදාල මගයමින් අප්‍රමාන පින්කම් කරන ඔබ සියලු දෙනාට පතන බෝධියෙන් නිර්වාණ සුවයම ලැබේවා ...

සතවයා කෙරේ අපමණ මෙත් සිතින් එරන්ද ලක්මාල් වන මා විසින් ගෞ.තම බුදු සසුන තුල මේ පින්කම සිදුකල වගයි ...









පින්වත් යාලුවනේ අපිට මේ පාසැල වෙනුවෙන් තව පරිත්‍යාගයක් කරන්න ඕනි. ඒ පාසැලට අවශ්‍ය සංගීත භාණ්ඩ තොගයක් ලබාදෙන්න. මේ පින්කමට සහභාගිවන්න ඔබත් කැමතිනම්  කරුණාකර මා අමතන්න. 0712933180

මම සතවයා කෙරේ මෙත් සිත් ඇති එරන්ද ලක්මාල්


 විදුහල්පතිතුමා සභාව අමතමින්

 මේ අවස්ථාවට සහභාගි වූ ප්‍රාදේශීය සභා සභාපති තුමා

පාසැල් දරුවන්

ප්‍රාදේශීය සභා සභාපති තුමා අතින් නිල ඇදුම් ලබමින්

 ප්‍රාදේශීය සභාවේ ලේකම් තුමිය අතින්

 ත්‍යාග ලැබූ දරුවන්





විදුහල්පති තුමාගේ ස්තුති කිරීමේ ලිපිය


.

මුහුණුපොතේ මිතුරු මිතුරියන් සමග පැවැත්වූ සුමධුර ධර්ම දේශනය



ඉතින් පින්වත් යහලවුනේ අපි ඊයෙ (2013/09/25) සුමධුර ධර්ම දේශනාවක් පැවැත්තුව. ඒකට පූර්ණ දායකත්වය දුන්නෙ බහරේන් වල රැකියාවේ නියුතු මුහුණුපොතේ මගෙ අම්ම වෙච්ච මගෙ මන්ජු අක්කයි. ඒත් එක්ක ධර්මාසනයක් පූජ කල. එයත් මුහුණුපොතේ මගෙ අයිය කෙනෙක්. එයාගෙ නම සරත් කුමාර අයිය. ඊලගට අපි දිලිදු දරුවො හතලිහකට පමණ පාසැල් ඇදුම් අරන් දුන්න. සදහා
1.ලයනල් ගුනතිගක මහතා
2. දිනුෂ විජේතුන්ග මහතා
3.රුවන් එස්. ජයසිංහ මහතා
4.නෙව්ශිකා හේරත් මිය
5.චාමර මහතා
6.මගෙ මංජු අක්ක වගේම එයාගෙ යාලුවො ටික.
රුවන් හෙට්ටිආරච්චි හා මනෝරි දමයන්ති හෙට්ටිආරච්චි යුවල නදුන් සිල්වා හා නෙහාරා සදමාලි සිල්වා
රන්ජිත් මුණසිංහ , රේණුකා හේරත් රත්න මැද්දෙගොඩ හා චමිලා මැද්දෙගොඩ කියන මේ අය මුදල් ලබා දුන්න. මේ පිලබද වෙනම පොස්ට් එකක් දානව. නිසා මෙතන මුදල් ප්රමාණයන් දාන්නෙ නැහැ.

ධර්ම දේශනය වීඩියෝ කලානෙ. මෙන්න ඒක ...

https://www.youtube.com/watch?feature=player_embedded&v=AtttMcPnp1o

ඔය
ඩීඩියෝ එක මට පුලුවන් අයුරින් සිදුකලා. අඩුපාඩු තියෙනව. සමාවෙන්න.

මේ වෙනුවෙන් උදව් වූ මගෙ සයලුම යාලුවන්ට මේ පින් හිමිවේවා.

