රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Saturday, April 16, 2016

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් ආබාධිත යුවතියක් වෙනුවෙන් රෝදපුටුවක් ලබා දීම ...


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
https://www.facebook.com/buddhist.foundation


අප අප්‍රේල් 11 වැනි දින වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදෙන අවස්ථාවේ 14 වැනි  පරිත්‍යාග ලාභියා වූ පී.එම්.ආර්. සිංගප්පුලියා මහතා සිය දියණියට රෝද පුටුවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කලා. ඒ අනුව රු 11050.00ක වියදමකින් කුරුණෑගල නිව් ෆාමසි ආයතනයෙන් රෝද පුටුවක් ලබගෙන 12 වැනිදා ඒ නිවසට ගියා. මේ සදහා මුදල් ලැබුනේ අවුරුදු වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කර ඉතිරි වූ මුදලින්.
වියළි ආහාර දුව්‍ය වෙනුවෙන් දායක වූයේ  ඉන්දික පීරිස් මහතා, Nelosendi Sendi අක්කා, සේපාලිකා නංගි, මහේෂ් ශ්‍රීයාල් මහතා, ඉන්දික මහතා, 
ශමිල විෙජ්සිංහ මහතා, ක්රිශාන්ත ගමගේ මහතා , රොෂාන් අල්විස් මහතා, සුමිත් සෙනෙවිරත්න මහතා , ක්රිශාන්ත සමරවීර මහතා , අසංක බස්නායක මහතා, රවීන්ද් ප්රනාන්දු මහතා, ඉෂාන් උදය මහතා,  විජිතා වීරසිංහ මිය, යතින්ද් ගුණවර්ධන මහතා, හිරන්ත මදුසංක මහතාචතුරි විසුම්පෙරුම මිය, මදුශාන් ආරියරත්න මහතා, තිළිණ විජේවර්ධන මහතා,  චන්දන මදුරංග මහතා යන අයයි.

( ඒ පිලිබද සියලු විස්තර මේ ලින්ක් වලින් නරඹන්න පුලුවන්.
සියලු චායාරූප නරඹන්න
http://sasuna.blogspot.com/2016/04/31.htmlhttp://wp.me/p4XCOM-oU
වීඩි‍යෝව නරඹන්න
https://www.youtube.com/watch?v=dxmJzWzgDpU  )

වියළි ආහාරදුව්‍ය සදහා ලද මුලු එකතුව රු 97,207.00

වියදම්
සහල් සදහා වියදම රු 9300.00
සහල් හැර අනෙකුත් වියළි ආහාර ද්‍රව්‍ය වියදම රු 64,020.00
ප්‍රවාහන වියද රු 5230.00
ගෝනි සදහා වියදම රු 960.00
-------------------------------------
මේ කොටසේ වියදම රු 79510.00

තිස් එක්වැනි ආහාර මල්ල පරණ අවුරුදු දින වෙළද සැලකින් සකස් කර ලබා දුන් අතර එහි වටිනාකම රු 2000.00
----------------------------------------------------------
ඒ අනුව මුලු වියදම රු 81,510.00



ඉතිරි මුදල රු 97207.00 රු 81510.00 = රු 15,697.00

ඒ මුදලින් රු 11050.00 ක් මුදලක් වැය කර රෝද පුටුව ලබාදුන්නේ. කුරුණෑගල සිට මහව දක්වා අප මෝටර් සයිකලය මගින් රැගෙන ගිය අතර එහි වියදම් අප විසින් දරනු ලැබුවා.

සියලු ජායා රූප නරඹන්න

වීඩියෝව නරඹන්න

මේ බලන්න මිතුරනේ.

රෝද පුටු පරිත්යාග කිරීම මහා පින්කමක්. මේ බලන්න.
සැරයටි, කිහිලිකරු, රෝද පුටු පූජා කිරීමේ අනුසස් හයක් බුදු දහමේ සදහන් වෙනව
පුත්තා මය්හං බහු හොන්තී තාසෝ මය්හං විජ්ජති
අප්පසය්හෝ සදා හෝමි - සබ්බාරක්ඛේහි රක්ඛිතෝ
ඛලිතම්පි ජානාමි අහන්තං මානසං මම

1. සෑම ආත්මභාවයකදීම යහපත් කීකරු දරුවන් ලැබීම.
2. කවර කරුණක් නිසාවත් තැතිගැනිමක් ඇති නොවීම.
3. සතුරන් විසින් සිදුකරනු ලබන විපත්තිවලින් වුවද තමන්ට හොඳක්ම වීම.
4. පින විසින් තමා ආරක්ෂා කිරීම.
5. තමන්ගෙන් තව කෙනෙකුට වරදක් නොවීම.
6. සිතේ පසුතැවිලි ගති ඇති නොවීම.

