රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Tuesday, October 15, 2019

‘ පින්වත් මිතුරියකගේ හා මිතුරෙකුගේ දායකත්වයෙන් සිදුකල 31,32,33,34,35 වන සූර්ය බල ආලෝක පූජාව ....



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අපි පදවිය යාන් ඔය වනගත ආරණ්යයට සූර්ය බල ආලෝකය ලබා දුන්නා.
 පදවිය මහා වනයක් තුල පිහිටි අරන්යයකටයි.

මුදල් ලැබීම් ...
කුමෝෂා නංගි--------------රු 169,000.00
ලහිරු මල්ලිනාරච්චි මහතා රු 35,000.00
හිරන්ත මල්ලි----------------රු    2000.00
ප්‍රියංක අක්ක-----------------රු  1000.00
---------------------------------------------

මුලු ලැබීම් ------------------ රු 207,000.00




වියදම්
බැටරි 05 ( 01 බිල )------------------------------රු 80,775.00
දෙවන බිල--------------------------------------- රු  2,470.00
තුන්වන බිල------------------------------------රු    4,115.00
හතරවන බිල-----------------------------------රු   1,200.00
පස්වන බිල------------------------------------රු   77,500.00
හයවන බිල------------------------------------රු   15,910.00
හත්වන බිල-------------------------------------රු  3,276.70
ගමන් වියදම් 480km සහ දින දෙකක වියදම් රු21,710.00
----------------------------------------------------------------
මුලු වියදම---------------------------------- රු 206,956.70

ඉතරි මුදල රු 43.30 පදනම් ගිනුමට බැර කලා ...


මේ සිදුකලෙ පින්කම මහා ආලෝක පූජාවයිඑහි අනුසස් මෙතැකැයි කියා නිම කරන්නනොහැකියි.

මහ ගන වනාන්තරයක් තුලයි මේ සූර්ය පැනලයන් සවිකලේඋන් වහන්සේලාගේ එකම ආලෝක ප්රභවය වන්නේ එයයි නිසා එහි ආනිසංස මෙතැකැයි කියන්න බැරි තරම්.

පහන් ( ආලෝකපූජාවේ අනුසස් -

ප්රඥාව ලැබීමට හේතු වීම
හො ඇස් ලැබීමට හේතු වීම
දිවැස් ලැබීමට හේතු වීම
පතන බෝධියකින් නිවන් දැකීමට හේතු විම
ඍධිමය හැකියා පහළ වීම
ධ්යානයන් හා විදර්ශනා ඥානය ලැබීමට හේතු වීම
ඇස් රෝග නොවැලදීම
දිබ්බ චක්කු,දිබ්බ සෝත,පරචිත්ත විජානන,පුබ්බේ නිවාසානුස්සති ඥානයන් ලැබීමට හේතු වීම
ශිල්ප ශාස්ත් වහා අවබෝධ වීම

ලෙස අනුසස් රාශිකය් ධර්මයේ සදහන් වෙනව.

දීපදෝ හොති චක්ඛුදො” යනුවෙන් පහන් දෙනපුදන තැනැත්තේ ඇස් දෙන්නේ වේ යයිතථාගතයන් වහන්සේ වදාළ සේකආලෝකය ඉතා ප්රයෝජනවත් වටිනා දෙයකි.

ඇස් ඇත්තේ  ආලෝකය නැති තැන අන්ධයෙකිඇසින් ප්රයෝජන ලැබිය හැක්කේ ආලෝකයඇති තැනදී පමණෙකිඑබැවින් ආලෝකය දීම ඇස් දීමක් වැනි වේආලෝකය පිදීම  ඇස් පිදීමක්වැනි පින්කමෙකිසෑම පිනකින්  දෙව්මිනිස් සැප ලැබිය හැකි   පින්කම්වලින් විශේෂයෙන්ලැබෙන අනුසස්  ඇත්තේ පහන් පූජාව ප්රඥාව ලැබීමේ විශේෂ පින්කමෙකිඋපනුපන් තැනහොඳ ඇස් ලැබීමටත්ශරීර කාන්තිය ලැබීමටත්මෙය හේතු වේදිවැස් ලැබීමට  මෙය විශේෂපින්කමෙකි.

අප බුදුසස්නෙහි දිවැස් ඇතියවුන්ගෙන් අගතැන් පත්වූවෝ අනුරුද්ධ තෙරුන් වහන්සේයඋන්වහන්සේ පදුමුත්තර බුදුරදුන් හමුවේ දී ධනවත් මනුෂ්යයෙක්ව සිටි බුදුරදුන් ප්රමුඛ මහාසංඝයාට සතියක් මහදන් දී අවසාන දිනයේ පිරිවර සහිත තථාගතයන් වහන්සේට වටිනා වස්ත්රද පුදා දිවැස් ඇතියවුන්ගෙන් අග්රස්ථානය පැතූහපදුමුත්තර බුදුරදුන් පිරිනිවීමෙන්  ධනවතාමහා සංඝයා වහන්සේ වෙත එළඹ දිවැස් ලැබීමට කළ යුත්තේ කිමදැයි ඇසීයඋපාසකයඑයසඳහා ප්රදීපදානය දෙන්නට වටනේයයි සංඝයා වහන්සේ වදාළහඔහු යහපතැයි ගිවිසපදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ධාතු පිහිටවා කළ සත් යොදුන් ස්වර්ණ චෛත්යය වෙතදහස බැගින් පහන් දැල්විය හැකි පහන් ගස් දහසක් කරවීය.

