රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Wednesday, December 30, 2020

ගෞතම බුදු සසුනේ සිදුකල 36 වන මහ පැන් පූජාව ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
http:///www.facebook.com/buddhist.foundation

 පසුගිය දිනෙක අම්පාර පුලුකුනාව රජ මහා විහාරයේ මහ පැන් පූජාවක් සිදු කලා. කලක සිට අක්‍රියව තිබූ  නල ලිට අලුතින් මෝටර සවි කර යථා තත්වයට පත් කලා ...

 මේ වෙනුවෙන් පින්වත් කුමෝෂා නංගි දායකත්වය දැරුවා

 වියදම්

මෝටරයට-------------------------------------------------රු 24,000.00
කේබල්  අඩි 10 සහ බුල්ඩො ක්ලිප් --------------රු 7,500.00
---------------------------------------------------------------------------------
මුලු වියදම ------------------------------------------------රු 31,500.00

 

ඉතා දුෂ්කර දිවිපෙවෙතක් ගත කරන මේ විහාරස්ථානයට මෙවන් පරිත්‍යාගයක් කරන්න ලැබීම කුමෝෂා නංගි සිදුකල මහ පිනක් ... අපි මේ කටයුත්ත කලේ මහ රාත්‍රියේයි

 == පැන් පිදීමේ අනුසස් ==

මෙයින් අනූඑක්වන කපෙහි බන්දුමතී නගරයෙහි වතුර ඇද දීමෙන් පවුල රකින දුගී කතක් වූවායඑකල එහි බුදුරදුන් ඇත  මහ සඟන ඇත  දිළිඳු වූ ඇයට දන් දීමට කිසි වස්තුවක් නො තිබිණඑබැවින්  පහන් සිතින් විහාරයෙහි පැන් තැබීම කළාය තොමෝ මරණින් මතු  පිනෙන් තව්තිසා දෙව්ලොව දෙව්විමනක දහසක් දෙවඟනන්ට ප්රධානව උපන්නාය ආයුෂයෙන්  රූපශෝභාවෙන්  සැපයෙන්  පිරිවරින්  ආධිපත්යයෙන්  රූපයෙන්  ශබ්ධයෙන්  ගන්ධයෙන්  රසයෙන්  ස්ප්රෂ්ටව්යයෙන්  යන කරුණු දසයෙන් අන් දෙවඟනන් ඉක්ම සිටියා සසර සැරිසරන්නාවූ   පිනෙන් පනස් වරෙක දෙව්රජුන්ගේ මෙහෙසිය වූවායවිසිවරෙක සක්විති රජුන්ගේ මෙහෙසිය වූවායඅනූ එක් කපක් මුළුල්ලෙහි දේවමනුෂ්ය දෙගතිය හැර අන් ගතියකට නො ගියායඅහසෙහි වුව  කඳු මුදුනකදී වුව  පැන් වුවමනා වෙතහොත් ඇයට සැණෙකින් පැන් ලැබෙන්නේ ඇගේ ශරීරයට කිසි විටෙක උෂ්ණයෙන් පීඩාවක් නො වීය මෙසේ දීර්ඝ කාලයක්  පිනෙන් දෙව් මිනිස් සුව විඳ අප බුදුන් කල මිනිස් ලොව ඉපද පැවිදිව සව් කෙලෙසුන් නසා රහත්ව නිවන් පුරයට පිවිසියාය බුදුසස්නෙහි උදක දායිකා ථෙරි යන නමින් ප්රසිද්ධ වූවා .

 එකනවුතිතො කප්පො යං දකං අදදිං තදා
දුග්ගතිං නාභිජානාමි දකදානස්සිදං ඵලං

 මේ  ස්ථවිරියගේ ප්රකාශනයෙකි.

 මෙයින් එක් අනූවන කපෙහි යම් ජලය දීමක් කළෙම්ද  හේතුවෙන් මේ වන තෙක් කිසිවිටෙක දුර්ගතියට නො පැමිණියෙමිමෙය උදක දානයේ ඵලය  යනු එහි තේරුම යි.