මීට අමතරව ඔබට කිසිම කලෙක අතුරු ආන්තරාවක් වෙන්නෙ නැහැ. හැම විටම ඔබට සිදුවන අනතුරු වලින් ආරක්ෂා වෙනව. විශේෂයෙන්ම රෝහලකට රෝද පුටුවක් පරිත්යාග කරනව කියන්නෙ කියල නිම කරන්න බැරි තරම් මහ පින්කමක්. ඔය රෝද පුටුවෙ රෝදයක් කැරකෙන වාරයක් පාසා ඔබට මොන තරම් නම් පින්කමක් සිදුවෙනවද කිව්වොත් ඔබට රන් දෝලා පහල වෙන්න තරම් මහා පින්කමක් මේක.
මේ වෙනුවෙන් මුදල් ලබාදුන් සියලු මිතුරනි,  මින් ජනිතවන මහා පුන්යස්කන්ධයෝ ඔය රෝද පුටු කැඩිල විසික්ක කරනකල් ඔබට ගොඩනැගෙනව. ඉතින් හරියට ස්ථාවර තැන්පතුවකින් අඛණ්ඩව පොලිය ජනිතවනව වගේ. කිසියම් දිනක කුමන රෝගයකින් හෝ පීඩා වින්දොත් වහාම මේ පින්කම සිහිපත් කරන්න. ක්ෂණික සහනයක් ලබා දෙන්නට තරම් මේ සිදුකල පරිත්යාගය මහා ආශ්චර්යජනකයි. මේ පින් බලෙන් ඔබේ සියලු ප්රාර්ථනාවන් ඉටුවේවා. යන එන සියලු ගමන් වලට ඇති බාධාවෝ හිරුදුටු ගණදුර මෙන් විද්වංසනය වේවා. ගිනි දුටු  ඉටි මෙන් ඔබේ සියලු බාධාවෝ විනාශ වේවා.  අනන්ත බුදුගුණ සිහිපත් කරමින් අප සිදුකල මේ පින්කම බොහෝම පිරිසිදු සිතින් කල එකක්. ඉන් අපමණ ඵල ලැබේවි. සියලු කටයුතු අතිශයින් සාර්ථක වේවා. වැඩි වැඩියෙන් පින්කම් කිරීමට වැඩි වැඩියෙන් මුදල් ලැබේවා. ධන සම්පත් සමග ආධාත්මික වර්ධනයත් ඇතිවී රහසින් වත් වරදක් කරන්නට සිත් පහල නොවේවා. සසර පුරාවටම සතර වරම් දෙවියන් සතර වටින් ආරක්ෂා කරත්වා. සසර පුරාවටම කළණ මිතුරන්ම මුනගැසේවා.නිවන් දක්නා ජාති දක්වා නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නටවත් නොලැබේවා. ඔබේ දයාබර බිරිදට / ස්වාමි පුරුෂයාට/ දෙමාපියන්ට, පවුලේ සියලු දෙනාට මේ පින් ඒකාකාරවම ලැබේවා.  සියලු කරදර රෝ දුක් දුරුවේවා. දරුවන්ගේ අධ්යාපන කටයුතු සිතන පතන අයුරින්ම සාර්ථක වේවා. කෙලවර අමාමහ නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.
කෙලවර ජාතියක් ජරාවක් නැති අමා මහ නිවනින් සියලු දෙනාටම සැනසීම උදාවේවා ... අප පැතූ බෝධියෙන් නිවන් ලබන්නට මේ පින් හේතු වාසනා වේවා.

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා

නිව් ෆාමසි - කුරුණෑගල
















වීඩියෝව නරඹන්න




No comments:

Post a Comment