 ඒවා ළඟට කුඩා වූද ඒවා ළඟට තවත් කුඩා වූද දහස් ගණන් පහන් ගස් කරවීයඑසේ කොට මහාපහන් පූජාවක් කෙළේයඉන් කල්ප ලක්ෂයකට පසු නැවත  හෙතෙමේ කාශ්යප බුද්ධ කාලයේබරණැස් නුවර පොහොසත් පවුලක ඉපද බොහෝ රන් තැටි සාදවා ගිතෙල් පුරවා මැද සකුරුකැටය බැගින්  තබා  තැටි එකින් එකට ගැටෙන පරිදි කාශ්යප බුදුන්ගේ එක් යොදුන් ස්වර්ණචෛත්යය වටා තබා විශාල රන් තැටියක් කරවා එහි පහන් වැටි දහසක් තබා දල්වා හිස මත තබාචෛත්යය වටා සර්ව රාත්රියේ  ඇවිදිමින් මහා පහන් පූජාවක් කෙළේ  අනුරුද්ධථේරාපදානනයිය.

මේ මහා පින්කම නිසා ස්වාමීන් වහන්සේලාට ඉතාම හොදින් මහණදම් පුරන්නට අවස්ථාවලැබෙනවඉන් ජනිත වන්නෙ මහා පිනක්.

ඉතින් ඔබ සියලු දෙනා සිදුකරගත්තෙ මහා පින්කමක්  පිනේ ආනිසංස කොච්චරද කියලකියල්ල බැහැලන්තෑරුමක්  සහ පුංචි ටෝච් එකක් පමණක් තියාගෙන අතිශය දුෂ්කර දිවියක්ගෙවන ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ආලෝකය ලබාදීමේ පින මෙපමණයි කියල නිම කරන්නබැහැ.

මේ පින්කම වෙනුවෙන්වෙහෙස මහන්සි උන බොහෝම දෙනෙක් ඉන්නව වගේම මේ පින්කමකරගන්න ලැබුනෙ ගෞරවණීය මහා සංඝරත්නය නිසාඋන්වහන්සේලා ඇතුලු දායක වූ වෙහෙසමහන්සි වූ  හැම දෙනාටම මේ පින් ඒකාකාරව හිමිවේවා.

මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවාවිශේෂයෙන්ම කායික මානසිකපීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබනපියවරක් පාසා නොබියවනොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්බාධක කම්කටොලුඅවම වන්නටත් මේ පින හේතුවාසනා වේවාස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝගසාමාන් දෙයක් උවත්  සියලු අභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පිනහේතුවාසනා වේවාසසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නට නොලැබේවා.නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවාමෙපින්බලෙන් ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවානිවන් දක්නා ජාති දක්වාමසද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්සද්ධර්මය නොඇසෙන කාලයන්හිදීඅඩුමතරමින් පන්සිල් රකින ප්රදේශයක උපත ලබත්වානිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තුසම්පතක් අඩු නොවේවාකිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවාසිත නිරන්තරයෙන්ම දහමටනැඹුරුවේවා සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවාදුන්දෙයක කිසි කලෙක සිත්නොඇලෙන්නටත්දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින්හේතුවාසනා වේවාජයශ්රී මහබෝ සමිදු බලෙන්රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්,තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑ ආනුභාවයෙන්කේෂධාතූන් වහන්සේලලාට ධාතූන්වහන්සේ,ග්රීවා ධාතූන් වහන්සේඅකු ධාතූන් වහන්සේසතර දලදා වහන්සේආනුභාවයෙන්සතර ශ්රීපාද ස්ථානයේ ආනුභාවයෙන්බුද්ධගයා බෝධීන් වහන්සේ හා වජ්රාසනයේආනුභාවයෙන්තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේප්රතිමා වහන්සේසෑරදුන්වහන්සේලාසියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්විශ්වයේ පහලවූ සියලු බුදුපසේබුදුමහරතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්තණ්හංකරදීපංකරමේධංකර,කොණ්ඩඤ්ඤමංගලසුමනරේවතසෝභිතඅනෝමදස්සීපදුමනාරදපදුමුත්තරසුනීතසුජාතපියදස්සීඅත්තදස්සීධම්මදස්සීසිද්ධත්තතිස්සඵුස්සවිපස්සීසිඛීවෙස්සභූකකුසදකෝණාගමනථ කාශ්යපගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුට පවාකල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සමඅනන්තබුදුගුණ බලයෙන්ද ඔබගේ මතුඅනාගතය අතිශයින් සාර්ථක වේවාමතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසමසමමහා කාරුණිකයම් දිව් රාජයෙක් වේද මෛත්රී නම් වූ  දිව්යරාජයන් වහන්සේද,සක්දේව රාජෝත්තමයානන් වහන්සේදමාතෘ දිව් රාජයන් වහන්සේදරන්වැලි මහ සෑරදුන්ඉදිකලකලරට ජාතිය එක්සේසත්කලසම්බුද්ධ ශාසනයට අපරිමේය සේවයක් සිදුකල මතුබුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණුසද්ධාතිස්ස මහ දෙවියන්දශාසනාරක්ෂකලෝකපාලක දෙවියන්ද විරූඪවිරූපාක්ෂවෛශ්රවණදෘතරාශ්ඨ ආදීසතරවරම් දෙවියන්මෙන්ම විශ්ණුකතරගමසමන්පත්තිනි සතර මහා දෙවියන්ද නුවණටඅධිපතිකම් කාරන්නාවූ ගණ දෙවියන්ශිල්ප ශාස්ත්රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුවදැඩිමුන්ඩවිභීෂණලක්ෂ්මීකලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින්අනුමොදන් වෙත්වාඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදයආරක්ෂාවආකර්ෂණය ලැබේවාරටජාතිය වෙනුවෙන්සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක් ඉටුකර උපන් බිමට ණයගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවාකෙළවර අමා මහ නිවනින්සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා.


 පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හට නිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන්නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා'

චායාරූප නරඹන්න ...


























































































No comments:

Post a Comment