රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Monday, April 19, 2021

ගෞතම බුදු සසුනේ සිදුකල 31 වන කරඩු පූජාව හා 5වන අටුවා පූජාව ...


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

අප විසින්පසුගිය දින අටුවා පූජාවක් සිදුකලා වැල්ලවාය වනගත ආරණ්‍ය සේනාසනයකටයි.

මේ වෙනුවෙන් කරඩුව පූජා කලේ රුවන්මාලී වික්‍රමරත්න අක්කා විසින්.

 අටුවා වෙනුවෙන් පූර්ණ මූල් දායකත්ය ලබාදුන්නේ කුමේෂා අබේවීර නංගි හා අනිල් රණතුංග මල්ලි  විසින්.

කුමෝෂා නංගි -------රු 30,000.00
අනිල්
රණතුංග මල්ලි රු 20,000.00
---------------------------------------
ලද මුදල-------------- රු 50,000.00

 මුලු වියදම්.

අටුවා සහ ටීකා-------- රු 37,210.00
වානේ අල්මාරිය --------රු 15,000.00
ප්රවාහන වියදම ----------රු 7,000.00
--------------------------------------------------
මුලු වියදම්                        රු 59,210.00

හිග මුදල රු 9210.00 පදනම් ගිනුමින් පියෙව්වා...

කරඩු පූජා, බුදුපිලිම වහන්සේ ඇතුලු සියලු දේ භාග්යවතුන් වහන්සේ වෙනුවෙන් පූජා කිරීම අති මහත් පින්කමක්.

 

 කරඬු පූජා කිරීමේ ආනිශංස 🌻

 🔸ශරීරයේ විවිධ රෝග හට නොගනී.නිරෝගී සම්පත්තිය ලැබේ.
 🔸ශරීරයේ කැලැල් හට නොගනී.සියුමැලි වේ.
🔸රන්වන් බැබළෙන ශරීරයක් සියලු භවයන්හි ලබයි
🔸මනාව පිහිටි පා ඇත්තේ වේ.
🔸දිව් මනුෂ්ය දෙගතියෙහි උපත ලැබීමට හේතු වේ.
🔸සක්දෙව් පදවිය, සක්විති රජ පදවිය ලබන්නට සුදුසු වේ.
🔸මිනිස් ලොව උසස් තනතරු,පදවි ලබන්නට හේතු වේ
🔸දුගතියෙහි උපත නොලබයි
🔸මහත් යසස් ඇත්තේ වේ.
🔸විපත්ති දුරු වේ.හැම කල්හි ආරක්ෂාව ඇත්තේ වේ.
🔸බිය නැත්තේ වේ.
🔸ගුණයෙන්, ධනයෙන් පොහොසත් වේ.
🔸ප්රඥාවන්ත වේ.
🔸අචංචල යහපත් ගතිගුණ ඇති ගුණවන්තයෙකු වේ.
🔸අප්රියයන් හා එක් නොවීම පිණිස මේ පින හේතු වේ.
🔸ප්රියයන් හා එක් වීමට උපනිශ්රය වේ.
🔸නිර්වාණාවබෝධයට අපහසුවෙන් තොරව ළඟාවීමට උපනිශ්රය වේ.
🔸නිර්වාණය අවබෝධය පිණිස හේතු වේ
🔸එතෙක් කිසිදු දුගතියක නූපදී

 එවන් මහා ආනිසංස දායක පින්කමක්.

 අටුවා සහ ටීකා  පොත් වහන්සේ පූජාව ... 

පින්වත් යාලුවනේ බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ ධර්මදානයේ ඵල විපාක මෙච්චරය කියන්න බැහැ.

 සබ්බ දානං ධම්ම දානං ජිනාති

ධර්ම දානය හා සමකල හැකි කිසිද්දු දානයක් නෑ.

ධර්ම දානය උතුම් බවත් එහි ආනිසංස පහක් බවත් දේශනා පාලියෙහි සඳහන්ව තියෙනව.

