රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Friday, July 24, 2015

බුද්ධ පූජාවට අෂ්ඨ පානයන් සෑදීමට අවශ්‍ය බ්ලෙන්ඩරයක් සහ ප්ලාස්ටික් පුටු දහයක් ගෞතම බුදු සසුනට පූජා කල වගයි ...


ආරණ්යයක ස්වාමීන් වහන්සේලාට වැඩ සිටීමට ප්ලාස්ටික් පුටු 10ක් සහ බුද්ධ පූජාව සදහා අෂ්ඨ පානයන් සාදන්නටත්, ස්වාමීන් වහන්සේගේ ප්රයෝජනයටත් බ්ලෙන්ඩරයක්ුත් ලබාදෙන්න අපිට පුලුවන් උනා. මේ පින්කම වෙනුවෙන් පූර්ණ අනුග්රහය ලබාදුන්නේ රජිත තෙන්නකෝන් මහතායි.
බ්ලෙන්ඩරය සදහා ගිය වියදම රු 4200.00
පුටු සදහා වියදම  රු 8750.00
ප්රවාහන වියදම රු 350.00
---------------------------------------------
මුලු වියදම රු 13300.00

 ඉතින් මෙවන් මහ පින්කමක් සිදුකල ඔබ සියල්ලන්ගේ  නමින් පරලොව ගිය වරිග පරම්පරාවේ සියලු ඥාති හිතමිත්රාදීන් මේ මහ පින්කමේ අනුහසින් දුකින් මිදී සැපවත් ජීවිතම ලබත්වා. ඔබවන් දරුවන් බිහිකල පින්වත් මවු පිය දෙපලටත් මේ පින ඒකාකාරවම ලැබේවා. අයත් නිවන් දක්නා ජාති දක්වාම සැපවත් පින්බර මෙන්ම කිසිදු අපහසුවකින් තොරව තමන් පතන බෝධියෙන් පාරමී ධර්ම සපුරාගන්නට මේ පින් හේතුවාසනා වේවා.

අඹු දරු, සොයුරු සොයුරියන්ටත් මේ පින් හිමිවේවා. විශේෂයෙන්ම පුංචි දූ පුතුන්ට දිවිමගේ සිදුවන දුක් කම්කටොලු බාධා දුරුකරගන්නත්, නොයෙක් ග්රහ අපල කරම් බලවේගයන් බිද දමමින් ජවයෙන් ශක්තියෙන් ඉදිරිය යන්නත්, සසර පුරා යම් අකුසලයක් සිදුකොට ඇතිනම් සියල්ල යටපත් කරගන්නත් සසරේ සිදුකොට ඇති කුසල් ඉල්ලම් මතුවන්නටත් සියලු දෙවි යන්ගේ ආරක්ෂාව ලක්වන්නටත් මේ පින් හේතුවාසනාවේවා.
මේ පින්කම සිදුකල සිදුකල ඔබ සියලු දෙනාගේ පවුලේ සියලු දෙනාටමත් මේ පින් බලයෙන් ගින්නෙන්, ජලයෙන්, සුලගින් නිරන්තර ආරක්ෂාව ලැබේවා. කිසිදු කලෙක සසර පුරාවට නැහැ බැහැ කියන වචනයක්වත් අසන්නට නොලැබේවා. තව තවත් කුසල සිත්පහලවේවා. උපදින හැම භවයකදීම සද්ධර්මයෙන් පිරිපුන් පරිසරයකම උත්පත්තිය සිදුවේවා. පංචශීලයටම, දස කුසලයකටම සිත නැඹුරුවේව. කිසි කලක මිත්යාදෘෂ්ටික පාප මිතුරන් අසුරටවත් නොලැබේවා. සසර පුරාවටම කල්යාණ මිත් සම්පත්තියම ලැබේවා. මේ භවයේ පටන් සසර පුරාම ජීවිතයේ සියලු අභියෝග හමුවේ නොසැලී සිටීමටත්, අභියෝගයන් ජයගැනීමටත් හැකියාව ලැබේවාමෙවන් පින්දහම් වැඩිවැඩියෙන් කරගැනීමට පින්සිත් පහලවේවා. පින් උල්පත්, ධන උල්පත් පහලවේවාසතර වරම් දෙවියන් සතර වටින් ඔබට ආරක්ෂාව සලසත්වා. කිසිදු හතුරෙකුට මැඩිය නොහැකි මහා පුණ් ආරක්ෂාවන් ඔබ වටා ජනිත වේවා. කෙලවර ජාතියක් ජරාවක් ව්යාධියක් මරණයක් නැති පරම ශාන්ත නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා ...

මෙවන් මහ පින්කම් බලයෙන් අප පතන බෝධියෙන් නිවන් දකින්නටත් සසර කතරේ නිතර දුකින් පෙලෙන අසරණ සතුන්ට අමා නිවන්දොරටුව විවර කරදෙන්නටත්, මේ පින් බලය පාරමිතාවක්ම වේවා....


බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා.





No comments:

Post a Comment