රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Monday, November 16, 2015

පින්වත් කළණ මිතුරන්ගේ දායකත්වයෙන් රු 50,000/-ක වියදමින් කඨින පින්කමකදී සිවුරු පූජාවක් සිදුකල වගයි ...



පොල්ගහවෙල හොදැල්ල ජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී මේ මහා කඨින පින්කම සිදුකරනු ලැබුවා. සිනය හරියටම සදහන් කලොත් 2015/11/16 වැනිදායි.

මුදල් ලැබීම්
ජීවන් ජයනාත් මහතා රු 28,000.00
සේපාලිකා නංගී රු 10,000.00
ඉෂාර ප්‍රනාන්දු මහතා රැ10,000.00
චන්දිමා පීරිස් මහත්මිය රු 7500.00
මදුරාණි මංචනායක සොයුරිය රු 7000.00
සෝභිත වීරක්කොඩි මහතා රු 4000.00
තිළිණ විජේවර්ධන මල්ලි රු 3000.00
හිරන්. මදුසංක මහතා රු 2100.00
ඉෂාන් උදය මහතා රු 2000.00
යතින්ද්‍ර ගුණවර්ධන මහතා රු 2000.00
ප්‍රියන්කා කුරුගල අක්කා රු 2000.00
රුවන් එස් ජයසිංහ මහතා රු 1500.00
හර්ෂණී ප්‍රනාන්දු සොයුරිය රු 1000.00
------------------------------------------
මුලු ලැබීම්   රු 80100.00


වියදම්
සිව්රු  සදහා වියදම රු 45,000.00
ප්‍රවාහන වියදම රු 650.00
--------------------------------
මුලු වියදම රු 45,650.00

ඉතිරි මුදල 80,100 45,650.00 = රු 34450.00

ඉතිරි මුදල් වැඩිහිටි උපහාරය වෙනුවෙන් බැරකෙරේ.

ඉතින් යහලුවනේ කඨිනයේ මෙන්ම කඨින පූජාවට අදාලව කරන පූජාවන්හි ආනිසංස කියා නිමකරන්න බැහැ. ඒ පිලිබදව සදහන්වෙන්නේ නාගිත ථේරාපදානයේයි.  ඒ පිලිබද පංචි විස්තරයක් මේ.

01.  යම් කෙනෙක් භික්ෂූන් වහන්සේලා ට අවශ්‍ය කරන සියලු පිරිකර හැම දා ම නිරතුරු ව පූජා කිරීමෙන් ලැබෙන ආනිශංසය ත්, කඨින චීවරයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිශංස ත්, අතර සොළොස් කලාවෙන් කලාවක් නො වටින ගුණයක පරතරයක් ඇත. නැතිනම් කඨිනයක් පූජා කිරීමෙන් දහසය ගුණයෙන් ගුණයක් ප්‍රතිඵලයක් ලැබේ.
02.  ලොව ඇති උසස් ම වර්ගයේ වස්ත්‍රවලින් දෙපට සිවුරු, තනිපට සිවුරු,අඳන ආදී සිවුරුවලින් මහමෙර උස ට ගොඩ ගසා පූජා කළ ත්, කඨින පූජාවක් කිරීමෙන් ලබන ආනිශංසත් එක්ක ගත් විට දහසය පංගුවෙන් එක් කොටසක් තරම්වත් නො වටින්නේ ය.
03.  ලෝකයේ තිබෙන සියලු වර්ගයේ දානයන් නිතර නිතර අවුරුදු 100ක් දුන්න ත් එහි ආනිසංස එක් කඨින දානයකින් ලැබෙන ආනිසංස හා සැසඳීමේ දී දාසය පංගුවෙන් එකක් පමණවත් නො වේ. කඨින දානයකින් ලැබෙන ප්‍රතිඵල ඊට වඩා බල සම්පන්න වේ.
04.  මේ ලෝකයේ තිබෙන පස් ආකාර බෙහෙත් වර්ග අවුරුදු 100ක් දන් දුන්න ත් කඨින පූජාවකින් ලැබෙන ආනිසංස එය ට වඩා දහසය ගුණයෙන් ගුණයක් ප්‍රතිඵලයක් ලබා දෙයි.
05.  මේ මිහිපිට දෙන දන් අතරින් සංඝයා ට දෙන ලද කඨින දානය ම උසස් කොට බුදුවරුන් විසින් වර්ණනා කොට තිබේ.
06.  මිනිස් ලොව මිනිස් සම්පත් දෙව්ලොව දේව සම්පත් අවසානයේ උතුම් නිවන් සම්පත් සහ සියලු යස ඉසුරු ලබාදීම ට මෙ ම කඨින පූජාවක ආනිසංසවල ට බලයක් ඇත.

