රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Friday, March 13, 2015

මාවනැල්ල නීග්‍රෝධාරාමයේ ධර්මශාලාව ගොඩනැගීම සදහා රු 50,000/- ක් ගෞතම බුදුසසුනට පූජාකල වගයි ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
www.sasuna.blogspot.com

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක .
www.facebook.com/buddhist.foundation

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනමේ ක්‍රියාකාරී නිලධාරිනියක් වන පින්වත් සොහොයුරියකගේ දායකත්වයෙන් මාවනැල්ල නීග්‍රෝධාරාමයට අද අපි රු 50,000/- ක් පරිත්‍යාග කලා. පින්වත් අපේ සොහොයුරිය නම සදහන් කිරීමට අකමැති නිසා අපි එතුමියගේ නම සදහන් නොකර ඉන්නව. හදිසියේ ඔවුන්ගෙන් වෙන් වූ දයාබර ස්වාමි පුරුෂයාට පින් පැමිණවීමත්, සිය එකම පුතුගේ අධාපන කටයුතු සාර්ථක කරගැනීමත්, බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනමේ ලෝක ශාසනික සේවාවාන් වඩ වඩාත් දියුනුවේවායි ප්‍රාර්ථනා කරමින් අදාල මුදල් පරිත්‍යාග සිදුකලා. විහාරාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය කහවන්දල කස්සප අපේ පූජණීය ස්වාමීන් වහන්සේ විහාරස්ථ දායක සභාව වෙනුවෙන් එම මුදල් භාරගනු ලැබුවා.

පින්වත් යාලුවනේ මේක සුලු පින්කමක් නෙවෙයි. අටමහ කුදල්වලට අයත් පින්කමක්. මේ බලන්නකෝ.

කඨිනට්ඨ පරික්ඛාරං
වාසදානංච උත්තමං
බුද්ධ පමුඛ සංඝස්ස
දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානං ච බුද්ධස්ස
පටිමා කාරණං පිච
කරණං වච්චකුටියා
අට්ඨ පුඤ්ඤාති චුච්චරේ (කඨින විනිශ්චය)

ඉහත ගාථාවේ සඳහන් වන පරිදි අට මහ කුසල් වන්නේ, 1. කඨින දානය, 2. අටපිරිකර පූජාව, 3. ආවාස සාදා පූජා කිරීම, 4. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දීම, 5. ධර්මය ලිවීම, 6. කෙත්වතු පිදීම, 7. බුද්ධ ප්‍රතිමා කරවීම, 8. වැසිකිලි කැසිකිළි සෑදීම යන පූජාවන් ය.

පින්වත් යාලුවනේ අටමහා කුසල් කියන්නෙ ආනන්තරි පාපකර්ම හැර අනිත් සියලු අකුසල් යටපත් කරන්න පුලුවන් තරම් මහත්ඵල මහානිසංශ ලබාදෙන පින්කම්.


වරක් බුදුහිමියන් වහන්සේ මෙහෙම දේශනා කලා

ආරාමරොපා වනරොපා - යෙ ජනා සෙතුකාරකා
පපංච උදපානං ච - යෙ දදන්ති උපස්සයං
තෙසං දිවා ච රත්තො ච - සදා පුඤ්ඤං පවඩ්ඪති
ධම්මට්ඨං සීලසම්පන්නා - තෙ ජනා සග්ගගාමිනො

- සංයුත්තනිකාය

යම් කෙනෙකු අන්‍යයන්ගේ ප්‍රයෝජනය සඳහා මල් පල ආදියෙන් යුත් ආරාමයන් = උයන් වවත් ද, සෙවණ පිණිස ගස් වවත් ද, ඒ දඬු පාලම් කරවත් ද, ළිං පොකුණු ආවාස හා විශ්‍රාම ශාලා කරවත් ද, එබඳු සත්පුරුෂයනට හැමදා දිවා රෑ දෙකෙහි පින් වැඩේ, පින් පිරේයි බුදුරජාණන් වහන්සේ වදාළ හ.

දුකසේ වෙහෙස මහන්සි වී උපයා සපයා ගත් ධනය මහසඟරුවන විශයෙහි කැප කරමින්, “සියල්ල දුන්නාක් වැනි යැයි” බුදු රජුන් විසින් ම වදාළ සේනාසන පූජාව, මෙසේ නිවන් අරමුණු කරගනිමින් සිදු කරගන්නට හැකි වීම අතිශයින් විශ්මිත පුණ්‍ය කර්මයකි. සිල්වතුන් වහන්සේලා ගුණවතුන් වහන්සේලා මෙම කුටි පරිහරණය කරන වාරයක් පාසා, මේවාගේ වැඩ වෙසෙමින් ගුණදම් වඩන වාරයක් පාසා, මෙම කුටි තනවා පූජා කළ සැදැහැවත් පින්වතුනට දිවා රෑ පින් වැඩෙන්නේ ය..