 (ආපදාන පාළියෙන්)

 == පැන් පූජා කළ දාශියක් ==
එක් සමයෙක් හි අප භාග්යවත් බුදුරජාණන් වහන්සේ මහත් වූ බික් සඟන හා කොසොල් රට සැරිසරන සේක් ථුන නම් බමුණු ගම වෙත වැඩම කළ සේකශ්රමණ ගෞතමයෝ ඔවුන්ගේ ගම සමීපයට පැමිණියහ.” යන පුවත එහි වෙසෙන බමුණන් අතර පැතිර ගියේයඑහි වෙසෙන බ්රාහ්මණයෝ මිථ්යා දෘෂ්ටිකයෝ මසුරෝ බුදුරදුන් කෙරෙහි අප්රසන්නයෝ ඔවූහු ශ්රමණ ගෞතමයන් අප ගමට පැමිණ ඔවුන්ගේ දහම මෙහි පැතිර වුවහොත් මේ ජන සමූහයා ඔවුන්ගේ කීම පිළිගන්නෝ ඉන්පසු අපගේ බ්රාහ්මණ ධර්මයට මෙහි තැනක් නැති වන්නේ .” යි බිය වී බුදුරදුන් ගමට ඇතුළු විය නොහෙනු පිණිස තැන තැන ගං ඉවුරෙහි තිබූ යාත්රාවන් ඉවත් කරවූහඒදඬු බිඳ දැමූහපැන්හල් නැති කළහවාසය කළ හැකි ශාලා නැති කළහඑක් ළිඳක් ඉතිරි කොට අන් සියළු ළිං වසා දැමූහභාග්යවතුන් වහන්සේ ඔවුන්ගේ විප්රකාරය දැක අහස් ගමනින් ගඟින් එතෙරව ක්රමයෙන් බමුණු ගමට වැඩ මාර්ගයෙන් ඉවත්ව එක්තරා ගසක සෙවණෙහි බික්සඟන පිරිවරා වැඩහුන් සේක.

 පැන් ගෙන යන්නාවූ බොහෝ ස්ත්රීහු භාග්යවතුන් වහන්සේ සමීපයෙන් එමඟින් පැන් ගෙන ගියෝයකලින් එගම බ්රාහ්මණයන් ශ්රමණ ගෞතමයන් එන කල්හි කිසිවකු පෙර ගමන් කිරීම් ආදියෙන් ඔවුනට කිසිඳු සැලකිල්ලක් නො දැක්වූහඔවුන් අතුරෙන් එක් බ්රාහ්මණයෙකුගේ දාශියක් පැන් කළයක් ගෙන යන්නී භාග්යවතුන් වහන්සේ පිරිවරා වැඩ සිටින බොහෝ භික්ෂූන් ගමන් විඩාවෙන් පිපාසිතව සිටිනා බව පෙනී ශ්රමණ ගෞතමයනට හෝ ඔවුන්ගේ ශ්රාවකයන්ට සැලකිලි නො කිරීමට ගමෙහි බමුණෝ කතිකා කරගෙන සිටින්නාහඑහෙත් මෙබඳ පුණ්යක්ෂේත්රයක් ලැබ පැන් ටිකක්වත් පිළිගන්වා පිනක් කර නො ගතහොත් කවදා මම මේ දුඃඛ ජීවිකාවෙන් මිදෙන්නෙම්දැ” යි සිතා මාගේ ස්වාමියා හා ගම් වැසියෝ මට කරන දඬුවමක් කෙරෙත්වාමම මේ පුණ්යක්ෂේත්රයෙහි පානීය දානයක් දෙමි”  යි අන්ය ස්ත්රීන් විසින් වළක්වත්දී  ජීවිතාපේක්ෂාව හැර හිස තැබූ පැන් කළය ගෙන බිම තබා තථාගතයන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ පැන් පිළිගන්නා සේ යාඥාකළාය.

 එකල්හි තථාගතයන් වහන්සේ ඇයට අනුග්රහ පිණිස පැන් පෙරහා අත්පා සිසිල් කොට පැන් බීම  කළ සේකකළයෙහි පැන් මඳකුදු අඩු නො වීය තොමෝ  ප්රාතිහාර්යය දැක ඉමහත් ප්රීතියට පැමිණ භික්ෂුවකට  පැන් පිළිගැන්වූවාය භික්ෂුව  පැන් පෙරහා ගෙන අත්පා සිසිල් කර පානය  කළේයකළයේ පැන් තිබූ පරිදි  පිරී තිබිණ එසේ සියළුම භික්ෂූන්ට පැන් පිළිගැන්වූවායපැන් කළය පළමු සේම පිරී තිබිණ තොමෝ අතිශය ප්රීතියෙන් පැන් කළය හිස තබා නිවස බලා ගියායතමාගේ දාශිය බුදුරදුන් ඇතුළු මහ සඟනට පැන් පිළිගැන්වූ බව ඇසූ බ්රාහ්මණයා මෑ ගම්වැසියන්ගේ කතිකාව බිඳ මටද අවනම්බු කළාය” යි කිපී බිම පෙරළා ඇයට අතින් පයින් පහර දිණබමුණාගේ ප්රහාරයෙන් දාසිය මියගොස් පැන් පූජා කිරීමේ පින් බලයෙන් තව්තිසා දෙව්ලොව උපන්නායඇයට එහි කල්පවෘක්ෂයක් සහිත අත්යාලංකාර විමානයක් එහි පහළ වියවිමන වටා රිදීවන් වැලිතලා ඇති නිල්මැණික් කඳක් බඳු ජලය ගලා යන රමණීය ගංගාවක් පහළ වියවිමානය ඉදිරිපස පඤ්චවර්ණ පද්ම සමූහයන් ඇති මහා පොකුණක් පහළ වියඑහි ස්වර්ණ නෞකාවක්  පහළ විය එහි දිව්ය සම්පත් විඳිමින් විසුවාය.

 තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් අමතා ආනන්දය ළිඳට ගොස් මා හට පැන් ගෙන එව” යි වදාළ සේකස්වාමිනිමෙගම බමුණන් ළිඳ දූෂණය කොට ඇත්තේයඑබැවින් පැන් නො ගත හැකිය” යි ආනන්ද ස්ථවිරයන් වහන්සේ සැළ කළහදෙවනුව  තුන්වෙනුව  තථාගතයන් වහන්සේ පැන් ගෙන එන්නට වදාළහආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේගේ පාත්රය ගෙන ළිඳ කරා ගියහඋන්වහන්සේ ගිය කල්හි පැනින් පිරී ළිඳ උතුරා යන්නට වියළිඳෙහි වූ වීපොතු පිදුරු ආදී සියල්ල පාවී ගොස් ජලය පිරිසිදු වියඑයින් ගලායන ජලයෙන් ගමෙහි පහත් තැන් යට වන්නට විය ප්රාතිහාර්ය දුටු බමුණෝ මුළු ගමම ජලයෙන් යට වී යනු ඇතැයි බිය වී තථාගතයන් වහන්සේගේ  පිහිට සොයා උන්වහන්සේ වෙත වහා අවුත් ක්ෂමා කරවා ගත්හඑකෙණෙහි ජලය අතුරුදහන් වියඔවූහු භාග්යවතුන් වහන්සේට හා සංඝයාට වාසස්ථාන පිළියෙල කර දී පසු දින දානයට  ආරාධනා කළහපසුදින බුදුරදුන් ඇතුළු සඟනට දන් දී ඔවූහු භාග්යවතුන් වහන්සේ වෙත පැමිණ හිඳ ගත්හ.

 එකෙණෙහි දෙවඟනද තමාගේ සම්පත්තිය බලා ඉමහත් සොම්නසට පැමිණ  මහත් වූ සම්පත්තිය ලැබීමේ හේතුව විමසන්නී  පැන් දීමේ පින බව දැන මහත් සතුටට පැමිණ දැන්  මම භාග්යවතුන් වහන්සේ වෙත ගොස් උන්වහන්සේ වඳිමිමනාකොට පිළිපන්නවුන්ට කරන ස්වල්ප වූ සත්කාරයෙන් මහත් සම්පත් ලැබෙන බවට මිනිස් ලොවට ප්රකාශ  කරන්නෙමි” යි අප්සරා දහස හා විමානයත් සමග තථාගතයන් වහන්සේ වෙත පැමිණ උන්වහන්සේට වැන්දායතථාගතයන් වහන්සේ ඇගෙන්  ප්රශ්න කර මහජනයාට ඇය හඳුන්වා දී ධර්ම දේශනා කළ සේකදෙවඟන දහම් අසා සෝවාන් ඵලයට පැමිණියායපැමිණි පිරිසට  ධර්ම දේශනාව සාර්ථක විය. (විමාන වස්තුවෙන් ගන්නා ලදීඑහි නාවාවිමාන නමින් මෙය දැක්වේ)

 == ගිලන්පස පූජාවේ අනුසස් ==

අම්බපානාදී අෂ්ටපානත්ඒවාට සමාන වන දෙහි දොඩම් ආදියෙන් කරන පාන වර්ගත්වෙඬරු ගිතෙල් සීනි සූකිරි සීනි බෝල පැණි සකුරු මී පැණි තලතෙල් යන මේවාත් සියළුම බෙහෙත් වර්ගත් ගිලන්පස වශයෙන් පිදිය හැකිය.