ඉතින් මෙවන් පූජාවකට අයත් වෙන්නෙ කඨින චීවරය පමණක් නෙවෙයි.  කඨින දවස පූජ කරන සියලුම දේවල් කඨින පින්කමට අයත්වෙනව. කඨින තුන්මාසෙ කරන පින්කම පවා කඨින පින්කම් ලෙස හැදින්වෙන්නෙ ඒකයි.  ඉතින් පින්වත් යහපලුවො සිදුකරගත් පින්කම සුලුපටු දෙයක් නෙවෙයි.

කඨින චීවර පූජාවේ ආනිසංස නාගිත ථෙරාපදානය තුළින් අපට මනා ව අවබෝධ කරගන්න පුලුවන්. කල්ප අනූඑකකට පෙර විපස්සි බුදුරදුන් සමයෙහි මහා සංඝරත්නයට කඨින චීවරයක් පූජාකොට තමන් ලැබූ ආනිසංස, නාගිත තෙරුන් වහන්සේ විසින් ගෞතම බුදුරදුන් සමීපයෙහි අනාවරණය කරමින් ප‍්‍රකාශ කරන ලද ගාථා පෙළින් තෝරාගත් ගාථා කීපයක් මතු සදහන් වෙනව.
කඨිනදානං දත්‍වාන සංඝෙ ගුණවරුත්‍තමෙ ඉතොතිංසෙ මහාකප්පෙ නාභිජානාමි දුග්ගතිං
ගුණයෙන් උතුම් ව මහ සඟරුවනට කඨින චීවරයක් පුදා කල්ප තිහක් තිස්සේ දුගතියක නූපන්නෙමි.

අට්ඨාරසන්‍තං කප්පානං දෙවලොකෙ රමාමහං චතත්‍තිංසක්‍ඛත්‍තුං දෙවිෙන්‍දා දෙවරජ්ජමකාරයිං
කල්ප දහඅටක් දෙව්ලොව සැප වින්දෙමි. තිස්හතර වාරයක් සක්දෙව් රජව දෙව්ලොව රජ කළෙමි.
ආරපථෙ ආරපථෙ චක්‍කවත්‍ති සුඛං ලභෙ පදෙසරජ්ජං විපුලං ගණනාතො අසංඛ්‍යයා
කඨින චීවරය මැසීමේදී ගසනු ලද ඉදිකටු පාර ගණනට චක‍්‍රවර්ති රාජ සම්පත් ලදීමි. මහත් වූ ප‍්‍රදේශ රාජ්‍යය ලැබූ වාර ගණන මෙතෙකැයි ප‍්‍රමාණ කළ නොහැක.

භොගෙ මෙ ඌණතා නත්‍ථි කඨිනදානස්සිදං ඵලං යත්‍ථ යත්‍ථුප්පජ්ජාමි ලභිත්‍වා සබ්බ සම්පදං පරිසානං උත්‍තමො හොමි කඨිනදානස්සිදං ඵලං
මගේ භෝග සම්පත් කිසිදා අඩු නොවී ය. යම් යම් තැනක උපදිම් ද ඒ ඒ තැන සියලූ සම්පත් ලබා පිරිස අතර උත්‍තම තත්‍වයට පත්වීමි.

හත්‍ථි යානං අස්ස යානං සිවිකංසන්‍දමානිකං සබ්බං තං පටිලාභාමි කඨිනදානස්සිදං ඵලං
ඇත් යානා අස් යානා සිවිකා යානා ආදී සියලූ යානයින් ලැබීමි.

රුක්‍ඛග්ගෙ පබ්බතග්ගේ වා අන්‍තලික්‍ඛ ච භූමියං යදා ඉච්ඡාමි දුස්සෙහි සබ්බං පටිලාභාමහං
ගස් මුදුන්හිදී ද පර්වත මුදුන්හිදී ද අහසේදී හෝ භූමියේදී ද යම් වස්ත‍්‍රයක් කැමති වීම් ද ඒ සියල්ල ලැබීමි.

මේ සියල්ල  කඨින පින්කමේ ආනිසංස. කඨින දවසෙ සිදුකරන සියලු පින්කම් වලට මහ අනුසස් ලැබෙනව.

එසේම මෙය පිරිකර පූජාවටත් අයත්වෙන පින්කමක්.