යහලුවනේ අපදාන පාලියේ 499 වන අපදානයේ දසහන් වන පරිදි නළ කුටිදායක හිමි පෙර නාරද බුදුරජාණන් වහන්සේට බට දඩුවලින් කුටියක් කොට පූජා කල පිනෙන් තිස් හතර වතාවක් සක්විති රජ විය. අවසානයේ නිවන් සැපද ලැබුවාහුය.

ආපදාන පාලියේ 345වන අපදානයේ දසහන් වන පරිදි නළාගාරික හිමි නාරද බුදුහිමිට බටකිළියක් කොට ඒ මත තෘණ අතුරා පිදූ පිනෙන් කල්ප දාහතරක් දෙව්ලොව සැප වින්දා. හැත්තෑ හතර වතාවක් සක්විති රජ විය. අවසානයේ සිව් පිළිසිඹියාපත් සහිතව රහත් බවද ලැබුවාහුය.

ආපදාන පාලියේ 337වන අපදානයේ තුණකුයිදායක හිමි මීට කල් අනූ එකකට පෙර දාසයෙක්ව ඉපිද සිටියදී දිනක් කැලයට ගිය විටදී ලී ගෑලි හයක් ගෙන දෙක දෙක කතිර බැද ඒ මත තෘණ අතුරා කුටියක් කොට සංඝයාට පිදූ පිනෙන්

  1. තව්තිසා දෙව්ලොව විමනක් පහළ විය

  2. උපනූපන් තැන සිතේ හැටියට ප්‍රසාද පහළ විය

  3. බිය, තැතිගැනීම්, ලොමු දැහැගැනිවීම් සිදු නොවීය

  4. සිංහ, ව්‍යාඝ්‍ර, වළස් වෘක, කරබානා වළස් ආදී සත්න් තමා යනවිට මාර්ගයෙන් ඉවත් වීම

  5. සර්ප, භූත, නාග, රකුස් ආදීන් තමන් යනවිට මගින් ඉවත්වීම

 

කුටි සෙනෙසුන්, ධර්මශාලා ආදිය සියල්ල මේ පින්කම්වලට අයත්වෙනව.

ඉතින් මෙවන් මහ පින්කමක් සිදුකල දයාබර සොහොයුරියේ, මෙපින් බලේන අප අතරින් වියෝ වූ දයාබර සැමියාට මේ පින් හිමි වේවා. ඒ තුලින් එතුමා අත්වැරදීමකින් හෝ දුක්ඛිත ස්ථානයක සිටීනම් සැපවත් තැනකට පැමිණේවා. සැපවත් තැනක සිටීනම් ඒ සැප වඩා වර්ධනය වේවා. නිවන් දක්නා ජාති දක්වාම අකල් මරණ වලට ගොදුරු නොවී දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිවනින් සැනසේවා.

දයාබර පුතු ඇතුලු ඔපත් පවුලේ සැමටත් මේ පින් හිමිවේවා. ඔබ කරන සියලු රැකියා කටයුතුත් කිරීමට බලාපොරොත්තු වන සියලු ව්‍යාපාර කටයුතුත් ඒකාන්තයේනම සාර්ථක වේවා. මී වදයට අදෙනා බඹරුන් මෙන් මහ පිරිවර ලැබී සියලු ව්‍යාපාර කටයුතුසිය දහස් වාරයක්ම සාර්ථක වේවා. පුංචි පුතුගේ අධාපන හා බාහිර යහපත් ක්‍රියාකාරකම් සාර්ථක වේවා. ඔබ සියලු දෙනාට හැම භවයකම  නැහැයි බැහැයි නොකියන මහා පුණ්‍ය උත්පත්තිම ලැබේවා. ලක්ෂ ගණනින් ධන සම්පත් ලැබේවා. ධනයත්, පොහොසත් බවත් සමග සිත නිරුත්සාහයෙන්ම ධර්මයටම යොමු වේවා. සැම විටම දාන ශීල භාවනා යන ත්‍රිවිධ පුන්‍ය ක්‍රියාවේම නිරත වන්නට සිත් පහල වේවා. කිසි කලෙක දාන වස්තූන්ගේ හිගයක් නොවේවා. සතර වරම් දෙවිවරු සතර වටින් ඔපට ආරක්ෂාව සලසත්වා. කෙලවර අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසල් හේතුවාසනා වේවා.

අප ගෙනයන ලෝක ශාසනික සේවාව තව තවත් වර්ධනය කරගැනීමට මේ පින් හේතුවාසනා වේවා.