 අම්බපාන – ජම්බුපාන – චෝචපාන – මෝචපාන – මධුපාන – මුද්දිකපාන – සාලුකපාන – ඵාරුස්කපාන යන මේ අට අෂ්ටපාන නම් වේමේ පාන වර්ග සෑදිය යුත්තේ ඇල්දියෙනිතම්බා සෑදුවහොත් විකාලයෙහි කැප නොවේඇතැම් සැදැහැවත්හු අෂ්ටපානය  සාදා පූජා කෙරෙතිඅඹජම්බුඅටිකෙසෙල්ඇටනැතිකෙසෙල්අමු මුද්රප්පලම්වියලි මුද්රප්පලම්ඕලුගෙඩිකටුගෙඩි යන මේවායින් අෂ්ටපානය සාදනු ලැබේ.

 පිළින්දවච්ඡ තෙරුන් වහන්සේ විසින් තමන් වහන්සේ ගිලන් පස පිදීමෙන් අනුසස් දශයක් ලැබූ බව මෙසේ ප්රකාශ කොට ඇත්තේ .

 භෙසජ්ජං සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ
දසානිසංසෙ අනුහොමි කම්මානුච්ඡවිකෙ මම,
ආයුවා බලවා ධීරො වණ්ණවා යසවා සුඛී,
අනුපද්දවො අනීති  හොමි අපචිතො සදා
 මෙ පියවියොගොත්ථි තස්ස නිස්සන්දතො මම

 (අපදාන පාළි)

 ආනිසංස දශය නම් ආයුෂයශරීර ශක්තියනුවණශරීරයේ යහපත් පැහැයපිරිවරසැපයඋපද්රව නැති බවගොවිතැන් පාළු වීම් ආදී ව්යසන නැති බවගරු බුහුමන් ලැබීමප්රියයන්ගෙන් වෙන් නො වීම යන මේවා .

 == බුද්ධවර්ම මුදලාලි ==

 දඹදිව පාටලීපුත්ර නගරයෙහි බුද්ධවර්ම නමැති වෙළෙන්දෙක් වියගැල්වල බඩු පටවාගෙන වෙළඳාමෙහි ඇවිදින්නා වූ ඔහුට එක් වරෙක භික්ෂු සංඝයා පිරිවරා සත්ත්වයනට සඟමොක් මඟ පහදා දෙමින් සත්ත්වයන් සසර කතරින් එතෙර කරවමින් දනව් සැරිසරන්නා වූ භාග්යවත් බුදුරජාණන් වහන්සේ හමු වූහඔහු දිලිසෙන රන් පහන් ගසක් සේ බබළමින් බික්සඟන පිරිවරා හැසිරෙන තථාගතයන් වහන්සේ දැක ඉමහත් ප්රීතියට පැමිණ උන්වහන්සේ වෙත එළඹ වැඳ බුදුවරුන්ගේ සිරිත් නො දන්නා බැවින් සවස් කාලයේ බතින් නිමන්ත්රණය කළේයබුදුවරයෝ විකාලයෙහි ආහාර නො වළඳන්නාහ” යි තථාගතයන් වහන්සේ වදාළ සේකවෙළඳ තෙමේ හිමියනිතථාගතයන් වහන්සේ විකාලයෙහි කුමක් වළඳන සේක්දැ” යි ඇසීයඔහුගේ පිළිවිසීම නිසා අම්බපානය – ජම්බුපානය – චෝචපානය – මෝචපානය – ඵාරුසකපානය – මධුපානය – මුද්දිකපානය – සාළුකපානය යන මේවා විකාලයෙහි කැපවන්නේ ” යි තථාගතයන් වහන්සේ වදාල සේකවෙළඳ තෙමේ සකුරුවලින් යුක්ත කොට මුද්රික පානයක් පිළියෙල කර තථාගතයන් වහන්සේ ඇතුළු මහසඟනට පිළිගැන්වීයඑය පිළිගෙන වළඳා ඔහුට දහම් දෙසා තථාගතයන් වහන්සේ චාරිකාවෙහි වැඩම කළ සේක.