පින්වත් යාලුවනේ බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ ධර්මදානයේ ඵල විපාක මෙච්චරය කියන්න බැහැ.

සබ්බ දානං ධම්ම දානං ජිනාති
ධර්ම දානය හා සමකල හැකි කිසිද දානයක් නෑ.
ධර්ම දානය උතුම් බවත් එහි ආනිසංස පහක් බවත් දේශනා පාලියෙහි සඳහන්ව තියෙනව.

1. බොහෝ දෙනාට පිරය වීම (බහුනො ජනස්ස පියො හොති)
2. සත්පුරුෂ ආශ්රය ලැබීම (සප්පුරිසො භජන්ති)
3. කීර්තිය පැතිරීම (කල්යාණොකිත්ති සද්දො අභුග්ග චඡති)
4. ගිහි ධර්ම කෙළසා නොගැනීම (ගිහි ධම්මො අන පෙනා හොති)
5. දෙව්ලොව ඉපදීම (පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති)

ධර්ම දානය කරන ක්රම කිහිපයක්ම තියෙනව. මේ බලන්න.

1. ධර්ම දේශනා කිරීම
2. ධර්ම දේශනා කරවීම හා ධර්ම පූජා පැවැත්වීම
3. දහම් පොත් පත් සඟරා මුද්රණය කර බෙදා හැරීම
4. ධර්මය ඉගැන්වීම
5. පිරිස් වලට බණපොත් කියවීම
6. අන්යයන් ශීලයෙහි ගුණයෙහි පිහිටුවීම
7. දරුවන්ට ධර්මය උගන්වා ධර්ම දේශකයන් කරවීම
8. ධර්ම දේශක භික්ෂූන්ට දහම් පොත් පත්, තෙල් පහන්, බෙහෙත්, වාහන, මුද්දර, ගමන්පහසු, විජිනි පත් හා සිවුපසය ආදිය සැපයීම
9. ධර්මය ඉගෙන ගන්නා භික්ෂූන්ට දහම් පොත් පත් තීන්ත පෑන් කඩදාසි තෙල් පහන් හා සිව්පස දීම
10. ඉරුදින දහම් පාසල් පිහිටුවීම, පවත්වාගෙන යාම, ධර්මය ඉගෙන ගන්නා ළමයින්ට තෑගි බෝග දී උනන්දු කරවීම, ඇඳුම් පැළඳුම් පොත් පත් දීම
11. ධර්ම දේශකයන් වහන්සේලාට අවශ් වියදම් දීම,
12. ධර්ම ශාලා කරවීම, සැරසීම, ඒවාට පහන් පැදුරු ආදිය සැපයීම
13. ධර්මාසන කරවීම හා ඒවාට ඇතිරිලි, උඩු වියන් බුමුතුරුණු, පාවාඩ පූජා කිරීම
14. ධර්ම දේශකයන් වහන්සේලාගේ පා සේදීම, පය පිස දැමීම, වියන් ඇල්ලීම, පාවාඩ දැමීම
15. පිරිස් වන්දනා, පූජා, ධර්ම සජ්ක්ධායනාදි විවිධ පින්කම් වල යෙදවීම

මේ ආදී ධර්ම දානයට උපකාරී වන ලොකු කුඩා සියලු කටයුතු කිරීම ධර්ම දානමය කුසල් ලැබීමට හේතුවන බව සැලකිය යුතුයි. ධර්ම දේශනා කිරීමට භික්ෂූන් වහන්සේ නමක් වඩින විට තමන්ගේ අත්ලේන්සුව හෝ තුවාය හෝ පාවාඩයක් හැටියට එලා සමහර ශ්රද්ධාවන්ත උපාසක උපාසිකාවෝ ධර්ම දානමය කුසල් සිදු කර ගනිති. ධර්ම දේශකයන් වහන්සේ දැක නැගිටීම වැඳීම සාදුකාර දීම කුසල් බව සිතට ගත යුතුය. සද්ධර්මාලංකාරයෙහි මෛත්රී බුදුන් දකින්නන් දැක්වෙන තැන මෙසේ සඳහන්වේ. බණ කියන ගෙයි පහන් දැල්වූවෝ දකිනි’.