Wednesday, March 11, 2015

පින්වත් කළණ මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් කුරුළණෑගල මහ රෝහලට රෝද පුටු තුනක් පරිත්‍යාග කල වගයි ...


එන්න අපේ වෙබ්අඩවියට

www.ifbcnet.org

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍ෙම්ක.

www.facebook.com/buddhist.foundation

2015 මාර්තු මස 11 වැනිදා ( අද දින ) කුරුණෑගල මහ රෝහලට රෝද පුටු තුනක් පරිත්‍යාග කලා. මේ වෙනුවෙන් මිතුරන් දෙදෙනෙකු හා පින්වත් මිතුරියක් මුදල් එවා තිබූ අතර තවත් පින්වත් මිතුරියක් රෝද පුටුවක් ලබාදුන්නා.

ජනක පී ලියනගේ මහතා පින්කම් දෙකක් වෙනුවෙන් රු 22,000/- ක් එවා තිබූ අතර ඉන් රු 11,000/-ක් මේ පින්කම වෙනුවෙන් වෙන් කලා.

එම්.ටී.එල්.පී පෙරේරා මහතා වෙනුවෙන් අමල් ආර් මහගෙදර මහතා විසින් පින්කම් දෙකක් සදහා එවූ රු 15,000/- ක මුදලින්  රු 11,000/- ක් මේ වෙනුවෙන් වෙන් කලා.

ලේක්හවුස් ආයතනයේ සංස්කාරක වරියක ලෙස කටයුතු කරන අයන්ති විතාන මහත්මිය රු 1000/-

ඊට අමතරව වෙනූෂා පොතුහැර පින්වත් සොයුරිය විසින් රෝදපුටුවක් පරිත්‍යාග කලා.

මේ අනුව මේ පින්කම වෙනුවෙන් වෙන් කල මුදල රු 23,000/-ක් උනා. රෝද පුටු දෙක වෙනුවෙන් වැයවූ මුදල රු 22,000/-ක් වෙනව. රෝද පුටු රැගෙන ඒමේ වියදම රු 750/- ක් වුනා.

වෙන්කල මුදල  11,000.00 + 11,000.00 + 1,000/- = රු 23,000.00

වැය වූ මුදල 22,000.00 + 750.00 = 22750.00

ඉතිරි මුදල = රු 250.00

ඉතිරි රු 250.00 චෛත්‍ය පින්තාරු කිරීමේ පින්කම වෙනුවෙන් වෙන් කලා.

රෝද පුටු පරිත්‍යාග කිරීම මහා පින්කමක්. මේ බලන්න.

පින්වත් යාලුවනේ අද මේ සිදුකලේ සුවිශාල පින්කමක්. මේ අසරණ සීය හදිසි අනතුරක් නිසා නිසි පරිදි ඇවිදගන්න බැරි තත්වයක ඉන්නෙ. සීයගෙ දුවගෙ මහත්තය එයාලව දාල ගිහින්. මුණුබුරාගෙත් කකුලක් හදිස්සි අනතුරක් නිසා කපල තියෙන්නෙ. ඉතින් ජීවත් වීම සදහා ඉල්ලගෙන කෑම සිදුකරන අතර තුරයි මා මිතුරු ආනන්ද අයියා විසින් මේ පණිවිඩය මට ලබා දුන්නෙ. කොහොම නමුත් අපි අද ‍ඒ කටයුත්ත සිදුකොට හමාරයි.

සැරයටි, කිහිලිකරු, රෝද පුටු පූජා කිරීමේ අනුසස් හයක් බුදු දහමේ සදහන් වෙනව

පුත්තා මය්හං බහු හොන්තී – තාසෝ මය්හං න විජ්ජති
අප්පසය්හෝ සදා හෝමි - සබ්බාරක්ඛේහි රක්ඛිතෝ
ඛලිතම්පි න ජානාමි – අහන්තං මානසං මම

1. සෑම ආත්මභාවයකදීම යහපත් කීකරු දරුවන් ලැබීම.

2. කවර කරුණක් නිසාවත් තැතිගැනිමක් ඇති නොවීම.

3. සතුරන් විසින් සිදුකරනු ලබන විපත්තිවලින් වුවද තමන්ට හොඳක්ම වීම.

4. පින විසින් ම තමා ආරක්ෂා කිරීම.

5. තමන්ගෙන් තව කෙනෙකුට වරදක් නොවීම.

6. සිතේ පසුතැවිලි ගති ඇති නොවීම.

