රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Wednesday, May 7, 2014

අනතුරකින් අතක් අහිමි වූ තරුණයෙක් වෙනුවෙන් රු. 100,000/=ක මුදලක් පරිත්‍යාග කල වගයි ...

ආයුබෝවන් පින්වත් යාලුවනේ. පහුගිය කාලෙ සිදුකල පින්කම් නැවත මතක් කරන එකනම් අවහය නැහැ. නමුත් එයින් ඔබ කල කුසලයන් පිලිබද අප්‍රමාන සතුටක් ජනිත වෙනව නේද? අන්න ඒක තමයි යාලුවනේ කුසලයක තියෙන බලය. බලන්න ඔබ නරක ක්‍රියාවක් කරල හිතින් දුක් විදිනවට වඩා මෙවන් යහපත් ක්‍රියා කලාම මොන තරම් සිතට සතුටක් ජනිත වෙනවද කියල. ශිෂ්ඨ සමාජය ඔබවැනි අයට සලකන්නෙ ඉතාම ඉහලින්.

  අපේ මේ බ්ලොග් එක පුරාම තියෙන්නේ අපි කල පින්කම්.

ඔතන තියනව අපි සිදුකල සියලුම පින්කම් සහ කෙරීගෙන යන පින්කම්.
මේ සියලු පින්කම් වලට පින්වත් යාලුවො බොහොම දෙනෙක් දායක උනා. මේ සියලු පින්කම් වල විස්තර සමග ඡායාරූප ඔබට දක්වල තියෙනව ඔබට බලන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි වියදම් උන මුදල්වල බිල් පවා පුලුවන් පුලුවන් විදිහට දක්වල තියෙනව.

ඔයගොල්ල දහදිය මහන්සියෙන් හරි හම්බකරන මුදල් පිනට දෙන්නෙ පිනක් බලාපොරොත්තුවෙන්. ඒ මුදල් අපි නිකරුනේ පරිහරණය කරන එක මහ අපරාදයක්. ඒ නිසා ඔබේ මුදල් වලට අපිත් රුපියලක් හරි දාලයි මේ පින්කම්වලට මුදල් බා‍ර දෙන්නෙ. ඔබ මේ පින් වැඩකට මුදල් වෙන් කලා කියන්නෙ ඒක බුද්ධ දේපලක් වෙනව. ඒව අපි අයුතු පරිහරණයක් කලොත් ඒක මහ අපරාධයක්. ඒ විතරක් නෙවෙයි. ඒක මහා භායානක දෙයක්. හරියට ගින්දර එක්ක වැඩ කරනව වගෙයි බුද්ධ දේපලත් එක්ක කරන පයුරු පාසානම.

මේ තියෙන්නෙ අපේ ෆේස්බුක් පිටුව
https://www.facebook.com/buddhist.foundation

යහලුවනේ අදත් අපිට මෙවැනි පින්කමකට මැදිහත් වෙන්න පුලුවන් උනා. ඒ අනතුරකින් අතක් අහිමි වෙච්ච තරුණයෙකුට මුදල් පරිත්‍යාගයක් කිරීම. මේ මුදල් පරිත්‍යාගය සිදුකලේ විදෙස් රටක සේවය කරන දිල්ෂාන් ප්‍රබෝධ පින්වත් සොහොයුරායි. තමන් දහදිය මහන්සියෙන් උපයන මුදල් මේවගේ පින්වැඩ වලට යොදවන අය හරිම අඩුයි. ඒත් පින්වත් දිල්ශාන් අයිය ඒ යුතුකම ඉටුකලා තමන්ගෙ රට වෙනුවෙන්. මේ පින්කමට සම්බන්ධ වීමට අපටත් අවස්ථාව ලැබුන. මේ රූපයේ දැක්වෙන්නේ මුදල් පරිත්‍යාග කරන්නේ හොදැල්ල ජයසුන්දරාරාම විහාරාදිපති පූජ්‍ය දලුපතේ ගෙදර මේධංකර හිමියන්. ඒ වගේම දිල්ශාන් අයිය නියෝජනය කරමින් පැමිනියේ ( වමේ සිට ) පල්ලේගම දම්මරතන හිමි, උරියාවේ සිරිනන්ද හිමි යන හිමිවරුන් දෙදෙනායි.
ඉතින් මේ පින්කම හරියටම කියනවනම් දාන උප පාරමිතාවනට සමානයි. මොකද අතක් කියන එක ගලවල දෙන්න බැහැනෙ. නමුත් අතක් වෙනුවෙන් ආධාර කලා කියන්නෙ අතක් දුන්න හා සමාන මහ පින්කමක්. අප මහා බෝසතාණන් වහන්සේද ඇස්, ඉස්, මස්, ලේ පරිත්‍යාග කරමින් සම්පූර්ණ කලේ මේ දාන පාරමිතාවයි. ඒ විතරක් නෙවෙයි ඔබ සිදුකරන මහ පින්කම් තවත් අප්‍රමාණයි. ඒවයින් ලැබෙන ආනිසංස ගණනය කරන්න බැරිතරම්. ( අර අපි ප්‍රතිසංසකරණය කරන චෛත්‍යරාජයන් වහන්සේ වෙනුවෙනුත් ආධාර කලේත් දිල්ශාන් අයියම තමයි.)
ඒ වගේම මේ පින්කම වෙනුවෙන් කැපඋන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා තුන් නමටත් මේ පින් ඒකාකාරවම හිමිවෙනව.