1. බොහෝ දෙනාට ප්රිය වීම (බහුනො ජනස්ස පියො හොති)
2. සත්පුරුෂ ආශ්රය ලැබීම (සප්පුරිසො භජන්ති)
3. කීර්තිය පැතිරීම (කල්යාණොකිත්ති සද්දො අභුග්ග චඡති)
4. ගිහි ධර්ම කෙළසා නොගැනීම (ගිහි ධම්මො අන පෙනා හොති)
5. දෙව්ලොව ඉපදීම (පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති)

  ධර්ම දානය කරන ක්රම කිහිපයක්ම තියෙනවමේ බලන්න.

1. ධර්ම දේශනා කිරීම
2. ධර්ම දේශනා කරවීම හා ධර්ම පූජා පැවැත්වීම
3. දහම් පොත් පත් සඟරා මුද්රණය කර බෙදා හැරීම
4. ධර්මය ඉගැන්වීම
5. පිරිස් වලට බණපොත් කියවීම
6. අන්යයන් ශීලයෙහි ගුණයෙහි පිහිටුවීම
7. දරුවන්ට ධර්මය උගන්වා ධර්ම දේශකයන් කරවීම
8. ධර්ම දේශක භික්ෂූන්ට දහම් පොත් පත්තෙල් පහන්බෙහෙත්වාහනමුද්දරගමන්පහසුවිජිනි පත් හා සිවුපසය ආදිය සැපයීම
9. ධර්මය ඉගෙන ගන්නා භික්ෂූන්ට දහම් පොත් පත් තීන්ත පෑන් කඩදාසි තෙල් පහන් හා සිව්පස දීම
10. ඉරුදින දහම් පාසල් පිහිටුවීමපවත්වාගෙන යාමධර්මය ඉගෙන ගන්නා ළමයින්ට තෑගි බෝග දී උනන්දු කරවීමඇඳුම් පැළඳුම් පොත් පත් දීම
11. ධර්ම දේශකයන් වහන්සේලාට අවශ් වියදම් දීම,
12. ධර්ම ශාලා කරවීමසැරසීමඒවාට පහන් පැදුරු ආදිය සැපයීම
13. ධර්මාසන කරවීම හා ඒවාට ඇතිරිලිඋඩු වියන් බුමුතුරුණුපාවාඩ පූජා කිරීම
14. ධර්ම දේශකයන් වහන්සේලාගේ පා සේදීමපය පිස දැමීමවියන් ඇල්ලීමපාවාඩ දැමීම
15. පිරිස් වන්දනාපූජාධර්ම සජ්ක්ධායනාදි විවිධ පින්කම් වල යෙදවීම

 

මේ ආදී ධර්ම දානයට උපකාරී වන ලොකු කුඩා සියලු කටයුතු කිරීම ධර්ම දානමය කුසල් ලැබීමට හේතුවන බව සැලකිය යුතුයිධර්ම දේශනා කිරීමට භික්ෂූන් වහන්සේ නමක් වඩින විට තමන්ගේ අත්ලේන්සුව හෝ තුවාය හෝ පාවාඩයක් හැටියට එලා සමහර ශ්රද්ධාවන්ත උපාසක උපාසිකාවෝ ධර්ම දානමය කුසල් සිදු කර ගනිතිධර්ම දේශකයන් වහන්සේ දැක නැගිටීම  වැඳීම  සාදුකාර දීම  කුසල් බව සිතට ගත යුතුයසද්ධර්මාලංකාරයෙහි මෛත්රී බුදුන් දකින්නන් දැක්වෙන තැන මෙසේ සඳහන්වේ. ‘බණ කියන ගෙයි පහන් දැල්වූවෝ  මෛත්රි බුදුන් දකිති’.

බණ කියන්නන් ආචාර උපචාරයෙන් වඩා ගෙනවුත් සකස් කොට බණ පැවැත්වූවෝ දකිතිවිජිනිපත් දුන්නෝ  දකිතිබණ පොත ලියවූවෝ දකිතිතමන් ලියවූ පොත අකුරු ගණනින් චක්රවර්තී සම්පත් ආදි වූ සැපත් ලදින් සුවපත් වූවෝ මෙතේ්බුදුන් දකින්නාහුමයතවද ආමිස ධර්ම දානාදියෙන් සංඝයා වහන්සේට සත්කාර කළාහු දකිත්මය.