 

මීට අමතරව ඔබට කිසිම කලෙක අතුරු ආන්තරාවක් වෙන්නෙ නැහැ. හැම විටම ඔබට සිදුවන අනතුරු වලින් ආරක්ෂා වෙනව. විශේෂයෙන්ම රෝහලකට රෝද පුටුවක් පරිත්‍යාග කරනව කියන්නෙ කියල නිම කරන්න බැරි තරම් මහ පින්කමක්. ඔය රෝද පුටු කැඩිල බිදිල යන අවස්ථාව දක්වා කීදෙනෙක් නම් ලෙඩ්ඩ ඔය පුටු මත එහාට මෙහාට යයිද? ඉතින් ඒ අයට සිදුවන්නෙ මහා සේවයක්. රෝද පුටුවෙ රෝදයක් කැරකෙන වාරයක් පාසා ඔබට මොන තරම් නම් පින්කමක් සිදුවෙනවද කිව්වෙත් ඔබට රන් දෝලා පහල වෙන්න තරම් මහා පින්කමක් මේක.
මේ වෙනුවෙන් මුදල් ලබාදුන් එම්.ටී.එල්.පී පෙරේරා මහතා මහත්මයාණෙනි, ඔබතුමා මගේ කටහඩ පවා අහල අත්තෙ වරක් දෙවරක් පමණයි. ඒත් මාව විශ්වාස කල ඔබතුමා අදවන විට කොපමණ මුදල් ප්‍රමාණයක් ලබාදුන්නද කියල මතකයක් නැති තරම්. ඒ තරමට ඔබතුමා නොමසුරුව පමණක් නොවෙයි. ක්ෂණිකව පින්කම් වලට සම්බන්ධ වෙනව. එක් අවස්ථාවක විහාරස්ථානයකට නිදන ඇදන් තුනක් ලබාදෙන්නට ඔබතුමා ක්ෂණිකව මුදල් වෙන් කලා. පුංචි මුදලක් නෙවෙයි. රු 50,000.000 ක්. ඉතින් ඔබතුමා අදත් සිදුකලේ මහා පින්කමක් මෙ පින් බලෙන් ඔබතුමාට ඉහත ආනිසංස නිකම්ම ලැබෙනව.  ඊට අමතරම මම ඔබතුමාට තෙුරන් සරණ පතනව. සියලු කටයුතු අතිශයින් සාර්ථක වේවා. වැඩි වැඩියෙන් පින්කම් කිරීමට වැඩි වැඩියෙන් මුදල් ලැබේවා. ධන සම්පත් සමග ආධාත්මික වර්ධනයත් ඇතිවී රහසින් වත් වරදක් කරන්නට සිත් පහල නොවේවා. සසර පුරාවටම සතර වරම් දෙවියන් සතර වටින් ආරක්ෂා කරත්වා. නිවන් දක්නා ජාති දක්වා නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නටවත් නොලැබේවා. පවුලේ සියලු දෙනාට මේ පින් ඒකාකාරවම ලැබේවා.  කෙලවර අමාමහ නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

එම්.ටී.එල්.පී පෙරේරා මහතා වෙනුවෙන් අමල් ආර් මහගෙදර මහතා විසින් අනෙක් පුටුව සදහා මුදල් පරිත්‍යාග කලා. මේ පරිත්‍යාගයේ මූලිකම අරමුණ එම්.ටී.එල්.පී පෙරේරා මහතාට විදෙස්ගත වන්නට ඇති සියලු බාධා දුරුවී නෛතික පසුබිම සැකසේවා යන්නයි.  පින්වත් අමල් මහතා  සිය කළණ මිතුරා වෙනුවෙන් සිදුකරන ප්‍රාර්ථනය ඒ අයුරින්ම ඉටුවේවා. එම්.ටී.එල්.පී පෙරේරා  මහතාණෙනි, සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් මේ වගේ අවස්ථාවක කරන්නෙ පූජා වට්ටි කරේ තියන් දෙවියන්ට බාරහාර වෙන්න යන එකයි. ඒත් බුදු දහමට අනුවනම් එය නිෂ්ඵල ක්‍රියාවක්. නමුත් පෙරේරා මහතා සිය මිතුරා සමග සිදුකලේ ඊට හාත්පසින්ම වෙනස් ක්‍රියාවක්. තමන්ට ඇති නෛතික බාධා දුරුවන්නට මහා පින්කමක් සිදු කරගත්තෙ.  වේදනා විදින ලෙඩෙක් වෙනුවෙන් සහනයක් ලබා දෙන්නට මේ සිදුකල පරිත්‍යාගය මහා ආශ්චර්යජනකයි. ඔබතුමා සිදුකල මේ පරිත්‍යාගය නිසා කී දෙනෙක් නම් ජීවිත බේරා ගනීද ? කී දෙනෙක් පහසුව ලබයිද? ඉනි ජනිතවන මහා පුන්‍යස්කන්ධයෝ ඔය රෝද පුටු කැඩිල විසික්ක කරනකල් ඔබට ගොඩනැගෙනව. ඉතින් හරියට ස්ථාවර තැන්පතුවකින් අඛණ්ඩව පොලිය ජනිතවනව වගේ. මේ පින් බලෙන් ඔබේ සියලු ප්‍රාර්ථනාවන් ඉටුවේවා. යන එන සියලු ගමන් වලට ඇති බාධාවෝ හිරුදුටු ගණදුර මෙන් විද්වංසනය වේවා. ගිනි දුටු  ඉටි මෙන් ඔබේ සියලු බාධාවෝ විනාශ වේවා.  අනන්ත බුදුගුණ සිහිපත් කරමින් අප සිදුකල මේ පින්කම බොහෝම පිරිසිදු සිතින් කල එකක්. ඉන් අපමණ ඵල ලැබේවි. සියලු කටයුතු අතිශයින් සාර්ථක වේවා. වැඩි වැඩියෙන් පින්කම් කිරීමට වැඩි වැඩියෙන් මුදල් ලැබේවා. ධන සම්පත් සමග ආධාත්මික වර්ධනයත් ඇතිවී රහසින් වත් වරදක් කරන්නට සිත් පහල නොවේවා. සසර පුරාවටම සතර වරම් දෙවියන් සතර වටින් ආරක්ෂා කරත්වා. සසර පුරාවටම අමල් මහතා වන් කළණ මිතුරන්ම මුනගැසේවා.නිවන් දක්නා ජාති දක්වා නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නටවත් නොලැබේවා. පවුලේ සියලු දෙනාට මේ පින් ඒකාකාරවම ලැබේවා. කෙලවර අමාමහ නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.