ඉතින් දයාබර දිල්ශාන් අයියේ ඔබ සිදුකල මේ පින්කමේ බලයෙන් ඔබට නිවන් දක්නා ජාති දක්වාම නිදුක් නිරෝගී ජීවිතයක් උරුම වේවා ... ඔබ ලබා ඇති යස ඉසුරින් පිරි ජිවිතය තව තවත් වර්ධනය වේවා. කිසිදු කලක ශාරීරිකව හෝ මානසිකව පීඩාවක් ඇති නොවේවා. මේ පින්කමට අපවත් සම්බන්ධ කරගැනිම ඔබට මේ කුසලය මහත් ඵල මහානිසංස එකක් කරාවි.
එසේම ඔබවන් දරුවෙක් මෙලෙවට බිහිකල පින්වත් දෙමාපියන්ටත් මේ පින් ඒකාකරව ලැබේවා. ඔවුන්ටද සසර පුරාවටම නිදුක් නිරෝගී සුවබර ජීවිතයක් ලබේවා. ඔබ සියලු දෙනාමට දෙව් මිනිස් සැප කෙළවර අමා මහ නිවනින් සැනසෙන්නට මේපින හේතුවාසනා වේවා ...

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා ...

.

Saturday, April 26, 2014

පින්වත් කළණ මිතුරෙක්ගේ දායකත්වයෙන් වෙසක් පුනු පොහොය වෙනුවෙන් විහාරස්ථානයක් වෙනුවෙන් නාම පුවරැවක් පූජාකල වගයි ...



අද වෙසක් පුන් පෝ දා පින්වත් කළණ මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් විහාරස්ථානයකට නාමපුවරැවක් පූජා කල වගයි ...

                                                                                                  

පින්වත් යාලුවනේ අපි පහුගියකාලෙ පින්කම් රාශියක් කලා බොහෝ දෙනෙක් දන්නව.  ඒ පිලිබදව මෙන්න මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්.






මෙවන් පින්කම් රාශියක් අපි සිදුකරගෙන යනව. ඔබත් ඒ වෙනුවෙන් දායක වෙන්න  පුලුවන්. පන්දහසකට අධික පිරිසකට දෙනුලබන වෙසක් මහ දන්සැලට  දැයක වෙන්න කැමතිනම් මා අමතන්න. 071 - 2933180.



අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍ෙම්ක.






අද වෙසක් පුන් පෝදා මේ පින්කමට දායකත්වය ලබා දුන්නේ විදෙස් රටක සේවය කරන දුලිප් දෙනවක මහතායි. බොහොම ඕනෑකමෙන් අපිට දායකත්වය ලබාදෙන්නට එතුමා කාරැණික උනා. මාකෙරේ විශ්වාසය තබමින් එතුමා විසින් රු 32,000/- ක මුදලක් මාවෙත ලබා දුන්න.  ඉන් අදාල නාම පුවරැව සදහා රු. 31,430/- ක මුදලක් වැය උනා. විහාරස්ථානයේ දායක සභාවේ සභාපතිතුමා විසින් අදාල නාම පුවරුව සදහා බට දෙකක් පරිත්‍යාග කලා. මේ නාම පුවරැවේ දිග අඩි හතරක් වන අතර පලල අඩි තුනක්.



නාම පුවරැව සදහා වියදම් පහත පරිසි වෙනව.