අට පිරිකර පූජා කිරීමට සැදැහැවත් පිංවත් උපාසක උපාසිකාවෝ මහත් අභිරුචියක් දක්වනව. එයට හේතුව නම් මේ පිරිකර පූජාව තුළින් ද මහත් වූ අනුසස් ලැබෙන නිසාවෙනි. ඒ අනුසස් අතර සසර උපදනා ආත්ම භාවයන්හිදී විෂ ඝෝර සර්පයන් ගෙන් ද මැසි මදුරු ආදී සත්වයන් ගෙන් ද හානි සිදු නොවන බවත් එසේම හොරි දද වණ කුෂ්ට කඩුවේගන් පිළිකා සමාජය පිළිකුල් කරණ දරුණු රෝගී තත්ත්වයන්ගෙන් වන දුක් කරදර සිදු නොවන බවත් කණු කටු උල් ආදිය ඇණීම නිසා වන හානි වැළකෙන බවත් පණ්ඩක නපුංසක ආදී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු නොවන බවත් දැක්වේ. දෙව් මිනිස් දෙගතියෙහි උපත ලබා සැප විඳීන්න අවස්ථාව උදාවෙන බවද දැක්වේ.

එසේම මෙම පිරිකර පූජාවේ අනුසස් වශයෙන් පිරිමි අයෙකුට නම් අන්තිම ආත්ම භාවයෙහි දී ඒහි භික්ෂූ භාවයෙන් මහණ උපසම්පදාව ලැබ සසර නිමා කිරීමට ලැබෙන බවත් කාන්තා පක්ෂයේ අයහට නම් විශාඛා මහා උපාසිකාවන්ට ලැබුණ වූ මහලිය පළඳනාව වැනි වටිනා ආභරණ ලබා ගැනීමට අවස්ථාව උදාවන බවත් ඒවාද ශාසනය වෙනුවෙන් වියදම් කොට උතුම් වූ නිවනට පත් වීමට භාග්‍ය උදාවන බවද සඳහන් වේ.

එසේම අෂ්ට පරිස්කාරයක් හෝ චීවරයක් පූජා නොකළ උදවියට සසර ඉහත සැප සම්පත් ලබා ගැනීමට අවස්ථාව නොලැබෙන බවත් සඳහන් වේ. අප ශාසනයෙහි ඛිප්පා හභිඥාලාභීන් අතර අගතනතුර ලැබූ බාහීය දාරුචීරිය කතා පුවත එම කරුණු සනාථකිරීමට හොඳ උදාහරණයෙකි. එහිමි මෙයට පෙර ආත්ම භාවයක අවුරුදු විසි දහසක් හොඳින් මහණ දම් සපුරා ඇති බව සඳහන් වේ. ඒ කාලය තුළ කිසිදිනෙක සිවුරක් හෝ අටපිරිකරක් කිසිවෙකුට පූජාකර හෝ පරිත්‍යාග කර නොමැතිබව දැක්වේ.

ඒ හේතුව නිම එදා ගෞතම බුදුහමුවේද ඒහි භික්ෂු භාවයෙන් මහණ උපසම්පදාව ලබාගත නොහැකි වීමට හේතු වශයෙන් දැක්වේ. අවසානයේ ගවදෙනෙකගේ දරුණු ඇණීමකට ගොදුරුවී පිරිනිවී බව සඳහන් වේ. පෙර සසරේ අට පිරිකරක් හෝ චීවරයක් පූජාකර තිබුණේනම් එවැන්නක් එදා සිදු නොවන බව බුදුන්වහන්සේ දේශනා කළහ.

අප ගෞතම බුද්ධ ශාසනයේ ඒහි භික්ෂු භාවයෙන් මහණ උපසම්පදාව ලත් තෙරවරුන්ගේ ගණන විසි අට දහස් අටසිය පණහක් (28,850) ක් බව සමන්ත පාසාදිකා විනය අටුවාවේ සඳහන් වේ. මේ ආදී හේතු නිසා අටපිරිකර පූජාවද අටමහා කුසල් අතර දෙවන තැන හිමිවී ඇතිබව සඳහන් වේ. අටමහ කුසල් යනු පංච ආනන්තරිය පාප කරම් හැර සියලු අකුසල් යටපත් කරන්න පුලුවන් පින්කමක්.