අයන්ති විතාන මහත්මියනි. ඔබතුමිය මා දුටුවේ එක් වතාවයි, කථා කලේත් ඒ අවස්ථාවේ පමණයි. එහෙත් ඔබ මාකෙරේ තැබූ විශ්වාසයට අපමණ කුසල් රැස් වෙනව. මේ පින්කම වෙනුවෙන් වැය කල මුදල් අසවලාගේ මුදල රෝද පුටුවට, අසවලාගේ මුදල ප්‍රවාහනයට කියල වෙන් කලේ නැහැ. රු 23,000/- න් 22, 750/-ක මුදලක් වෙන් කලේ සියලු වියදම් සදහායි. ඉතින් ඔබතුමිය පරිත්‍යාග කල මුදල රෝද පුටු දෙකක් වෙනුවෙන් සහ ප්‍රවාහනය වෙනුවෙන් බෙදී ගියා. ඒක ඔබතුමිය අද දින සිදුකරගත් මහා පින්කමක්. මෙව්න් මහා පින්කමක ආනිසංස කියල නිම කරන්න බැහැ. මම ඉහලින් පින්කමේ ආනිසංස දාල තියෙනව. ඊට අමතරව ඔබතුමිය සිදුකල මහ පින්කමේ බලෙයෙන් ඔබ තුමිය සිදුකරන සියලු කටයුතු සාර්ථක වේවා. පවුලේ සැමටත් මේ පින් ඒකාකාරවම ලැබේවා. ඔබතුමියගේ රැකියා හා අනෙක් සියලු කටයුතු වලට ඇති බාධාවෝ දුරුවේවා. සසර පුරාවටම සතර වරම් දෙවියන් සතර වටින් ආරක්ෂා කරත්වා. සසර පුරාවටම අමල් මහතා වන් කළණ මිතුරන්ම

 මුනගැසේවා.නිවන් දක්නා ජාති දක්වා නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නටවත් නොලැබේවා. කෙලවර අමාමහ නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

වෙනූෂා පොතුහැර පින්වත් සොයුරිය විසින් රෝද පුටුවක් මේ පරිත්‍යාගය වෙනුවෙන් ලබාදුන්නා. පින්වත් සොයුරිය විසින් පින්කම‍ේ වටිනාකම නිසි පරිදි හදුනාගෙන සිදුකල පරිත්‍යාගය වෙනුවෙන් අනන්තවත් පින් රැස්වේවා.  ඔබතුමිය මීට කලින් මා දැක නැතත් ඔබ අප කෙරේ දැකූ සහයෝගය මෙන්ම එම අව්ස්ථාවේ සහභාගි වෙමින් අපහට දැක්වූ ශක්තිය මිල කල නොහැකියි. ඉහලින් පින්කමේ ආනිසංස දාල තියෙනව. ඔබතුමියටත් ඉහත ආශිර්වාදයම අදාලයි. ඔබතුමිය සිදුකල මහ පින්කමේ බලෙයෙන් ඔබ තුමිය සිදුකරන සියලු කටයුතු සාර්ථක වේවා. පවුලේ සැමටත් මේ පින් ඒකාකාරවම ලැබේවා. ඔබතුමියගේ රැකියා හා අනෙක් සියලු කටයුතු වලට ඇති බාධාවෝ දුරුවේවා. සසර පුරාවටම සතර වරම් දෙවියන් සතර වටින් ආරක්ෂා කරත්වා. සසර පුරාවටම අමල් මහතා වන් කළණ මිතුරන්ම මුනගැසේවා.නිවන් දක්නා ජාති දක්වා නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නටවත් නොලැබේවා. කෙලවර අමාමහ නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