 පින්වත් යහලුවනේ ධර්ම දානය අට මහ කුසල්වලට අයිතියිඅට මහ කුසල් කියන්නෙ දැනට කරන්න පුලුවන් බලගතුම පින්කම් අටක්මෙන්න  අට.

 1.කඨින සිවුරක් පූජා කිරීම
2.අටපිරිකර පූජාකිරීම
3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
5.බුද්ධ ධර්ම දානය සිදුකිරීම.
6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම
7.බුදු පිළිම සෑදවීමචෛත් විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.

 යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේමේ පින්කම් වල ආනිසංස කියල නිම කරන්න බැහැකල්ප කෝටි ගණන් විපාක දෙන පින්කම් මේව විතරක් නෙවෙයිපංච ආනන්තරයි පාපකර්ම හැර ( මව මැරීමපියා මැරීමරහතුන් මැරිමබුදුන්ගේ ඇගේ ලේ සෙලවීමසංඝභේදය )අනිත් සියලු පව් යටපත් කරන්න තරම් මේ පින්කම් බලවත්.

 ඊට අමතරව මේ  විහාරස්ථානයට පැමිණ මේ පොත්වහන්සේලා කියවා ධර්මය ඉගෙන ගන්නට සෑම අයෙකුටම අවස්ථාව ලබාදේවිඉන් ජනිත වන්නේ අපමණ කුසලයක්ස්වාමීන් වහන්සේටත් ධර්මය ඉගෙනගැනීමට මෙම පූජාව මහා රුකුලක් වේවා.

 තෛකාලික මහා සංඝරත්නය කෙරෙහි පූජා කිරීම

 උතුම් වූ  ධම්ම සේනාධිපති / මහා සාරිපුත්ත අග්රශ්රාවකයන් වහන්සේගේ නායකත්වයෙන් යුත්,/ උතුම් වූ / අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේන්ගෙන් ආරම්භ වූ / උතුම් වූ / මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ,/ උතුම් වූ  මහා කාශ්යප මහරහතන් වහන්සේ උතුම් වූ  මහා අනුරුද්ධ මහරහතන් වහන්සේ උතුම් වූ  මහා කච්චායන මහරහතන් වහන්සේ ,/ උතුම් වූ / මහා කොයිත මහරහතන් වහන්සේ උතුම් වූමහා කප්පින මහරහතන් වහන්සේ ./ උතුම් වූ / ආනන්ද මහරහතන් වහන්සේ ,/ උතුම් වූ / උපාලි මහරහතන් වහන්සේ ,/ උතුම් වූ / මහා චුන්ද මහරහතන් වහන්සේ ./ උතුම් වූ / මන්තානිපුත්තපුණ මහරහතන් වහන්සේ  ඇතුළුඅසූ මහා ශ්රාවකයන් වහන්සේලා / ප්රධාන කොට ඇති මහා සඝරත්නය / පරම්පරා අනුපිළිවෙලින් / උපාලි මහරහතන් වහන්සේ ./ උපාලි මහරහතන් වහන්සේන්ගේ සද්ධි විහාරික / දාසක මහරහතන් වහන්සේ ./ දාසක මහරහතන් වහන්සේගේ සද්ධි විහාරික / සෝණක මහරහතන් වහන්සේ ,/ සෝණක මහරහතන් වහන්සේන්ගේ සද්ධි විහාරික / සිගව සහ බඩවජිරි මහරහතන් වහන්සේලා ,/ සිග්ගව සහ චණ්ඩවර්ජි / මහරහතන් වහන්සේලාගේ සද්ධි විහාරිකමොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ ,/ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ සද්ධි විහාරික / දීපඅප්රසාදක වූ / මිහිඳු මහරහතන් වහන්සේ  සහිත වූ සඝ පීතෘ පරම්පරාව නිසා / ලක්දිව ප්රථමයෙන් / අරිටිය මහරහතන් වහන්සේගේ පහළ වීම සිදුවිය./ අරිට්ඨ මහරහතන් වහන්සේන්ගෙන් ආරම්භ වූලක්දිව මහා සඝ පරපුර / තිස්සදත්ත මහරහතන් වහන්සේ  / කාළසුමත මහරහතන් වහන්සේ  / දිඝනාමක මහරහතන් වහන්සේ  දිසසුමන මහරහතන් වහන්සේ  වශයෙන් / පරම්පරානුගතව / අද දක්වාම පැවත එන සේක./