නාම පුවරැව නිර්මාණයට - රු. 27,000/-

වැඩ කුලී රු. 1850/-

වැසි ආවරණ තහඩුවට රු. 825/-

එල් පට්ටම් තුනට ( වහලය සදහා ) රු. 1125/-

කාල පට්ටමක් සදහා රු. 180/-

ප්‍රවාහවයට රු. 450/-



එකතුව -  රු. 31,430/-   



( ලද මුදල  - 32000/-
  විහයදම   - 31480/-

                 -------------

  ඉතිරිය -   - රු. 520/- 


 ඉතිරි මුදල චෛත්‍යරාජයක් වහන්සේ වෙනුවෙන් යොමු කලා.)



මෙහි බිල්පත් පහතික් දත්වා ඇත.



මේ පින්කම වෙනුවෙන් විහාරස්ථානයේ හාමුදුරුවරු දෙනම සමග ගිහි පින්වතුන්ද ශ්‍රමයෙන් දායක උනා. ඊට අමතරව සුලු වියදම් අපි දරාගත්ත.



ඉතින් පින්වත් දුලිප් දෙනවක මහතා ලබාදුන් දායකත්වය නිසා අද විහාරස්ථානයට අමුතු ආලෝකයක් ලැබිල. විහාරස්ථානයට ලොකු ගාම්භීරබවක් ලබාදෙන්නට මේ නාම පුවරුව සමත් උනා. පින්වත් දුලිප් මහතාණෙනි, ඔබ සිදුකලේ මහා පින්කමක්. වෙසක් පුනු පෝදා ගෞතම බුදු සසුනට පිදුන මේ නාම පුවරුවෙන් ලද ආලෝකය, ගාම්භීර බව ලෙසින්ම ඔබේ ජීවිතයත් ආලෝකමත් වේවා. ශක්තිමත් වේවා.  ඔබ පෙර භවයන්හිදී සිදුකල පින්කම්වල ආනුභාවයෙන්මේ භවයේ සාර්ථක ජීවිතයක් ගත කරනව. එලෙසින්ම මේ පින්කමේ ආනුභාවයෙන් මේ භවයේ පටන්ම නිවන් දක්නා ජාති දක්වාම ඔබට යහපත් ජීවිතයක්ම ලැබේවා. කවර කලෙකවත් නැහැයි බැහැයි කීම ඇසෙන්නටවත් නොලැබෙන තැන්වලම උපත ලබත්වා. ආයුෂ, ධනය, බලය, වර්ණය, නිරෝගී බව මෙන්ම ප්‍රඥාවෙන් අග්‍ර වේවා. කෙතරම් සම්පත් ලැබුනද කිසිකලෙක ඒවාට නොඇලී ධර්ම මාර්ගයේ ගමන් කරන්නට ඔබට ඥානය පහල වේවා.



ඔබවක් පින්වත් දරුවන් හැදූ වැඩූ පින්වත් දෙමාපියන්ටද මේ පින් ඒකාකාරවම ලැබේවා. ඔවුන්ට නිදුක් නිරෝගී සවපත් ජීවිතයක් උදාවේවා. සැපතින් සපිරි ජීවිතයක් උරුම වේවා.මෙලොව උපදින කවුරුත් ස්වභාවිකව ජාති ජරා මරන ආදියට ගොදුරුවන බව සත්‍යයක්. කෙදිනක හෝ අපිට ඒ දෙයට මුහුණ දෙන්න වෙනවා. නමුත් ශතවර්ශාධික කාලයක් උතුම් දහමින් නැගෙන දම්රස විදිමින් හරවත් ජීවිතයක් ගත කරන්නටත්. අපමණ පින් රැස් කරගන්නටත් මේ පින ‍ෙහ්තුවාසනා වේවා. යම් දිනෙක මෙලොවින් සමුගන්නට අනත් මරණයෙන් නැගෙන කටුක වේදනා පවා දුරුකරමින් ඒ පින්වත් දෙමාපියන්ට මරන මංචකය සුව යහනක්ම වේවා. නිදා සිට පිබිදියාක් මෙන්ම සුගතිගාමී වීමටත් අපමණ පින්දම් කරමින් දෙව් මිනිස් සැප කෙළවර  අමා මහ නිවන් ලැබීමට මේ පින හේතු වාසනා වේවා. ...



 පිනවත් ඔබටත් මේ පින සිදු කිරීමෙන්ද අප කෙරේ විශ්වාසය තබමින් අපත් මේ පින්කමට සම්බන්ධ කරමින්ද රැස්කල කුසල් බෙලෙන් දෙව් මිනිස් සැප කෙළවර  අමා මහ නිවන් ලැබීමට මේ පින හේතු වාසනා වේවා. ...