 වෙළඳ තෙමේ අන් වෙළඳුන් හා   ජනපදයන්හි වෙළඳාමෙහි ඇවිදින්නේ මහාවත්තනිය නම් කාන්තාරයට පැමිණියේ එහිදී ඔවුන් ගෙනගිය පැන් අවසන් වියපැන් ලැබිය හැකි තැනක් කාන්තාරයෙහි නො විණමිනිසුන්ට හා ගවයන්ට පිපාසාව සන්සිඳවා ගැනීමට ක්රමයක් නැති වියගිලන්පස දානය දුන් වෙළෙන්දා පිපාසයෙන් එකින් එක කරත්තවල පැන් විමසමින් ඇවිද්දේයඑක් කරත්තයක මිනිස්සු ඔහු දැක කරුණාවෙන් අමතා මේ සැළියේ පැන් ස්වල්පයක් ඇතඑය පානය කරව” යි කීහඔහු එයින් ගෙන පැන් පීයඔහුට එහි රසය මුද්රික පානයේ රසය මෙන් දැනිණඔහු එදා මා සම්යක් සම්බුද්ධයන් වහන්සේට මුද්රික පානය පිළිගැන්වීමේ අනුසස අද පැමිණියේ වනැයි සිතා පුදුමයට පැමිණ සැළිය විවෘත කර බැලීයසැළිය මුද්රික පානයෙන් පිරී තිබිණඔහු එයින් ඕජාවත් වූ රසවත් වූ මිදි පැන් බඩ පුරා බී පැන් බීමට එන ලෙස සෙස්සන්ට  හඬ නගා කීයසැම දෙනම පැමිණ රිසි සේ මිදි පැන් බී මහත් පුදුමයට පැමිණියෝ වෙළඳ තෙමේ ඔවුනට බුදුරදුන්ගේ අනුසස් හා බුදුන් පිදීමේ අනුසස්  වර්ණනා කළේයගවයන් සහිත සැමදෙන ඇති පමණ පානය කළේ  මිදි පැන් සැළිය හිස් නො විණ ප්රාතිහාර්යයෙන් භාග්යවතුන් වහන්සේ කෙරෙහි අතිශයින් ප්රසන්න වූ වෙළඳ තෙමේ වෙළඳාම අවසන් වූ පසු බුදුරජාණන් වහන්සේ දැක  සිය නිවසට යෙමි යි රජගහ නුවර වේළුවනාරාමයට ගොස් බුදුන් වහන්සේ දැක වැඳ පිළිසඳර කතා කරනුයේ ගිලන්පස දානයෙන් ලද අනුසසත් සිදුවූ ප්රාතිහාර්යයත් තථාගතයන් වහන්සේට සැළ කළේයතථාගතයන් වහන්සේ ඔහුට දහම් දෙසූහවඩාත් පැහැදුනා වූ වෙළඳ තැන බුදුරදුන්ට ආරාධනා කර පසුදින මහාදානයක් දී සිය නිවෙස බලා පිටත් වියඉන්පසු  දානාදී පින්කම් කළා වූ හෙතෙමේ මරණින් මතු දෙව්ලොව දොළොස් යොදුන් රන්විමනක උපන්නේ  විමනෙහි තැනින් තැන දිව්ය මුද්රික පානයෙන් පිරුණු රත්නමය භාජන පිහිටියේ .

 (රසවාහිනියෙන්)

 තවද දිවා රාත්රී පින් වැඩෙන පිංකම් පහක් පිළිබඳව වන රෝප සූත්රයෙහි සඳහන් වේ.

 ආරාම රෝපා වනරෝපා
යේ ජනා සෙතු කාරකා
පපඤ්ච උදපානං 
යෙ දදන්ති උපස්සයං
තේසං දිවා  රත්තෝච
සදා පුඤ්ඤං පවඩ්ඪති

 ඒවා නම් මෙසේය.

 1. ආරාම රෝපණය :- මෙහි ආරාම රෝපනය යනු මල් වතු පළතුරුවතු වැවීම අදහස් කෙරේ.

2.වන රෝපනය :- වන සංරක්ෂණය කිරීම හා වතු වගා කිරීම මින් අදහස් කෙරේ.

3..ඒදඬු පාළම් කරවීම (සේකුකාරක)

4.පැන්හල් ළිං පොකුණු සෑදවීම (පපංච උදපානංච)

5.වාසස්ථාන කරවාදීම (උපස්සය දානය)

මේ අනුව ස්වාමීන් වහන්සේට පැන් ලබාදීම සදා පින් වැඩෙන පින්කමක් බව ධර්මයේ සදහන් වේ.