 අපගේ මෙම දානයට වැඩම කලා වූ / ස්වාමින් වහන්සේලා  / එම මහා සඩිස පරපුරෙන් පැවත එන සේක එම නිසා  අප ඉදිරියෙහි වැඩ වසන්නා වූ ස්වාමින් වහන්සේලා අතීත සඝ පරපුර / නියෝජනය කරන සේක්  . / වර්තමානයෙහි වැඩවසන්නා වූ / ස්වාමින් වහන්සේලා නිසා / අනාගත සඝ පරපුර  ? බිහිවන්නාහු  . / එම නිසා  පවත්නාහු  . / එහෙයින් / අප ඉදිරියෙහි වැඩවසන්නා වූ ස්වාමින් වහන්සේලා / අනාගත සස පරපුර  / නියෝජනය කරන සේක්   අප ඉදිරියේ වැඩවසන්නා වු ස්වාමින් වහන්සේලා / කර්ම වාක් ප්රකාශ කරන්නේ සියලු සඝරත්නයෙහි / නියෝජිත භාවය ලබා ඇත්තාහු  ./ එම කාරණය විශේෂයෙන් සිහිපත් කරමින් / එම නියෝජිත භාවය සහිත ස්වාමින් වහන්සේලා සාක්ෂකොට / අතීතයෙහි වැඩ විසුවා වූ  / අනාගතයෙහි පහළ වන්නා වූ  වමානයෙහි වැඩ වසන්නා වූ   සියලු දිසාවන්ගෙන් පැමිණි

 නොපැමිණි / උතුම් වූ  භාග්යවත් වූ / අරහත් වූ / සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සාසනයෙහි / උතුම් වූ සංඝරත්නය කෙරෙහි / අප විසින් ශ්රද්ධා ගෞරව පෙරදැරිව / පිළියෙල කරන ලද / මෙම සියලු පූජාවෝ / වන්දන මානන සහිත  / පූජා කරන්නෙමු./

 අප කෙරෙහි අනුකම්පාවෙන්  / අපගේ නිවන පිණිස  / අප නිවන් දන්නා තුරු 7 නිරවද් වූ ත් / පහසු වූත් / සැප සහිත වූත් / වාසය කිරිම පිණිස  / අප නිසා නිවන් දක්නා වූ / සියලු සත්වයන් හට / අනුකම්පා පිණිස  / ඔවුන්ගේ  නිවන පිණිස  / මෙත්රි පෙරදැරිව පිළිගන්නා සේක්වාකරුණා පෙරදැරිව පිළිගන්නා සේක්වාඅනුකම්පා කරමින්  පිළිගන්නා සේක්වා!

 ඉතින් පින්වත් ඔබට මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවාවිශේෂයෙන්ම කායිකමානසික පීඩාවන්ගෙන්තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබන පියවරක් පාසානොබියවනොසැලීදුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්බාධක කම්කටොලු අවම වන්නටත් මේ පිනහේතුවාසනා වේවා.ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන් දෙයක් උවත්  සියලු අභියෝගයන්ටඅභීතව මුහුණදෙන්නටඔබට මේ පින හේතුවාසනා වේවාසසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නටනොලැබේවානිවන්දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවාමෙපින් බලෙන්ගැඹුරු ධර්මතාවන්පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවානිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙනපරිසරයකම උපතලබන්නටත්සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්රදේශයක උපතලබත්වානිවන්දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවාකිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා.සිතනිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවාදුන්දෙයක කිසි කලෙකසිත්නොඇලෙන්නටත්දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

