රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Sunday, December 29, 2019

පින්වත් මිතුරෙකුගේ මූල්‍ය  දායකත්වයෙන් සිදුකල අසිරිමත් බුදුපිළිම වහන්සේ පූජාව ...




එන්න
අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
http://www.youtube.com/c/IFBCnet


පින්වත් අමිල ගුණවර්ධන මහතා විසින් අගුරුවැල්ල, ලෙවන්ගම, කොටලුගොඩකන්ද ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයට මෙම අසිරිමත් සම්බුද්ධ ප්රතිමාව ගෞතම බුදුසසුන අරඹයා පූජා කෙරුනා.

මේ බුද්ධ ප්රතිමා වහන්සේ වෙනුවෙන් රු 38,000.00ක්  වැය උනා ...

විහාරස්ථානයට අඩුපාඩුවක්ව පැවති මෙම අසිරිමත් බුදුපිලිම වහන්සේ මෙතැන් පටන් බැතිමතුන්ගේ අමපණ ගෞරවාදරයට පාත්‍ර වනු ඇති.


ඉතින් පින්වත් ඔබ  කරගත්තෙ සුලු පටු පින්කමක් නෙවෙයිඅටමහ කුසලයක් බුදුපිලිම නෙලීමනෙලවීමපූජාව  අටමහ කුසලයට අයත්ආනන්තරිය පාපකර්ම හැර අන් සියලු අකුසල් යටපත් කරන්න තරම් සවියක් ඇති මහ පින්කමක් මේකඊලගට සදා පින් වැඩෙන පිංකමක්අපි මැරුනත් මෙතන බුද්ද පූජාවන් තියෙනවඉන් ලැබෙන පින් අපිට හැමදාම ලැබෙනවහරියට ස්ථාවර තැන්පතුවක් දැම්මම අපි නොදැනිම පොලි හැදෙනව වගේමේ බලන්නකො අනුසස්.
බුදුපිළිම නිර්මාණයේ වටිනාකම මොහතෙක් මම ඔබට කිය දෙන්නම්.

බුදුන් වහන්සේ කෝසල දේශයේ සැවැත් නුවර පිහිටලා තිබුණු ජේතවනාරාමයේ වැඩ වසන කාලයේදී එක දවසක් බැහැර ප්රදේශයක ජනතාවට දහම් දෙසන්න වැඩම කරනවාඑදාම කෝසල දේශයේ අධිපතියා වුණු පසේනදී කෝසල රජතුමා මල්සුවඳ ද්රව් ආදියත් අරගෙන තමන්ගේ පිරිස පිරිවරාගෙන බුදුන් වහන්සේ හමුවෙන්න පැමිණෙනවා.
ඒත් බුදුන් වහන්සේ විහාරයේ නැති බව දැනගන්න රජතුමා බොහොම කම්පාවට පත්වෙලා තමන් අරගෙන ආපු පූජා ද්රව් බුදුන් වහන්සේ වැඩ වාසය කරන ගන්ධ කුටියෙන් තැන්පත් කරලා ආපසු යන්න යනවා.