මේ පින්කමට අදාල ඡායාරූප මෙන්ම බිල්පත් පහත පලවන අතර මේ පින්කමට අදාල සියලු කටයුතු මින් අවසන් වන බව දන්වා සිටිමි.



‍අනන්ත බුදුගුණ බෙලෙන් තුන් ලොවම සැනසේවා ...

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා ....


.
කලින් තිබූ නාම පුවරුව


නාම පුවරු රැගෙන ආ අවස්ථාව


ගරු ස්වාමීන් වහස්සේලාගේ දායකත්වය ලැබුන මොහොහත



සවිකල නාම පුවරුව ඈතට පෙනෙන අයුරු






 වියදම් දැරූ බිල්පත්.





Monday, March 17, 2014

පින්වත් කළණ මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් පුරාණ විහාරස්ථානයක අභිනවයෙන් ඉදිවන සතරමහා දේවාලයකටය රු. 75,000/= ක් පරිත්‍යාගකල වගයි.





පින්වත් යාලුවනේ අපි පහුගියකාලෙ පින්කම් රාශියක් කලා බොහෝ දෙනෙක් දන්නව.  ඒ පිලිබදව මෙන්න මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්.


මෙවන් පින්කම් රාශියක් අපි සිදුකරගෙන යනව. ඔබත් ඒ වෙනුවෙන් දායක වෙන්න  පුලුවන්. පන්දහසකට අධික පිරිසකට දෙනුලබන වෙසක් මහ දන්සැලට  දැයක වෙන්න කැමතිනම් මා අමතන්න. 071 - 2933180.

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍ෙම්ක.


මේ පින්කම වෙනුවෙන්  දායකත්වය ලබාදුන්නේ 

රුවන් එස්. ජයසිංහ මහතා   (රු. 10,000/=)
ශානිකා කල්පනී මහක්මිය  (රු. 25,000/=)
කණිෂ්ක දයාරත්න  මහතා (රු. 2300/=)
පේෂලීද සිල්වා මෙනෙවිය (රු. 1000/=)

මෙහි එකතුව රු. 38,300/-ක් වෙනවා.  ඉතිරි  රු. 36,700/-  නම සදහන් කිරීමට අකමැති වූ  පින්වත් සොයුරු සොයුරියන් විසින් ස්වාමීන් වහන්සේගේ ගිනුමට බැරකර තිබුන. සමහර පින්වතුන් මුදල් ඇණවුම් මගින්ද  මුදල් එවා තිබුන.

ඉතින් පින්වත් යාලුවනේ මේ සතර මහා දේවාලවල දෙවියන් ලෙස සටහන් වෙන්නෙ අපේ සංස්කථාකියට අදාල දෙවිවරු. කවුරු මොනව කිව්වත් දෙවියන්ගෙන් පිහිට ලබන අය ඕනි තරම් ඉන්නව. අපි යහපත් ජීවිත ගතකරනවනම් දෙවියන්ගෙ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබෙන බව බුදු හිමියන් පවා දේශනා කරල තියෙනව.

ඉතින් මෙවන් මහ පින්කමක් සිදුකරගත් ඔබ සියලු දෙනාගේ පින්වත් දෙමාපියන්ටත්, ඔබේ ආදරණීය සහකරු හෝ සහ සහකාරිටත්, පින්වත් දරුවන්ටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවා. සියලු දෙවියන්ගේ අනන්ත පිහිටාරක්ෂාව ලැබේවා. පින්වත් ඔබටත් මෙපින් බලෙන් දීර්ගායුෂ ලැබේවා. නිරන්තරයෙන් කරන වැඩ කටයුතු වලදීද, යනෙන ගමනේදීද සියලු දෙවියන්ගේ රැකවරණය ලැ‍බේවා.

මම එරන්ද ලක්මාල්. ( බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙනි.)




Friday, February 14, 2014

පින්වත් කළණ මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් රු. 10,000/= ක් චෛත්‍යරාජයන් වහන්සේ නමක් ඉදිකිරීමට පූජා කල වගයි ...







පින්වත් යාලුවනේ අපි පහුගියකාලෙ පින්කම් රාශියක් කලා බොහෝ දෙනෙක් දන්නව. මේ බ්ලොග් එක පුරාම තියෙන්නෙ එවැනි පින්කම්.



මෙවන් පින්කම් රාශියක් අපි සිදුකරගෙන යනව. ඔබත් ඒ වෙනුවෙන් දායක වෙන්න කැමතිනම් මා අමතන්න. 071 - 2933180.

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍ෙම්ක.






මේ පින්කම වෙනුවෙන්  දායකත්වය ලබාදුන්නේ 



පද්මිණි දේවේනද්‍ර මහත්මිය  (රු. 5000/=)

අමල් ආර්. මහගෙදර මහතා (රු. 3000/=)

නිම්මි නදී මහත්මිය (රු. 2000/=)



යන පින්වත් සොයුරු සොයුරියන් විසින්.

 චෛත්‍යරායන් වහන්සේ නමක් ඉදිකරන්නට දායක වෙන එක මහා පින්කමක්. ඒක අටමහ කුසල් වලින් එකක්. ආනන්තරිය පාපකර්ම හැර අන් සියලු අකුසල් යටපත් කරන්න පුලුවන් තරම් මහ පිනක්. ඒ විතරක් නෙවෙයි සදා පින්වැ‍ඩෙන පින්කමක්. අපි මියගියත් හැමදාම පින් ජනිතවෙනව. මොකද මේ චෛත්‍යයට හැමදාම මල් පූජ කෙරෙන නිසා. ඊලගට අනාගත වංශ දේශනාවෙ මෙන්න මෙහෙම සදහන් වෙනව.



මෛත්‍රී බුදුන් දකින්නෝ කවරහුද යත් ... ... තවද ඒ මෛත්‍රී සර්වඥයන් වහන්සේ දකින්නෝ කවරහුද යත්? පන්සිල් රැක්කාහුද දස කුසල්වල යෙදුනෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය දාගැබ් කරවූවෝද දාතු කරඩු පිදුවෝද දාන ශාලා තැනුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. එහෙනම් මේ කරල තියෙන්නෙ මෛත්‍රීය බුදුන් දැක නිවන් දකින් පින්කමක්.



ගෞතම බුදුරජාණන් වහන්සේට කලින් ලොව පහළවී වදාළ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් පිහිටුවා එකල විසූ සැදැහැවත්හු යොදුනක්‌ උස ස්‌වර්ණ චෛත්‍යයක්‌ කරවූහ. ඒ චෛත්‍යයට පිරිවර සහිතව පැමිණ රජතුමා හා නුවර වැස්‌සෝ ද දිනපතා මල් ගෙන ගොස්‌ පිදූහ. එබැවින් මල් දුර්ලභ විය. එක්‌ දිනක්‌ උපාසකයෙක්‌ මල් සෙවීමට මාලාකාර වීථියෙහි ඇවිද එක්‌ කහවණුවකට එක බැගිනුදු මල් සොයාගත නොහැකිව කහවණු අටක්‌ද රැගෙන මල් වත්තකට ගියේය. එහි ගොස්‌ මේ කහවණු අටට මල් අටක්‌ හෝ ඉල්ලීය. මල් සියල්ල නෙලා දී අවසන් යෑයි මල්කරු කීය. උපාසක තෙමේ මල් ඉතිරි වී ඇත්නම් මම සොයා ගන්නෙමියි කීය. එසේ නම් උයනෙහි ඇවිද සොයාගන්න යෑයි මල්කරු කීය. උපාසක තැන උයනට පිවිස මල් සොයමින් ඇවිදින විට බිම වැටී තිබූ මල් අටක්‌ ලැබ ඒවා මල්කරු වෙත ගෙනැවිත් ඔහුට කහවණු අට ගන්නැයි කීය. "මේ මල් ලැබී ඇත්තේ ඔබේ පිනෙනි. ඒ නිසා මේවාට මම මුදලක්‌ නොගනිමියි මල්කරු කීය. "මම නොමිලයේ මල් ගෙන භාග්‍යවතුන් වහන්සේට නොපුදමියි" කියා උපාසක තැන කහවණු අට මල්කරු ඉදිරියේ තබා මල් රැගෙන ගොස්‌ සැදැහයෙන් චෛත්‍යයට පිදීය. උපාසක ඒ පිනෙන් මරණින් මතු තව්තිසා දෙව්ලොව ඉපදින.



දිනක්‌ මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලොව චාරිකාවේ හැසිරෙන සේක්‌ මහත් වූ ශ්වේත හස්‌තිරාජයකු පිට නැගී අප්සරාවන් පිරිවරා දිශාවන් ආලෝකවත් කරමින් දිව්‍යානුභාවයෙන් අහසෙහි ගමන් කරන ඒ දෙවියා දැක ඔහු වෙත වැඩම කළ සේක. දෙව්පුත් තෙරුන් වහන්සේ දැක ඇතු පිටින් බැස උන්වහන්සේට වැඳ සිටි සේක. එකල්හි තෙරුන් වහන්සේ දෙව්පුත් අමතා "තොප මේ සම්පත්තිය ලැබූයේ අතීතයේ කිනම් කුශලයකින්දැයි විමසා සිටි සේක.