 තෛකාලික මහා සංඝරත්නය කෙරෙහි පූජා කිරීම

 උතුම් වූ  ධම්ම සේනාධිපති මහා සාරිපුත්ත අග්රශ්රාවකයන් වහන්සේගේ නායකත්වයෙන් යුත්,/ උතුම් වූ අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේන්ගෙන් ආරම්භ වූ උතුම් වූ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ,/ උතුම් වූ  මහා කාශ්යප මහරහතන් වහන්සේ උතුම් වූ  මහා අනුරුද්ධ මහරහතන් වහන්සේ උතුම් වූ  මහා කච්චායන මහරහතන් වහන්සේ ,/ උතුම් වූ මහා කොයිත මහරහතන් වහන්සේ උතුම් වූමහා කප්පින මහරහතන් වහන්සේ ./ උතුම් වූ ආනන්ද මහරහතන් වහන්සේ ,/ උතුම් වූ උපාලි මහරහතන් වහන්සේ ,/ උතුම් වූ මහා චුන්ද මහරහතන් වහන්සේ ./ උතුම් වූ මන්තානිපුත්තපුණ මහරහතන් වහන්සේ  ඇතුළුඅසූ මහා ශ්රාවකයන් වහන්සේලා ප්රධාන කොට ඇති මහා සඝරත්නය පරම්පරා අනුපිළිවෙලින් උපාලි මහරහතන් වහන්සේ ./ උපාලි මහරහතන් වහන්සේන්ගේ සද්ධි විහාරික දාසක මහරහතන් වහන්සේ ./ දාසක මහරහතන් වහන්සේගේ සද්ධි විහාරික සෝණක මහරහතන් වහන්සේ ,/ සෝණක මහරහතන් වහන්සේන්ගේ සද්ධි විහාරික සිගව සහ බඩවජිරි මහරහතන් වහන්සේලා ,/ සිග්ගව සහ චණ්ඩවර්ජි මහරහතන් වහන්සේලාගේ සද්ධි විහාරිකමොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ ,/ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ සද්ධි විහාරික දීපඅප්රසාදක වූ මිහිඳු මහරහතන් වහන්සේ  සහිත වූ සඝ පීතෘ පරම්පරාව නිසා ලක්දිව ප්රථමයෙන් අරිටිය මහරහතන් වහන්සේගේ පහළ වීම සිදුවිය./ අරිට්ඨ මහරහතන් වහන්සේන්ගෙන් ආරම්භ වූලක්දිව මහා සඝ පරපුර තිස්සදත්ත මහරහතන් වහන්සේ  කාළසුමත මහරහතන් වහන්සේ  දිඝනාමක මහරහතන් වහන්සේ  දිසසුමන මහරහතන් වහන්සේ  වශයෙන් පරම්පරානුගතව අද දක්වාම පැවත එන සේක./

 අපගේ මෙම දානයට වැඩම කලා වූ ස්වාමින් වහන්සේලා  එම මහා සඩිස පරපුරෙන් පැවත එන සේක එම නිසා  අප ඉදිරියෙහි වැඩ වසන්නා වූ ස්වාමින් වහන්සේලා අතීත සඝ පරපුර නියෝජනය කරන සේක්  . / වර්තමානයෙහි වැඩවසන්නා වූ ස්වාමින් වහන්සේලා නිසා අනාගත සඝ පරපුර  බිහිවන්නාහු  . / එම නිසා  පවත්නාහු  . / එහෙයින් අප ඉදිරියෙහි වැඩවසන්නා වූ ස්වාමින් වහන්සේලා අනාගත සස පරපුර  නියෝජනය කරන සේක්   අප ඉදිරියේ වැඩවසන්නා වු ස්වාමින් වහන්සේලා කර්ම වාක්ය ප්රකාශ කරන්නේ සියලු සඝරත්නයෙහි නියෝජිත භාවය ලබා ඇත්තාහු  ./ එම කාරණය විශේෂයෙන් සිහිපත් කරමින් එම නියෝජිත භාවය සහිත ස්වාමින් වහන්සේලා සාක්ෂකොට අතීතයෙහි වැඩ විසුවා වූ  අනාගතයෙහි පහළ වන්නා වූ  වමානයෙහි වැඩ වසන්නා වූ   සියලු දිසාවන්ගෙන් පැමිණි

 නොපැමිණි උතුම් වූ  භාග්යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සාසනයෙහි උතුම් වූ සංඝරත්නය කෙරෙහි අප විසින් ශ්රද්ධා ගෞරව පෙරදැරිව පිළියෙල කරන ලද මෙම සියලු පූජාවෝ වන්දන මානන සහිත  / පූජා කරන්නෙමු./

 අප කෙරෙහි අනුකම්පාවෙන්  අපගේ නිවන පිණිස  අප නිවන් දන්නා තුරු නිරවද්ය වූ ත් පහසු වූත් සැප සහිත වූත් වාසය කිරිම පිණිස  අප නිසා නිවන් දක්නා වූ සියලු සත්වයන් හට අනුකම්පා පිණිස  ඔවුන්ගේ  නිවන පිණිස  මෙත්රි පෙරදැරිව පිළිගන්නා සේක්වාකරුණා පෙරදැරිව පිළිගන්නා සේක්වාඅනුකම්පා කරමින්  පිළිගන්නා සේක්වා!