කාශ්‍යප බණ්ඩාර ඔලුපැලියාව මහතා විසින් තමයි අපිට මේ පින්කම සිදුකරන්නට මූලික කටයුතු සකස් කලේ. ඔහුගේ යෝජනාවක් අනුවයි මේ කටයුතු සාර්ථක කරගත්තෙ ඉතින් මේ අවස්ථාවට සහභාගි වූ එතුමාටත් වෙනූෂා පොතුහැර සොයුරියගේ පියාටත් මේ පින් ඒකාකාරවම ලැබේවා.  ඊට අමතරව අපට මේ අවස්ථාව ලබාදුන් හිතවත් හෙද සොයුරියන් ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලයටත් මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා.

මාර්තු 11 වෙනි දිනට මාගේ උපන් දිනය යෙදී තිබූ අවස්ථාවක මෙවන් මහ පින්කමක් සිදුකරගන්න ලැබීම පිලිබද මමද අතිශයින් සතුටු වන අතර පින් අනුමෝදන් වෙනව.

කෙලවර ජාතියක් ජරාවක් නැති අමා මහ නිවනින් සියලු දෙනාටම සැනසීම උදාවේවා ...


බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරව්නද ලක්මාල්ද සිල්වා'





Saturday, February 14, 2015

මුහුණුපොතේ පින්වත් කළණ මිතුරෙකුගේ දායකත්වයෙන් ආරාමයක දාන උපකරණ පිලිවෙලට අසුරා ගැනීම සදහා රු 12,250/- ක් වටිනා වානේ අල්මාරියක් ගෞතම බුදු සසුනට පූජා කල වගයි ...


පහුගිය කාලය පුරාවට ලක්ෂ 30කට ආසන්නව කරපු පින්කම් සියල්ලත්, සම්බුදු දහම ඉගෙනීමටත් එන්න අපේ වෙබ්අඩවියට

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍ෙම්ක.

පින්වත් අමල් ආර් මහගෙදර මහතා විසින් ආරාමයක පිගන්, කෝප්ප, ආදී දාන  උපකරණ පිලිවෙලට අසුරා ගැනීම සදහා රු 12,250/- ක් වටිනා වානේ අල්මාරියක් ගෞතම බුදු සසුනට පූජා කලා. පූජාව සිදු කලේ කුරුණෑගල, නැලව, විවේක වන සෙනෙසුන වෙතටයි.

අමල් මහතා විසින් රු 31,000/- ක් අප වෙත අවල තිබුන. ඉන් රු. 16 000/- ක් 18 රියන් බුදුපිළිම වහන්සේ වෙනුවෙන්ද රු 15,000/- ක් මේ වානේ අල්මාරිය වෙනුවෙන්ද පූජා කරන්නට මට කියල තිබුන. ඉතින් අල්මාරිය ගැන කිහිප තැනකින්ම බලල වෙහෙස මහන්සියෙන් හරි හොද තත්වයේ අඩු පිරිවැයක් ඇති වානේ කබඩ් එකක් තෝරගත්ත. ලංකාවෙ ප්‍රසිද්ධ ආයතන වල රු 16,000/-යි කියපු එකම කබඩ් එක සමහර තැන්වල ඊට ගොඩක් අඩුයි. ගණන් වැඩි ආයතන වලින් කියන්නෙ කොලිටිය හොද නිසා ගණන් වැඩි බව. ඒත් වර්ග දෙකම එක බව හොදට තේරෙනව. ඒ නිසා අල්මාරිය රු 12,250/- කට ලබාගත් අතර කි.මී. 8ක් 10ක් දුර සදහා රු 300/-ක් ප්‍රවාහනවයට අය කලා.