හිමියනි, මම අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ස්‌ථූපයට නටුවෙන් ගිලිහුණු මල් අටක්‌ පහන් සිතින් පිදුවෙමි. මාගේ මේ කාන්තිමත් ශරීර වර්ණය ඒ පිනෙන් ඇතිවිය. මාගේ මේ දිව්‍ය සම්පත්තිය ඒපිනෙන් ඇතිවූවකි. සිතට ප්‍රිය වූ අනල්ප දිව්‍යභෝජනාදී වස්‌තු මට ඒ පිනෙන් පහළවන්නේ යෑයි කීය.



මල් ජනයාගේ නෙත් සිත් පිනවන ශෝභාවක්‌ හා සුගන්ධයක්‌ ද ඇත්තා වූ දෙයකි. මල් පිදීමේ පිනෙන් විශේෂයෙන් උපනුපන් ජාතිවලදී රූප ශෝභාව ඇති වේ. උපනුපන් තැන බොහෝ දෙනාට ප්‍රිය පුද්ගලයකු වීමට ද මල් පූජාව විශේෂයෙන් හේතු වේ. මල් පිදීමේ පිනෙන් දුටු දුටුවන් වශී වන රූප සම්පත්තියක්‌ හිමිවේ. ස්‌වර්ණතිලකාවට දුටු දුටු පුද්ගලයන් උමතු කරවන රූප ශෝභාවක්‌ හිමි වූයේ ද මල් පිදීමේ අනුහසිනි.



සුළුගුලු උපාසක යනු මලියමහාදේව නම් වූ රහතන් වහන්සේගේ ආධාරයෙන් පණ තිබියදීම තව්තිසා දෙව්ලොව සැරිසැරීමට අවස්‌ථාව ලැබුණු අයෙකි. දෙව් ලොවදී ඔහුට විවිධ සම්පත් ඇති බොහෝ දෙවිවරු දැසින්ම දැක ගත හැකි විය. උපාසකතුමා සිළුමිණි සෑය අසල සිටින විට රක්‌ත වර්ණ වස්‌ත්‍රාභරණයෙන් සැරසි රක්‌ත වර්ණ අශ්වයන් යෙදූ රථයකින් එක්‌ දෙවි කෙනෙක්‌ එහි පැමිණියේය. රක්‌ත වර්ණයෙන් සැරසුණු සුරංගනාවෝ රක්‌ත වර්ණ චාමර ගෙන පවන් සලති. මෙසේ නොයෙක්‌ ආකාරයේ දේවානුභාවයෙන් මහත් වූ ඓශ්චර්යයෙන් හැසිරෙන ඒ දෙවියා දැක උපාසක තැන හිමියනි, මෙබඳු සම්පත්තියක්‌ ඇත්තකු මින් පෙර මා කිසි දිනක දැක නැත. මේ සම්පත්තිය ලැබී ඇත්තේ කිනම් පිනකින් දැයි ඇසීය.



එවිට තෙරුන් වහන්සේ කියන්නේ උපාසකය, මොහු පෙර ජාතියේ ෙච්තිය විහාරය අසල ගමක ගොපලු දරුවෙක්‌ව සිටියේය. දිනක්‌ අනෙක්‌ ගොපලු දරුවන් සමඟ ගවයන්ට තණ කෑමට හැර වැලි තලාවක ක්‍රීඩා කරමින් වැලි එකතු කොට සෑයක්‌ තනවා රත්මල් වනයට පිවිස බොහෝ මල් නෙලා ගෙනවිත් එම සෑයට පුදා මල් වියළී නොයනු පිණිස අතු කඩා ගෙනවිත් ආවරණයක්‌ කොට සිත පහදා සවස ගවයන් රැගෙන නිවසට ගියේය. එදින රාත්‍රියේ හටගත් ආබාධයකින් මියගොස්‌ දෙව්ලොව උපන්නේය. මේ ඒ මල් පූජාවෙන් ඔහු ලද සම්පත්තියයි වදාළ සේක.



සකුලා තෙරණිය කාශ්‍යප බුදුරජුන් පිරිනිවීමෙන් පසු උන් වහන්සේගේ චෛත්‍යට එක් රැයක් එක් පහනක් පුදා පහත සදහන් ආනිසංශ ලැබූ බව ථේරී අපදානයේ දැක්වේ,



1.හැම තැනම ප්‍රදීප දැල්වේ.