නැවතත් බුදුන් වහන්සේජේතවනාරාමයට වැඩම කළාම කොසොල් රජතුමා බුදුන් වහන්සේව හමුවෙලා උන්වහන්සේව පසුගිය දවස්වල නොදැකපු නිසා තමන් ඇතුළු ජනතාව අතිශය දුකට පැමිණි බවත් බුදුන් වහන්සේ ජීවමාන කාලයේ උන්වහන්සේ නොදැකීමෙන්  විදිහට දුකක් දැනෙනවා නම් බුදුන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ  දුක දරාගන්නේ කොහොමද කියලා කියනවා.
 නිසා රජතුමා බුදුන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා බුදුන් වහන්සේගේ ප්රතිමාවක් නිර්මාණය කරන්නබුදුන් වහන්සේත් ලෝක සත්වයාගේ හිත සුව පිණිස බුදු පිළිමයක් නිර්මාණය කරන්න අනුදැන වදාරනවා.
ඊට පස්සේ රජතුමා බුදුන් වහන්සේගෙන් අහනවා බුදු පිළිමය කුමන ආකාරයෙන් කළොත්ද යහපත් කියලාබුදුන් වහන්සේ වදාරනවා ලීයෙන්තඹයෙන්රිදීයෙන්,රන්වලින්මැණික්වලින් ආදී දේවල්වලින් වඩාත් උසත් නැති වඩාත් සිහින් නොවනවඩාත් මහත් නොවන බුද්ධ ප්රතිමා නිර්මාණය කළ යුතුයි කියලා.
 වගේමයි උන්වහන්සේ දේශනා කරනවා බුදු පිළිම නිර්මාණයේ විපාක කියලා නිමකරන්නත් බැහැ කියලාඒකට උපමා කීපයකුත් භාවිතා වෙනවා.
සෘද්ධි සම්පන්න පුද්ගලයන් විසින් සියලු සක්වල පුරා ඇතිවෙන උඳුමුංතල වගේ දේවල් තමන්ගේ සෘද්ධි බලයෙන් ගණන් කරලා මෙපමණයි කීවත්  පුද්ගලයන්ට පවා බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්,
මහානුභාව සම්පන්න සක්විත රජෙක් තිස් හත් ලක්ෂ දස දහස් තුන්සිය පනහක් යොදුන් උස සක්වල පර්වතය උසට සත් රුවන් සහ උඳුමුං පුරවලා ගණන් කරලා මෙපමණයි කියලා කීවත් බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්,

මහානුභාව සම්පන්න දේවතාවක් මහා සාගරයේ ජලය නැලි සිය දහස් ගණනකින් මෙපමණයි කියලා කීවත් බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්,
මුඛ සීයකින්දහසකින් වුවත් එක් බුදු පිළිමයක් කරවීමේ පින කීවත් කියා නිම කළ නොහැකි බවත් බුදුන් වහන්සේ දේශනා කරනවා.
 සමඟම බුදුන් වහන්සේ පෙර භවයක තමන් වහන්සේ රජතුමෙක්ව සිටි බවත් බුදු පිළිමයක කැඩී තිබුණු ඇඟිල්ලක් දැකලා  කැඩී තිබුණු ඇඟිල්ල නැවතත් බුදු පිළිමයට සම්බන්ධ කරපු පිනෙන් මහත් තේජවන්තභාවයට පැමිණි බවත් රජතුමා යුද්ධයට යද්දී ඇඟිල්ලක් උස් කිරීමෙන් හා නැමීමෙන් පවා සතුරන් පරාජය කළ බවත් වට්ටාංගුලි රජතුමා නමින්  නිසා හැඳින්වූ බවත් දේශනා කරනවා.
මේ දේශනාවන් සියල්ලම මැනවින් අහගෙන හිටපු කොසොල් රජතුමා අවසානයේදී බුදුන් වහන්සේට නමස්කාර කරලා රජ මාළිගයට ගිහින් රාජ භාණ්ඩාගාරයේ තිබුණු සඳුන් දැව කොටයක් ගෙන්වලා සියලුම ලක්ෂණ සහිත බුදු රුවක් කරවලා  ප්රතිමාවට සිවුරක් පෙරවලා ජීවමාන බුදුන් වහන්සේගේම ආකාරයට නිම කරනවා.