ඒ අනුව අල්මාරිය සදහා  වෙන් කල මුදල රු 15000.00
අල්මාරිය සදහා  වැය වූ මුදල -  රු 12250.00
ප්‍රවාහනයට රු 300.00
--------------------------------------------------------------
ඉතිරි මුදල ඉතිරි මුදල  =රු 2450.00

ඉන් රු 450.00 ක මුදල අමල් මහතාගේ පරිත්‍යාගයෙන් දිනපතා අප අසරණ සතුන් වෙනුවෙන් දෙන දානය වෙනුවෙන් අයින් කලා. ඉතිරි රු 2000.00 බුදුපිලිම වහන්සේ නිර්මාණයට යොමු කලා.

ඒ අනුව කලින් එවූ රු 16,000.00 ට ඉතිරි වූ රු 2000.00 එක් කල විට රු 18,000.00 ක් බුදුපිලිම වහන්සේගේ නිර්මාණ කටයුතු සදහා වෙන් කලා.

අල්මාරිය පූජා කිරීමේ පින්කමට අදාල සියලු බිල්පත්, චායා රූප, ආදී සියලු විස්තර මෙහි පහලින් බලන්න පුලුවන්.

සසුන වෙනුවෙන් සිදුවන මෙවන් පින්කම් ඉතාම දුර්ලභයි. ඊට හේතුව තමයි අලේ පින්වතුන් වැඩිදෙනෙක් උත්සාහ කරන්නෙ ආහාර දානය,  අට පිරිකර, වගේ දේවල් පූජ කරන්න. නමුත් බොහෝ දෙනෙක් නොදන්නව උනාට භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පහසුකම් සැලසීම කියන්නෙ මහත් පින්කමක්.  මේ අල්මාරිය යොදාගන්නෙ එවන් දෙයකට. මේ කුඩා ආරාමයේ නිසි පිලිවෙලට මුලුතැන් ගෙයක් නැහැ. ඉතින් සියලු පිගන් කෝප්ප ආදිය තියෙන්නෙ එකට. අලුතින් ආරාමයට එන ගිහියන් භාජනයක් අවශ්‍ය  උනහම  භික්ෂූන් වහන්සේලාගේ භාජනත් පරිහරණය කරනව. ඇත්තටම ඒක ගිහියන්ගෙ වැරැද්දක් නෙවෙයි. වෙන වෙනම තබා ගැනීමේ අපහසුව.
ඉතින් මේ ප්‍රශ්නය සංඝයා වහන්සේලාට සිදුකරන අඩුපාඩුවක් නිසා අපි සෙනෙසුන වෙනුවෙන් අල්මාරියක් පරිත්‍යාග කලානම් හොදයි කියල හිතුන. පින්වත් අමල් මහතා විසින් ඒ වගකීම ඉතාම සතුටින් බාරගත්ත. අමල් මහතා අපිට ආගන්තුකයෙක් නෙවෙයි. මීට කලින් පින්කම් කිහිපයකටම එතුමා සහභාගි උනා. ඉතින් මෙවරත් එතුමා සිය උපන්දිනය වෙනුවෙන් මහ පින්කමක් සිදුකරගත්තෙ.

ඉතින් මේ පින්කම සිදුකිරීම මගින් ආරාණ්‍යයේ භාජන  නිසි පරිදි ආරක්ෂා කරගන්නත්, අපද්‍රව්‍යවලින් කුණු දූවිලි වලින් බේරාගන්නත් පුලුවන් වේවි. ස්වාමීන්වහන්සේලාට භාවිතා කරන පිගන් කෝප්ප සදහා නිසි ගෞරවය ලැබේවි. පිරිසිදු බව රැකේවි. පිලිවෙල රැකේවි. ඒ මහා කුසල සම්පත් අමල් මහතා වෙනුවෙන් ජනිත වෙන ඒවායි.

මේ මහා පින් බලෙන් ඔබතුමාට සසර පුරාම නිවන් දක්නා ජාති දක්වාම පිලිවෙල පිලිබද ගැටලුවක් ඇති නොවේවි. නිසි කාලයේදී ඉගෙනීමත්, නිසි කාලයේදී රැකියාවත්, නිසි වයසේදී ආවාහ විවාහ කටයුත්තත්, දරුවන් ලැබීමත් ආදි මේ සියල්ල පිලිවෙලට සිදුවේවි. නිවන් දක්නා ජාති දක්වාම කුණු දූවිලි ආදියෙන් පීඩා නොවෙන්නත්, මුලු සිරුර බබලන රන්කදක් මෙන් දීප්තිමත් වන්නටත් මේ පින්කම හේතුවේවි. එසේම යන යන තැන නිසි ගරුත්වය හිමිවේවි. හැමදෙනාගේම ආදරයට, ගරුත්වයට භාජනය වේවි.  එසේම නිරන්තර ආරක්ෂාව සැලසේවි. ඔපේ චිත්ත පාරිශුද්ධිය ඇතිකරගන්න මේ පින්කම මහා අනුබලයක් ලබාදේවි. මෙවන් පින්කම් මගින් ඇතිවන පුණ්‍ය විපාක මගින් ඇතිවන ආරක්ෂාව කිසිදු දෙවියෙකුටවත්, බ්‍රහ්මයෙකුටවත්, නාගයෙකුටවත්, යක්ෂයෙකුටවත් නැති කරන්න බැහැ. බුදුරජානන් වහන්සේට කිසිවෙකුට අතක්වත් තියන්න නොහැකි උනේ ඒ මහා පුණ්‍ය ශක්තිය නිසයි. මාරයාගේ ඊතල පවා මල්ලෙති වී බුදු පාමුල වැටුනේ එවන් මහා පාරමිතා ශක්තීන් නිසයි. ඉතින් ඒ මහා අාරක්ෂාව ඔබට සසර පුරාම ලැබෙන්න මේ පින්කම හේතු වෙනව.