බණ කියන්නන් ආචාර උපචාරයෙන් වඩා ගෙනවුත් සකස් කොට බණ පැවැත්වූවෝ දකිති. විජිනිපත් දුන්නෝ දකිති. බණ පොත ලියවූවෝ දකිති. තමන් ලියවූ පොත අකුරු ගණනින් චක්රවර්තී සම්පත් ආදි වූ සැපත් ලදින් සුවපත් වූවෝ මෙතේ්බුදුන් දකින්නාහුමය. තවද ආමිස ධර්ම දානාදියෙන් සංඝයා වහන්සේට සත්කාර කළාහු දකිත්මය.

පින්වත් යහලුවනේ ධර්ම දානය අට මහ කුසල්වලට අයිතියි. අට මහ කුසල් කියන්නෙ දැනට කරන්න පුලුවන් බලගතුම පින්කම් අටක්. මෙන්න අට.


1.කඨින සිවුරක් පූජා කිරීම
2.අටපිරිකර පූජාකිරීම
3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
5.බුද්ධ ධර්ම දානය සිදුකිරීම.
6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම
7.බුදු පිළිම සෑදවීම, චෛත් විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.

යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ. මේ පින්කම් වල ආනිසංස කියල නිම කරන්න බැහැ. කල්ප කෝටි ගණන් විපාක දෙන පින්කම් මේව. විතරක් නෙවෙයි. පංච ආනන්තරයි පාපකර්ම හැර ( මව මැරීම, පියා මැරීම, රහතුන් මැරිම, බුදුන්ගේ ඇගේ ලේ සෙලවීම, සංඝභේදය )අනිත් සියලු පව් යටපත් කරන්න තරම් මේ පින්කම් බලවත්.

ඉතින් මෙවන් දානාදි පින්කම් වලට සම්බන්ධ වූ මගෙ මන්ජු අක්කට වගේම ඔබ සියලු දෙනාගේ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් අත්වැරදීමකින් හෝ දුක් සහිත තැනක ඉපදී ඇත්නම් සැපවත් තැනක උපදිත්වා. සැපවත් තැනක ඇත්නම් වැඩි වැඩියෙන් සැප ලැබේවා. කෙලවර අමා හම නිවන අත්වේවා. ඔබගේ බිරිදට, ස්වාමියාට. දූ දරුවන්ට යහපත් අනාගතයක් අතිවේවා. නිදුක් නිරෝගී සුවබර ජිවිතයක් ලැබේවා. විශේෂයෙන් දූ දරුවන්ගේ ඉගෙනීම් සාර්ථක වේවා. සියලු යහපත් පැතුම් සාර්ථක වේවා. කෙලවර පතන බෝදියෙන් නිවන් දැක්මට හේතාවේවා වාසනා වේවා ...

මෙවන් පින්කම් වලට ඔබත් දායක වන්න.

මෙන්න මෙතනින් පුලුවන් චෛත්‍ය රාජයන් වහන්සේ ගොඩනැගීමට දායක වන්න

මේ චෛත්යරාජයන් වහන්සේ වෙනුවෙන් ඔබ. ඔපේ දායකත්වය ලබාදෙන්න.

අනන්ත බුදුගුණ බෙලෙන් තුන් ලොවම සැනසේවා ... ...

සතවයා කෙරේ අපමණ මෙත් සිතින් ගෞතම බුදුසසුන තුල එරන්ද ලක්මාල් වන මා විසින් සිදුකල සමාජ සත්කාර්යයකි.


ධර්ම දේශනය නරඹන්න මේ මත ක්ලික් කරන්න

 ධර්ම දේශනයේ විශේෂ අවස්ථා