2.දිවැස් ලැබේ,(දිව්‍යමය ඇස්)

3.තීක්ෂණ නුවණ ලැබේ.

4.යසසින් දිලිසෙත්

5.ශ්‍රද්ධාව හා ප්‍රඥාව මනාව පිහිටත්

6.උසස් කුල සම්පත් ඇත්තෙකු වේ.



මෙයින් සිවු අනූවන කපෙහි සිද්ධාර්ථ තථාගතයන් වහන්සේ ගේ චෛත්‍යයෙහි පැලී තිබූ තැන් බදාම ලා සංස්කරණය කළ සැදැහැවතෙක් ඒ පිනෙන් සිවු අනූ කපක් දෙවු මිනිස් සැප විඳ අප බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි පැවිදිව සියලු කෙලෙසුන් නසා, රහත්ව සංසාරය කෙළවර කළේය. බදාම පිඬක් ලෑමේ පිනෙන් සම්පත් ලද බැවින් උන්වහන්සේ සුධා පිණ්ඩියයන නමින් ද හඳුන්වන ලදහ.



මෙවන් මහ පින්කමක් කල  පින්වත් ඔබවන් දරුවන් බිහිකල දයාබර දෙමාපියන්ට නිදුක් නිරෝගී කාලයක් උදාවේවා. දීර්ඝායුෂ ලැබේවා. ඔවුන් මිය පරලොව ගිහින් ඇත්නම් මෙපින් බලෙන් සැපවත් ජීවිතයකට මග පෑදේවා. ඔබේ ස්වාමියන්, බිරින්දෑවරුන්ටත් මේ පින් ලැබේවා. ඔවුන් සැපවත් ජීවිතයක් ගතකෙරේවා. ඔපේ දරුවන්ගේ ජීවිතය වාසනාවන්ත වේවා. විශේෂයෙන් ඔවුන්ගේ අධ්‍යාපනික කටයුතු සාර්ථක වේවා.

             මේ පින්කම සිදුකල ඔබටත් සියලු සම්පත් යස ඉසුරු වර්ධනය වේවා. ඔබේ රැකියා කටයුතු අතිශයින් සාර්ථක වේවා. නිවන් දකිනා තාක් කල් නැහැ බැහැ කියන වචනයක් අසන්නටවත් නොලැබේවා. ඔබ පතන බෝධියෙන් නිවන් දකින්නට මේපින් හේතු වාසනා වේවා ...



මෙවන් මහ පින්කමකට ඔබත් දායක වන්න. මා අමතන්න. 071 2933180.



මම එරන්ද ලක්මාල්. ( බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙනි.)

 



Thursday, February 13, 2014

පින්වත් කළණ මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් රු. 68,000/= ක් වටිනා පාවහන් පාසැල් දූ දරුවන්ට බෙදාදුන් වගයි.




පින්වත් යාලුවනේ අපි පහුගියකාලෙ පින්කම් රාශියක් කලා බොහෝ දෙනෙක් දන්නව.  ඒ පිලිබදව අපේ බ්ලොග් එක සම්පූර්ණ විස්තර තියෙනව.

මෙවන් පින්කම් රාශියක් අපි සිදුකරගෙන යනව. ඔබත් ඒ වෙනුවෙන් දායක වෙන්න කැමතිනම් මා අමතන්න. 071 - 2933180.



ඉතින් අපි වැඩිදුරටත් මේ පින්කම් සිදුකරල මේ සසුන වෙනුවෙන් රැකවරණයක් සැදිය යුතුයි. ඒ නිසා අපි සංවිධානයක් විදිහට එක්වෙන්න කල්පනා කලා. සංවිධාන මොනතරම් තිබුනත් ප්‍රායෝගිකව වැඩකරන්නෙ සංවිධාන කිහිපයයි. එයිනුත් සසුන වෙනුවෙන් යමක් කෙරෙනවනම් අතලොස්සක් පමණයි. දැනට අපි කිහිපදෙනෙක් සංවිධානයට අදාල වැඩ කටයුතු සිදුකරගෙන යනව. ඉතින් වෙබ් සයිට් එකක් කරන්නත් කටයුතු සැලසුම් කලා. දැනට වැඩ ආරම්භ කරලයි තියෙන්නෙ. අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍ෙම්ක.






පින්වත් යහලුවනේ අපි විහාරස්ථාන වලට වගේම දිලිදු පාසැල් දරුවන්ටත් හැකි අයුරින් උදව් උපකාර කරනව. අද අපි එවන් මහ පින්කමක් කලා. කුරුණෑගල බෝයගනේ බෝගමුව මහා විද්‍යාලයේ ආර්ථික අපහසුකම් ඇති දුවා දරුවන්ට රු. 68,000/= ක් වටිනා පාවහන් ප්‍රදානය කලා.



මේ සදහා දායකත්වය ලබාදුන්නෙ මෙන්න මේ අපේ යහලුවන්.



01. ක්‍රිශාන්ති සමරතුංග මිය - රු. 24,900.00

02. කල්පන අතුරුගිරිය. - රු. 6,400.00

03. අමන්දි ඉසුරිකා මිය - රු.5000.00

04. තනුජ විජේසිංහ මයා - රු. 5000.00

05. නිරෝ සත්කුමාර - රු.5000.00

06. *************- රු. 5000.00

07. ************ - රු. 5000.00

08. ජයනාත් කුමාර - රු.4275.00

09. රාධිකා ප්‍රනාන්දු මිය. රු. 2000.00

10. නදීශා රණවක මිය රු. 1000.00

11.සංජය ජයරත්න මයා. රු.500.00

12. නිපුණ අබේකෝන් මයා - 500.00

13.මදූ මංචනායක මිය රු. 3000.00

            එකතුව - රු. 65575.00





මීට අමතරව තවත් පින්වත් යාලුවෙක් අපිට සපත්තු ජෝඩු 07ක් ලබා දුන්න. ඒ සපත්තු දුන්න කෙනයි ඔය තරු ලකුනින් සටහන් වෙලා ඉන්න දෙන්නයි එයාලගෙ නම් සදහන් කරල නැහැ. කරුණාකර ඒ ඔබනම් මුදල් එවූ දිනය සමග මට පොඩි මැසේජ් එකක් දාන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනව.



ඉතින් පින්වත් යහලුවනේ මේ සිදුකලේ බුද්ධ පූජාවක්. බුදුහාමුදුරුවො තමයි දානයේ ආනිසංශ අපිට කියල දුන්නෙ. ඉතින් ඒ බුද්ධ වචනයට ගරැකරමින් තමයි අපි මේ පූජාව සිදුකලේ. ඉතින් මේ පින්කම සිදුකරන්නට මූල්‍ය දායකත්වය ලබාදුන් ඔබවන් පින්වත් දරුවන් බිහිකල ඒ උතුම් දෙමාපියන්ට මේ පින් ලැබී දීර්ඝායුස ලැබේවා. ඔවුන් මිය පරලොව ගිහින් ඇත්නම් මේ පින් බලෙන් සැපතින් සැපතටම පත්වේවා. අත්වැරදීමකින් වත් යම් කිසි අභව්‍ය ස්ථානයක සිටීනම් ඉන් මිදී සුගතාගාමි වේව‍ා. ඔබේ දරුවන්ටද සොයුරු සොයුරියන්ටද ඥාතීන්ටත් ඉතා හොදින් අධපාන කටයුතු කරගෙන යාමට මේ පින් හේතුවාසනා වේවා. මේ පින්කමට දායක වූ ඔබටත් මතක ශක්තිය, ධාරණ ශක්තිය, වර්ධනය වී ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා. උපන් හැම භවයකම ඉහලම බුද්ධි මට්ටම්වල වැජඹෙමින් සියලු ඉගෙනීම් කටයතු ඉහලින්ම සාර්ථක කරගන්නට හැකියාව ලැබේවා. කෙළවර මෙපින් බෙලෙන් චතරාර්ය සත්‍යය අවබෝධය තුලින් පතන බෝධියෙන් උතුම් නිවන් මග අවබෝධයට හේතුවාසනා වේවා ...



මේ පිනට ඔබ වෙනුවෙන් දායක වීමෙන් ලබන අප්‍රමාණ පුණ්‍යස්කන්ධයෝ මෙවන් පින්කම් වැඩි වැඩියෙන් සිදුකිරීමට ශක්තිය ලබා දේවා ... ගෞතම සාම සංදේශය ලෝපුරා ගෙනයමින් සත්වග සිත් දුක්ගිනි සිදලන්නට හැකියාව ලැබේවා ... මා පතන බෝධියෙන් උතුම් නිවන් මගට පිවිසෙමින් ලෝ සත දුකින් මුදවාලන්නට මේ පින් හේතුවාසනා වේවා ...



ඔබත් මෙවන් පින්කමක් සිදුකරන්නට කැමතිනම් මා අමතන්න. 071 2933180



බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා ...


.