මේ භවයේ මේ චිත්තක්ෂණයේ පටන්ම සතර මහා නිධාන පහල වේවාසතර වටින් මහා කප්රුක් පහලවේවා,අහසින් රුවන් වැසි වැටේවාපොළවෙන් රන් මිණි මුතු මතුවේවානැහැ බැහැ කියන වචනයක් වත් අසන්නටනොලැබේවාඅපට කල දේ එකක්නම් ඒවා ඔබට පොලවේ වැලි කැට පමණටමහ මුහුදේ ජල බින්දු තරමට ලැබේවා.බක්කුල මහ රහතුන් වහන්සේට මෙන් නීදුක් නිරෝගී බවේ අඩුවක් නොවේවාසීවලී මහ රහතුන් වහන්සේ නළල්තලයේ වැඩ සිටිනවා මෙන් ප්ත් ලාභයේ අඩුවක් නොවේවාතව තවත් සම්බුද්ධ ශාසනයට සේවය කිරීමට සතරවරම් දෙවියෝ සතර වටින් ආරක්ෂා කරත්වා,ධාතු කරඩුවක් මෙන් ඔබව රකිත්වාඔබ පතන උතුම් අධිගම ලාභය ඒඅයුරින්ම ඔබට සම්පූර්ණ කරගන්නට හැකියාව ලැබේවා ගමනේදී කරදර බාධකමාරක බාධකසතුරු උපද්‍,රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන්ගින්නෙන් ජලයෙන්,වස විසෙන් අවි ආයුධයන්ගෙන් මනුෂ්යයන්ගෙන් ,තිසිසන් ගත සතුන්ගෙන් සීතලෙන්උණුසුමෙන්බඩගින්නෙන්පිපාසයන්ගෙන්මැසි මදුරුවන්ගෙන්අව්වෙන්වැස්සෙන් පින්නෙන් විසකුරු සර්පයන්ගෙන්වාතයෙන්පිතෙන්සෙමෙන් තුන්දොසින්රාගදෝෂමෝහ ආදීඋප පීලක උපඝාතක ආදී විපාක වලින්වත්බියෙන්තැතිගැන්මෙන්රෝම උද්ගමනයක් හිස්සාවක්පීඩාවක්ඉදුලක්කිලුටක්කිල්ලක්,ඇත්නම්  සියල්ල ඉරු දුටු අදුරක්සේ නියත විද්වංසනය වේවාවෙන්න දෙයක් ඇත්නම්සිහිනෙකින්වත් සිදු නොවේවාතබන පියවරක් පාසාගන්න හෙලන හුස්ස රැල්ලක් පාසාගෙවෙන විනාඩියක්තත්පරයක් පාසාරත්නත්රයේ අසීමිත ගුණානුභාවයේ බලයෙන් සම්මස්ලේ , නහරඇටඇට මිදුලුදක්වාවිහිදෙමින් සර්ව ආරක්ෂාව සැලසී නිදුක් නීරෝගීආයුවර්ණසැපබලප්ඥා පහල වේවාවාප පිත් සෙම් තුන්දොස් සමනය වේවාපඨවි ආපෝතේජෝවායෝසතර දෝෂ සමනය වේවා,කර්මඍතුආහාරචතුසමුට්ඨානිකඍතු සමුට්ඨානික රූප කලාප නිරධෙ වේවාසියලු රෝගාබාධ ගතවන පැයෙන් පැයවිනාඩියෙන්විනාඩියතත්පරයෙන් තත්පරයචිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයසුවපත් වේවාදෙදෙව්ලොවට අධිපත්,සක්දෙවිදුන්සුමන සමන්දෙවියන්විෂණු කතරගම ඇතුලු මේ බුද්ධ ශාසනයත්ලෝකයත් ඔබවත් අපවත් ආරක්ෂාකරන්නාවූ සම්යදෘෂ්ඨික දෙවියෝදනොපෙනෙන බලයන්ගේ අරක්ෂාව නිබද දවසින් දවසම ලැබේවාමේ පින්වත්පිරිස යන එන ගමන් බිමන්කරන කියන රැකියාතමන්ගේ දුවා දරුවන්ගේඉගෙනීමේ කටයුතු පුරපස මෝරනචන්ද්යා මෙන් ඉෂ්ඨ සිද්ධ වේවා.ඔබට සමත විදර්ශනා ඥානයන් පහල වේවා.