 ඉතින් මෙවන් දානාදි පින්කම් වලට සම්බන්ධ වූ ඔබත් අන් සියලු දෙනාගේම පවුලේ සියලු දෙනාගේ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් අත්වැරදීමකින් හෝ දුක් සහිත තැනක ඉපදී ඇත්නම් සැපවත් තැනක උපදිත්වාසැපවත් තැනක ඇත්නම් වැඩි වැඩියෙන් සැප ලැබේවාකෙලවර අමා මහ නිවන අත්වේවාමේ පින්කම සිදුකල සියලු දෙනාට මෙලොව එලිය ලබාදුන් පින්වත් දෙමාපියන්ටත් මේ පින් ඒකාකාරවම ලැබේවා අය ජීවත් වන්නේනම් නිදුක් නිරෝගී සුවබරමෙන්ම මරණය දක්වාම ධර්ම ගවේශනයට සිහිකල්පනාව ඇති යහපත් ජීවිතයක් ලැබේවාමිය පරලොව ගොස් ඇත්නම් වැරදීමකින් හෝ අයහපත් උත්පත්තියක් ලබා ඇතිනම් යහපත් තැනක උපදින්නටත්යහපත් තැනක ඉපදී ඇත්නම්  යස ඉසුරු වඩා වර්ධනය වන්නටත් මේ පින් හේතු වාසනා වේවා.

 ඔබේ පුංචි දූපුතුන්ගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වේවාධර්මයෙන් ඇති කරන්නේ ප්රඥාවයිමෙපින් බලෙන් ප්රඥාව මෙන්ම බුද්ධියද වර්ධනය වී සියලු විභාග කඩඉම් ජයගෙන රටජාතියආගමට සේවයක් සලසන යහපත් පුරවැදියන් වන්නට මෙපින් හේතු වාසනා වේවා.

 එසේම මේ පින්කම සිදුකල ඔබවන් කළණ මිතුරන් නිසා මා සිදුකරගන්නා කුසල් ප්රමාණයද අප්රමාණයිනිරන්තරයෙන් මා අමතමින් දුක සැප පවා සොයා බලමින්වැටෙන වැටෙන තැන නැගී සිටින්නට ශක්තිය ලබාදෙන ඔබේ ඇසුර පවා මහා සතුටක්එසේ හෙයින් සසර පුරාවටම ඔබවන් කළණ මිතුරන්ම ආශ්රයට ලැබේවාවිශේෂයෙන් මා කෙරේ ඔබ තුබූ විශ්වාසය මත බොහෝ පින්කම් වලට මාවෙත මුදල් එවිම මා ලද භාග්යයක්..

 එසේම මේ පින්කම සිදු කරන්නට නන් අයුරින් සහය ලබාදුන්විශේෂයෙන්ම ප්රවාහන වියදම් අඩුවෙන් ලබාගනිමින්  සියලු කටයුතු සාර්ථකව සිදුකල රියදුරු මහතුන් ඇතුලු ස්වාමීන් වහන්සේලාදායකකාරකාදීන් ආදී සියලු සියලුදෙනාටම මේ පින් හිමිවේවාඅපිට ආහාර පාන නවාතැන් ලබාදුන් සියලු පින්වතුන්ටත් මේ පින් හිමිවේවා.

 

ඔබ විසින් දුක් මහන්සියෙන් හරි හම්බකල මුදල් නිරන්තරයෙන්ම පින්කම් වෙනුවෙන් යොමු කිරීමට ඔබගේ සිත් පහලවීම  ඔබ ලද මහා භාග්යයක්යමෙක් දෙවියෙකු කරන්නේදතිරිසනෙකු කරන්නේද මේ සිතයිඉතින් ඔබ සිත නිවැරදිව හදුනාගෙන යහපතෙහිම යෙදවීමට කයටුතු කිරීම ඔබේ දෙලොව ගමනම සාර්ථක කරවන්නක්සිදුකල සියලු පින් බෙලෙන් ඔබේ සියලු යහපත් පැතුම් සාර්ථක වේවාසසර පුරාවට නැහැ බැහැ කියන වචනයක් වත් අසන්නටවත් නොලැබේවාකෙතරම් ධන සම්පත් ලැබුනත් පංචශීල ප්රතිපදාවෙන් පිට සිතිවිල්ලක් වත් ජනිත නොවේවාජීවිතයට එන අභියෝග හිරු දුටු පිණි මෙන්ආලෝකය දුටු අදුර මෙන් විද්වංසනය වේවා.