පින්කම වෙනුවෙන් දායකත්වය ලබාදුන් පින්වත් කළණ මිතුර. ඔබට මේ භවයේ පටන් නිවන් දක්නා ජාති දක්වා  සියලු දුක් කරදර දුරුවේවා. ඉදිරි ගමන යහපත් වේවා. සියලු රෝග පීඩාදීන් දුරුවී නිදුක් නිරෝගී ජීවිතයක් උදාවේවා. විශේෂයෙන්ම ධර්ම ඥානය ලබන්නට චිත්ත පාරිශුද්ධිය ඕනිමයි. ඕනි. ධර්මය අවබෝධ කරන්න පුලුවන් ප්‍රඥාවන්තයින්ට පමණයි. ඔබට උපදින හැම භවයකදීම මෙපින් බලෙන් චිත්ත පාරිශුද්ධිය ඇතිවී එතුලින් මහා ප්‍රඥා සම්පත්තිය පහල වේවා.  එමගින්   නිතරම නිවුනු සැනසුනු ජිවිතයක් ගෙවන්න ලැබේවි.  එසේම මේ පින් බලෙන් උපදින උපදින හැම භවයකම නැහැ බැහැ නොකියන මහේෂාක්‍ය ජීවිතයක්ම ඔබට ලැබේවා. අත දිගහැර මහ පින්කම් කරන්න පුලුවන් මහා ධනස්කන්ධයක් හිමිවේවා. කිසි කලෙක හිග නොවන මහා භාණ්ඩාගාර පහල වේවා. එසේම සිය බත්පත පවා දන්දෙන්න තරම් ධර්මයෙන් සැනහුන නිර්ලෝභී සිත් පහල වේවා. එතුලින් මහා පින්කම් කරන්නට තව තව අවස්ථාව ලැබේවා. කෙතරම් ධනයෙන් , බලයෙන්, පිරිවරෙන්, වස්තුසම්පත් වලින් පිරුනත් නිර්ලෝභී සිතිවිලිම පහල වේවා. උපදින හැම භවයකදීම සුදන ඇසුරම, කල්‍යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා. මේ භවයේ පටන්ම උපදින හැම භවයකදීම  නිවන් දක්නා ජාති දක්වාම සතර වරන් දෙවියන් සතරවටින් ඔබට ආරක්ෂාව සලසත්වා. කුරා කුහුඹුවකුගෙන් වත් කිසිදු හිංසාවක් නොවේවා. ඉතාම ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගනිමින් ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති අජරාමස සංඛාත අමා මහ නිවනින් සැනසෙන්න මේ පින්කම හේතු වාසනා වේවා ....

මේ සියලු පින්කම්වලින් එකුදු සතයක් හෝ අප අයුතු පරිභෝජනයක් සිදුකර නොමැති බවට මා සතුව ඇති හෘද සාක්ෂිය ඉතා බලවත්. ඒ සත්‍ය බලෙන් තව තවත් මෙවන් පින්කම් කිරීමට හැකියාව ලැබේවා. සම්බුද්ධ ශාසනයේත් සිංහල ජාතියේත් චිරස්ථිතිය වෙනුවෙන් ලෝක ශාසනික සේවාවන් වැඩි වැඩියෙන් කිරීමට අපිට වාසනාව ලැබේවා. කෙළවර පැතූ බෝධියෙන්ම සුවහසක් ජනසිත් නිවනින් සනසමින් නිවන් සුවයම ලැබේවා ...

මම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යාන්තර පදනම වෙනුවෙන් එරන්ද ලක්මාල්ද සිල්වා ..
බුදුන් වදාල මගයමින් අප්‍රමාන පින්කම් කරන ඔබ සියලු දෙනාට පතන බෝධියෙන් නිර්වාණ සුවයම ලැබේවා ...