ජයශ්රී මහබෝ සමිදු බලෙන්රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑආනුභාවයෙන්,කේෂධාතූන් වහන්සේලලාට ධාතූන් වහන්සේ,ග්රීවා ධාතූන් වහන්සේඅකු ධාතූන් වහන්සේ,සතර දලදා වහන්සේ,ආනුභාවයෙන්සතර ශ්රීපාද ස්ථානයේ ආනුභාවයෙන්බුද්ධගයා බෝධීන් වහන්සේ හාවජ්රාසනයේආනුභාවයෙන්තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේප්රතිමා වහන්සේසෑරදුන්වහන්සේලාසියලුසර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්විශ්වයේ පහලවූ සියලු බුදුපසේබුදුමහරතුන්වහන්සේලාගේආනුභාවයෙන්තණ්හංකරදීපංකරමේධංකරකොණ්ඩඤ්ඤමංගලසුමනරේවතසෝභිත,අනෝමදස්සී,පදුමනාරදපදුමුත්තරසුනීතසුජාතපියදස්සීඅත්තදස්සීධම්මදස්සීසිද්ධත්තතිස්සඵුස්ස,විපස්සීසිඛී,වෙස්සභූකකුසදකෝණාගමනථ කාශ්යපගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුටපවාකල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සමඅනන්තබුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතයඅතිශයින්සාර්ථක වේවා.

මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සමමහා කාරුණිකයම් දිව්යරාජයෙක් වේද මෛත්රී නම්වූ  දිව්යරාජයන් වහන්සේදසක්දේව රාජෝත්තමයානන් වහන්සේදමාතෘ දිව්යරාජයන් වහන්සේදරන්වැලි මහසෑරදුන් ඉදිකලකලරට ජාතිය එක්සේසත්කලසම්බුද්ධ ශාසනයට අපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත්බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණුසද්ධාතිස්ස මහදෙවියන්දශාසනාරක්ෂකලෝකපාලකදෙවියන්ද විරූඪවිරූපාක්ෂවෛශ්රවණදෘතරාශ්ඨ ආදී සතරවරම්දෙවියන්මෙන්ම විශ්ණුකතරගමසමන්,පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණදෙවියන්ශිල්ප ශාස්ත්රයට අධිපති සරස්වතී ආදිදෙවියන් ඇතුලුව දැඩිමුන්ඩවිභීෂණලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින්අනුමොදන් වෙත්වාඔබට සියලු දෙවියන්ගේආශිර්වාදයආරක්ෂාවආකර්ෂණය ලැබේවාරට ජාතිය වෙනුවෙන්,සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක්ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධශක්තිය ලැබේවාගතවන චිත්තක්ෂණයක් පාසා මේ උතුම් ගාම්භීර චතුරාර්ය සත්යය නිවැරදිව සුවසේ අවබෝධකරගෙන දාන සීල භාවනා තිවිධ පුණ් ක්රියා සිදුකරමින්සිල සමාධි ප්ාව ආදිී ත්රි ශික්ෂාව වර්ධනයකරගෙනපතන බෝධියෙන් අමා නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.‘

 අපද පතන යම් බෝධියක් වේද  බෝධියෙන්ම නිර්වාණ අවබෝධයට මේ පින හේතු වාසනා වේවා ..

චායාරූප නරඹන්න

















 

No comments:

Post a Comment