 පින්වත් යාලුවනේපංච ආනන්තරිය පාපකර්ම හැර සියලු අකුසල් යටපත් කරන පින්කමක් ඔබ සිදුකලේ ලෙසින්ම දුක් විපාක දෙන සියලු කර්ම යටපත් වේවාසියලු යහපත් ප්රාර්ථනාවන් ඉටුවේවාව්යාපාරඅධ්යාපනකටයුතු සියල්ල සාර්ථක වේවාවැඩි වැඩියෙන් මේ වැනි පින්කම් සිදුකරන්න ශක්තිය ධෛර්යය ලැබේවාමේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවාවිශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබනපියවරක් පාසා නොබියවනොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්බාධක කම්කටොලු අවම වන්නටත්මේ පින හේතුවාසනා වේවාස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්ය දෙයක් උවත්  සියලුඅභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවාසතර දිගින් සතර මහා වස්තු පහල වේවාසිව් දිගින් කප්රුක් පහලවේවාඅහසින් රුවන් වැසි වැටේවාපොළවෙන් මුතු මැණික් මතුවේවාසසරපුරාවටම නැහැ බැහැ කියනවචනයක්වත් අහන්නට නොලැබේවානිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්රඥාවන්හි කිසිදු අඩුවක්නොවේවාමෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවානිවන් දක්නා ජාතිදක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින්පන්සිල් රකින ප්රදේශයක උපත ලබත්වානිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවාකිසිදුකලෙක පිරිස් සම්පත් අඩුනොවේවාසිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා සසර පුරාම දන්දෙන්නට සිත්පහලවේවාදුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන්පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

 ජයශ්රී මහබෝ සමිදු බලෙන්රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑආනුභාවයෙන්කේෂධාතූන් වහන්සේලලාට ධාතූන් වහන්සේ,ග්රීවා ධාතූන් වහන්සේඅකු ධාතූන් වහන්සේ,සතර දලදා වහන්සේආනුභාවයෙන්සතර ශ්රීපාද ස්ථානයේ ආනුභාවයෙන්බුද්ධගයා බෝධීන් වහන්සේ හාවජ්රාසනයේ ආනුභාවයෙන්තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේප්රතිමා වහන්සේසෑරදුන්වහන්සේලාසියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්විශ්වයේ පහලවූ සියලු බුදුපසේබුදුමහරතුන්වහන්සේලාගේ ආනුභාවයෙන්තණ්හංකරදීපංකරමේධංකරකොණ්ඩඤ්ඤමංගලසුමනරේවතසෝභිත,අනෝමදස්සීපදුමනාරදපදුමුත්තරසුනීතසුජාතපියදස්සීඅත්තදස්සීධම්මදස්සීසිද්ධත්තතිස්සඵුස්ස,විපස්සීසිඛීවෙස්සභූකකුසදකෝණාගමනථ කාශ්යපගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුටපවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සමඅනන්තබුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතයඅතිශයින් සාර්ථක වේවාමතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සමමහා කාරුණිකයම් දිව්යරාජයෙක් වේද මෛත්රී නම් වූ  දිව්යරාජයන් වහන්සේදසක්දේව රාජෝත්තමයානන් වහන්සේදමාතෘ දිව්යරාජයන් වහන්සේදරන්වැලි මහ සෑරදුන් ඉදිකලකලරට ජාතිය එක්සේසත්කලසම්බුද්ධ ශාසනයට අපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණුසද්ධාතිස්ස මහදෙවියන්දශාසනාරක්ෂකලෝකපාලක දෙවියන්ද විරූඪවිරූපාක්ෂවෛශ්රවණදෘතරාශ්ඨ ආදී සතරවරම්දෙවියන්මෙන්ම විශ්ණුකතරගමසමන්පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණදෙවියන්ශිල්ප ශාස්ත්රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩවිභීෂණලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වාඔබට සියලු දෙවියන්ගේආශිර්වාදයආරක්ෂාවආකර්ෂණය ලැබේවාරට ජාතිය වෙනුවෙන්සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහාසේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවාකෙළවරඅමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා.

 පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හටනිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

 බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්යන්තර පදනම  වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා විසිනි.

 විස්තර නරඹන්න.




















  


No comments:

Post a Comment