ඉතින් මේ මහා පින්කයේ ආනිසංස කියල නිම කරන්න බැහැ. මේ මහා පින්කමට සහභාගි උන ඔබවන් පින්වත් දරැවන් බිහිකල පින්වත් දෙමාපියන්ට පලමු කොට මේ පින් පූජා වේවා. ඔවුන් ජීවත් වන්නේනම් නිදුක් නිරෝගී ජීවිතයක් ගතකරන්නට වාසනාව ලැබේවා. සියලු කරදර බාදක දුරුවේවා. ලෙඩවීම, ජරාවට පත්වීම ආදිය හැම ජීවිතයකට පොදු කරුනක්. නමුත් මහලුවීම පවා අප්‍රමාණ වේදනාවක් බවට පත්වන අය සමාජයේ අපි දකිනව. හරීරය පණ නැතිව ඇස් නොපෙනී දුක් විදින අය සමාජයේ ඉන්නව. නමුත් මේ පින් බලෙන් ඔබේ දෙමාපියන් ඒ සියලු කරදර වලින් මිදේවා. නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් කෙලවර නින්දෙන් පිබිදුනාක් මෙන් කිසිදු දුක් පීඩාවකින් තොරව සුගතිගාමී වන්නට මේ පින් හේතුවාසනා වේවා. කෙලවර අමා මහ නිවන් සුව ලැබේවා.
ඒ පින්වත් දෙමාපියන් මියගොස් සිටීනම් ඒ අය සුගතිගාමීව සිටීනම් වැඩි වැඩියෙන් සැප සම්පත් ලැබේවා. අත්වැරදීමකින් හෝ අභව්‍ය ස්ථානයක ඉපිද සිටීනම් සුගතිගාමී වේවා.
මේ පින්කමට දායක වූ ඔබටත් ඔබේ දූ දරුවන්ද, ස්වාමියා හෝ භාර්යාවන්ද සියල්ලන් සැපවත් ජීවිත ලබත්වා. පංච ආනන්තරිය පාපකර්ම හැර සියලු අකුසල් යටපත් කරන පින්කමක් ඔබ සිදුකලේ. ඒ ලෙසින්ම භබටු දුක් විපාක දෙන සියලු කර්ම යටපත් වේවා. සියලු යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවේවා. ව්‍යාපාර, අධ්‍යාපන, කටයුතු සියල්ල සාර්ථක වේවා. වැඩි වැඩියෙන් මේ වැනි පින්කම් සිදුකරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ශාසනාරක්ෂක, ලෝකපාලක, දෙවියන් මෙන්ම සතර වරම් දෙවියන්ද මේ පින් අනුමොදන්ව ඔබට සතර වටින් ආරක්ෂාව සලසත්වා. උතුම් රත්නත්‍රයේ ආනුභාවයෙන්ද, ජයසිරි මහ බෝ හිමියන්ගේ අනුහසින්ද, වාම,දක්ෂිණ දන්තධාතූන් වහන්සේලාගේ බලයෙන්ද, ලලාට දාතුන් වහන්සේ, ග්‍රීවා ධාතූන් වහන්සේ ඇතුලු සිලුමින සෑයේ, නාගලොවේ වැඩ සිටින මෙන්ම තුන්ලෝකය පුරා වැඩ සිටින සර්වඥ ධාතුන්වහන්සේලාගේ බලයෙන්, අරහත් මහ ධාතූන් වහන්සේලාගේ බලයෙන්, තුන්ලෝකයේ වැඩ සිටින බුදුපිලිම වහන්සේලා, චෛත්‍යරාජයන් වහන්සේලා. ඇතුලු ශාරීරික, පාරිභෝගික, උදේදේසිය චෛත්‍ය ආනුභාවයෙන් සියලු ග්‍රහ දෝෂ, කර්ම දෝෂ, අමනුෂ්‍ය දෝෂ, භූමි දෝෂ ආදි සියලු දෝෂයන් හිරු දුටු අදුර මෙන්, දුරුවී යේවා. මරනින් මතු නිවන් දක්නා ජාති දක්වා සුගතිගාමී වීමෙන් කෙලවර බුදු පසේබුදු මහරහත් උතුමන් නිවී සැනසී වදාල ජාතියක්, ජන්මයක්, මරණයක්, දුකක්, සෝකයක් නැති ශාන්ති ලක්ෂණ පැතූ බෝධියෙන් අමා නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා..

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා ...













































Saturday, November 7, 2015

පින්වත් සොයුරියගේ ජන්ම දිනය දා දහම්පාසැල් යන අසරණ පාසැල් දරුවන් 08 දෙනෙක් වෙනුවෙන් ශිෂ්‍යාදාර ලබාදුන් වගයි ...


අද (2015/11/08) දින සෞඛ්‍ය අමාත්‍යන්ශයේ සේවයේ නියුතු එන්. හේරත් පින්වත් සොයුරියගේ උපන්දිනය දා ආර්ථික අපහසුකම් ඇති අසරණ දූ දරුවන් අට දෙනෙක් වෙනුවෙන් ශිෂාධාර ලබාදුන්නා.