ඊට පස්සේ රජතුමා ජේතවනාරාමයට පිටත් වෙලා බුදුන් වහන්සේට ප්රතිමාව නිර්මාණය කරලා අවසන් බවත් ඒක නරඹන්න වැඩම කරවන්න කියලා ආරාධනා කරනවා.
පස්සේ රජතුමා රාජාංගණයේ සත් රුවන් මණ්ඩපයක් කරවලා රන්රිදී වගේ වටිනා ද්රව්යයන්ගෙන් වියන් බැඳලාදැල් දමලා බිම සුවඳ ගන්වලා සත් රුවන් මණ්ඩපයේ වටිනා සිංහාසනයක් කරවලා  මත බුද්ධ ප්රතිමාව තැන්පත් කරවනවා.
පස්සේ ජේතවනාරාමයේ ඉදන් මහා පෙරහැරින් බුදුන් වහන්සේ ප්රමුඛ සංඝයා වහන්සේලාව රාජාංගණයට වැඩම කරවනවා.
බුදුන් වහන්සේ රාජාංගණයේ තිබුණු සත් රුවන් මණ්ඩපයට වැඩම කරද්දී සිංහාසනය මත වඩා හිඳුවලා තිබුණු සඳුන් හරින් කරපු සිත් පිත් නැති බුද්ධ ප්රතිමාව "සජීවී බුදුන් වහන්සේ වැඩම කරවලා සිටගෙන සිටියදී අජීවමාන වූ මම උස් ආසනයක හිඳීම සුදුසු නොවේකියලා වගේ සිංහාසනයෙන් බසින්න වගේ යනවා.
 මොහොතේදී බුදුන් වහන්සේ වදාරනවා "ඇවැත්නිඔබ සිංහාසනයෙන් නොබැසම සිටින්නමම ටික දවසකින්ම පිරිනිවන් පාන්නෙමිමා නැති පන්දහසක් අවුරුදු සාසනයෙහි වැඩ පිණිස සිටින්නඔබ ආදර්ශයට ගෙන මගේ පරිනිර්වාණයෙන් පසුව සිව්වනක් පිරිස පිළිම නෙලනු ලබතිකියලා.
ඊට පස්සේ තමන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ඉදිරියේ වසර පන් දහසක්ම දෙව් මිනිසුන්ගේ පූජාවට ලක්වෙන බුද්ධ ප්රතිමාවට තමන් වහන්සේ මුලින්ම ගරු කළ යුතුයි කියලා බුදුන් වහන්සේ සිතලා දෑ සමන් මල් අට මිටක් පිළිමයට පූජා කරනවා.
බුදුන් වහන්සේව අනුගමනය කරපු රහතන් වහන්සේලා පන්සීය නමත් සුවඳ මලින් බුදු පිළිමය පුදනවාඅනෙකුත් භික්ෂූන් වහන්සේලාත් රජතුමා ප්රමුඛ කෝසල වාසීනුත් විවිධාකාරයෙන් බුදු පිළිමයට පුද පූජා පවත්වනවාමේ අවස්ථාවේදී බුදු පිළිමයට පුද පූජා පවත්වන්න දෙව් බඹුන් පවා එකතු වෙනවා.
අවසානයේදී බුදුන් වහන්සේ නැවත වරක් කොසොල් රජතුමාගේ ආරාධනයෙන් බුදු පිළිම කරවීමේ වගේම බුදු පිළිමයට ජීවමාන බුදුන් වහන්සේට කළ පුද පූජා පැවැත්වීමේ ආනිශංස දේශනා කරනවා.
එක් වරක් උපගුත්ත හිමියන්ට බුද්ධ වේෂයෙන් මාරයා පෙනී සිට ඇති බව ග්රන්ථාරූඪ තොරතුරු වලින් පැවසේ.
බුදුන් වහන්සේ දෙව්ලොව වැඩ සිටි විටක කොසොල් රජතුමාගේ ඉල්ලීම පරිදි මුගලන් මහා රහතන් වහන්සේ එහි වැඩම කොට බුද්ධ සෙවණැල්ල රෙදි කඩකට ගත් බවත් එයින් පිළිමයක් නෙළු බවත් කෝසල ධම්බ වර්ණනාවේ” තවදුරටත් මෙසේ විස්තර වෙනවදිනක් බුදු පිළිම නෙළීම පිළිබඳ  කොසොල් රජු බුදුන් වහන්සේගෙන් මෙසේ විමසනවා.

යේ ජීව ලොකේ පටිමා කරෙයිය
කිමානි සංඝං ලහෙතෙ මුනින්ද
පුජ්ජාමි තං සාධු - වදෙහි මයිහං
ඉදම්බ රූපී කොසගෙ භූමි පාලෙයි

(යම් මිනිසෙක් ලෝකයේ පිළිමයක් නෙළන්නේ  එයින් ලැබෙන ආනිසංස කවරේ ?)
එම පැනයම ආනන්ද හිමියන් බුදුන් වහන්සේගෙන් මෙසේ විමසනවා.

මුනින්ද රාජේන සුදෙසියෙත
ධම්මේන ලෙවෙයිය
පණිතං දෙසං කිමානි සංසං ප්රතිමාලංච
දේසේතු පුච්ජාටිහි අජ්හේ පහාසිං
යමෙක් බුදුන් විසින් දේශනා කරන ප්රණීත ධර්මය ලියන්නේ ප්රතිමා නෙළන්නේ  එයින් ලැබෙන ආනිසංස කවරේ යනුවෙනි.

එයට පිළිතුරු ලෙස අප ගෞතමයන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක.
භයානකා පාසික සතත සංතුලෙ
දුරා සදෙ අගගි සිඛා නිරන්තරේ
මහාට්ඨපායෙ සුව සොල සුස්සාදෙ
හරායරේ ලේඛක බිම්බ කාරනා
භයානක වූ පාපයික සත්ත්ව සමූහයාගෙන් ගැවසුන අතොරක් නැති ගිනිසිළු කරන කොටගෙන බැලිය නොහැකි වූ අටමහ නරකයෙහි හා ඔසුපත්වල භය පෙන්වා ධර්මය ලියන්නා වූ සැදහැවතුන් හා ප්රතිමා කරන්නවුන් අගතියෙහි නූපදිති” (පාලිගාථා විස්ස - කෝසල බිම්බ වර්ණනාව)
ඉතින් බුදු පිළිම කරවීමේ විශාල පිංකමක් බවත් බුදු පිළිමවලට පුද පූජා පැවැත්වීමත් විශාල පිංකමක් බව පැහැදිලියිනේඒක නිසාමයි අට මහා කුසල්වලින් එකක් ලෙස බුද්ධ ප්රතිමා කරවීම දක්වලා තියෙන්නේ.
ඉතින් මහා පින්කමේ බලයෙන් ඔබවන් පින්වත් දරුවන් බිහිකල දයාබර දෙමාපියන්  නිදුක් නීරෝගී වේවා. මරණින් මතු  උපදින හැම භවයකම මිනිස්  හෝ දව් තලවල  උපත ලැබීමටත් නිවන් දක්නා ජාති දක්වාම සමයක්දෘෂ්ටිය තුලම උපත ලැබීමටත් මේ පින හේතු වාසනා වේවා. . නැහැ බැහැ කියන වචනයක්වත් අසන්නටවත් නොලැබේවාසීල සමාධිය ප්රඥාවෙන් පිරුනු නිදුක් නිරෝගී සුවබර ජීවිතයක්ම ලැබේවාඑසේම කළගුණ සලකන මෙවන් දරුවන්ම සසර පුරාවටම ලැබේවාකෙළවර ජාතියක් ජරාවත් මරණයක් නැති පරම ශාන්ත අමා මහ නිවනින් සැනසෙන්නටත් මේ පින හේතුවාසනා වේවා.
එසේම සොයුරු සොයුරියන්ට ඉක්මනින් නිදුක් නිරෝගී සුවය උදාවේවාතව තවත් මහ පින්කම් කරමින් සසුන්කෙතේ පල නෙලාගන්නට හැකියාව ලැබේවාබොන බෙහෙත් උගුර පවා දිව් ඖෂධ බවට පත්වී ඉත්මනින් නිදුක් නිරෝගී සුවය උදාවේවා.  ජාතිජරාව්යාධිමරණ හැමෝටම පොදුයිඑහෙත් මේ භවයෙන් නිත්මෙන තාක්කල් ඔබට කයේ වේදනාවක් සිතේ වේදනාවක් පහල නොවේවාකෙදිනක හෝ මේ භවයෙන් නික්ම යද්දී නිදා සිට පිබිදුනාක් මෙන් යහපත් දිව් තලවලම ඔබේ උපත සිදුවේවා.  කළගුණ සලකන මෙවන් දරුවන්ම සසර පුරාවටම ලැබේවාකෙළවර ජාතියක් ජරාවත් මරණයක් නැති පරම ශාන්ත අමා මහ නිවනින් සැනසෙන්නටත් මේ පින හේතුවාසනා වේවා.