ලද මුදල රු 25,000.00

වියදම්
පාවහන් සදහා වියදම රු 7955.28
පාසැල් පොත් සදහා වියදම රු10345.00
වතුර බෝතල් සදහා වියදම රැ 720.00
පාසැල් නිල ඇදුම් රෙදි සදහා රු 4111.25
පාර්සල් කිරීම සදහා රු 200.00
ප්රවාහන වියදම රු 650.00
----------------------------------------------
මුලු වියදම රු 23981.53

ඉතිරි මුදල රු 1018.47

දඹදිව යාමට සූදානම්ව සිටි අසරණ මවකට සිවුරුදෙකක් ගැනීමට මුදලක් ලබාදෙන මෙන් ඉල්ලා සිටි බැවින් මින් රු 1000.00 සහ අප විසින් රු 1000.00 වියදමක් දරා රු 2000.00 මුදලක් ඇයට ලබා දන්නා.

1018.47  1000.00 = 18.47 වෙනත් පින්කමක් සදහා යෙදවීමට බැංකු ගිනුමේ ඉතිරි වෙනවා.


අද දින ත්යාග ලැබුවේ අසරණ දරුපැටව් හත් දෙනෙක්. එක් දරුවෙක් පැමිණියේ නැහැ. ඔහු හෙට පැමිණේවි. අක්කා කැමැත්ත පලකලේ දහම්පාසැල් යන දරුවන් 08 දෙනෙකුට ත්‍යාග ලබාදෙන්නයි. අ් අනුව විහාරාධිපති ස්වාමීන් වහන්සේලාගෙන් සහතික කල ලිපි ලබාගෙන අදාල දරුවන් සම්බන්ධ කරගත්තා. මේ දරුවන්ගෙන් සමහර දරුවන්ට පොතක් පතක් ගන්න වත්කමක් නැති උදවියයි. ඉතින් මෙවන් දරුවන්ට අත හිත ලබාදීම, මහා පින්කමක් වගේම රටට දැයට කරන මහා සේවයක්. දරුවන් ඉගෙනගෙන හොද පුරවැසියන් ලෙස රටට දැයට යම් සේවයක් සිදුකරාවි. එමෙ බැලුවොත් අපි කරල තියෙන්නෙ මහා සේවයක් වගේම රට දැය වෙනුවෙන් වටිනාම ආයෝජනයක්.

ඊට අමතරව අසරණ මවකට  සිවුරක් ලබාදෙමින් දඹදිව ශ්‍රී බුද්ධ ගයාවට පූජාකිරීමට අවස්ථාව ලබාදුන්නා. මේකත් මහා පිනක්. මේ පූජාව බුදුහිමියන්ට සිවුරක් ලබාදුන්නා සමානයි.
ඉතින් අක්කාගේ  උපන්දිනය අදට යෙදී තියෙන්නේ. මේ පින් බලයෙන් ඔබවන් දරුවන් බිහිකල රත්තරන් දෙමාපියන්ටත් මේ පින හිමිවේවා. ඒ අත්තන්ගෙ මෙලොව පරලොව ගමන් සුගතිගාමීවේව‍ා. ඔබේ නමින් වරිග ලරම්පරාවේ මියගිය සියලු දෙනාටම මේ පින හේතුවාසනා වී භව ගමන යහපත් වේවා.
 අක්කාට නිදුක් නිරෝගී සුවබර නව වසරක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා. අක්කා තබන තබන පියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත් මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන් දෙයක් උවත් සියලු අභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට මේ පින හේතුවාසනා වේවා. සසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. මෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්රදේශයක උපත ලබත්වානිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා. ජයශ්රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑ ආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ, සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්රීපාදස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හා වජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්රතිමා වහන්සේ, සෑරදුන් වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුට පවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතය අතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව් රාජයෙක් වේද මෛත්රී නම් වූ දිව්යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව් රාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේය සේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහ දෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම් දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණ දෙවියන්, ශිල්ප ශාස්ත්රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී, කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා..


බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්යන්තර පදනම - සසුන රකින දැය සුරකින සම්මා වායාමය ...






















එක් දරුවෙත් ත්‍යාග ලබාගැනීමට නොපැමිණි අතර ඉදිරි දිනකදී ඔහුගේ ත්‍යාගයන් පරිත්‍යාල කෙරේ.











දඹදිව යන්නට සිව්රු ලබාදුන්නේ මේ අම්මාටයි.