මෙවන් මහ පින්කමකට දායක වී පින් අනුමෝදන් කරමින්  දයාබර දෙමා පියන් වෙනුවෙන් යුතුකම් ඉටු කල ඔබටත් පවුලේ සැමටද මේ පින් බලයෙන්  නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවාවිශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබන පියවරක් පාසා නොබියවනොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්බාධක කම්කටොලු අවම වන්නටත් මේ පින හේතුවාසනා වේවාස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන් දෙයක් උවත්  සියලු අභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවාසසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නට නොලැබේවානිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවාමෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවානිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්රදේශයක උපත ලබත්වා.නිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවාකිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා.

දයාබරමවු පියන්ගෙත් ඔබගේත් පවුලේ සියල්ලන්ගෙත් සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවාදුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවාජයශ්රී මහබෝ සමිදු බලෙන්රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑ ආනුභාවයෙන්කේෂධාතූන් වහන්සේලලාට ධාතූන් වහන්සේ,ග්රීවා ධාතූන් වහන්සේඅකු ධාතූන් වහන්සේසතර දලදා වහන්සේආනුභාවයෙන්සතර ශ්රීපාද ස්ථානයේ ආනුභාවයෙන්බුද්ධගයා බෝධීන් වහන්සේ හා වජ්රාසනයේ ආනුභාවයෙන්තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේප්රතිමා වහන්සේසෑරදුන් වහන්සේලාසියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්විශ්වයේ පහලවූ සියලු බුදුපසේබුදුමහරතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්තණ්හංකරදීපංකරමේධංකරකොණ්ඩඤ්ඤමංගලසුමනරේවතසෝභිතඅනෝමදස්සීපදුමනාරදපදුමුත්තරසුනීතසුජාතපියදස්සීඅත්තදස්සීධම්මදස්සීසිද්ධත්තතිස්සඵුස්සවිපස්සීසිඛීවෙස්සභූකකුසදකෝණාගමනථ කාශ්යපගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුට පවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සමඅනන්තබුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතය අතිශයින් සාර්ථක වේවාමතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සමමහා කාරුණිකයම් දිව් රාජයෙක් වේද මෛත්රී නම් වූ  දිව්යරාජයන් වහන්සේදසක්දේව රාජෝත්තමයානන් වහන්සේදමාතෘ දිව් රාජයන් වහන්සේදරන්වැලි මහ සෑරදුන් ඉදිකලකලරට ජාතිය එක්සේසත්කලසම්බුද්ධ ශාසනයට අපරිමේය සේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණුසද්ධාතිස්ස මහ දෙවියන්දශාසනාරක්ෂකලෝකපාලක දෙවියන්ද විරූඪවිරූපාක්ෂවෛශ්රවණදෘතරාශ්ඨ ආදී සතරවරම් දෙවියන්මෙන්ම විශ්ණුකතරගමසමන්පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණ දෙවියන්ශිල්ප ශාස්ත්රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩවිභීෂණලක්ෂ්මීකලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වාඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදයආරක්ෂාවආකර්ෂණය ලැබේවාරට ජාතිය වෙනුවෙන්සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවාකෙළවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා.

බෞද්ද සන්නිවේදනය සදහා වූ ජාත්යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා ...

චායාරූප නරඹන්න
 .





No comments:

Post a Comment