රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Tuesday, April 5, 2022

28 වන ත්‍රිපිටක පූජාව ...

 


 එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 පසුගිය දිනක පින්වත් කළණ මිතුරු දායකත්වයෙන් සිදුකල 28වන ත්රිපිටක පූජාවන් සිදු කලා. ඒ හම්බන්තොට, කටුවැව ශ්‍රී සම්බුද්ධාලෝක රජමහා විහාරයටයි. ඒ වෙනුවෙන් පින්වත් නිහාල් වික්‍රමසිංහ අයියා රු 127,000.00ක වියදමක් දරුවා...

ලද මුදල --- රු 127,000.00

 වියදම
ත්‍රිපිටක වියදම -----රු 95,540.00
අල්මාරිය------------රු 27,000.00
ප්‍රවාහන වියදම-----රු 23,000.00
---------------------------------------
මුලු වියම--------- රු 145,540.00

 හිග මුදල රු 23,000.00පදනමින් දරානු ලැබුවා ....

 ත්රිපිටක පූජාවේ ආනිසංස 

පින්වත් යාලුවනේ බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ ධර්මදානයේ ඵල විපාක මෙච්චරය කියන්න බැහැ.

 සබ්බ දානං ධම්ම දානං ජිනාති
ධර්ම දානය හා සමකල හැකි කිසිද්දු දානයක් නෑ.

 ධර්ම දානය උතුම් බවත් එහි ආනිසංස පහක් බවත් දේශනා පාලියෙහි සඳහන්ව තියෙනව.

 බොහෝ දෙනාට ප්රිය වීම (බහුනො ජනස්ස පියො හොති)
'ත්පුරුෂආශ්රය ලැබීම (සප්පුරිසො භජන්ති)
කීර්තියපැතිරීම (කල්යාණොකිත්ති සද්දො අභුග්ග චඡති)
ගිහිධර්ම කෙළසා නොගැනීම (ගිහි ධම්මො අන පෙනා හොති)
දෙව්ලොවඉපදීම (පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති)

 ධර්ම දානය කරන ක්රම කිහිපයක්ම තියෙනවමේ බලන්න. 

ධර්ම දේශනා කිරීම
ධර්මදේශනා කරවීම හා ධර්ම පූජා පැවැත්වීම
දහම්පොත් පත් සඟරා මුද්රණය කර බෙදා හැරීම
ධර්මයඉගැන්වීම
පිරිස්වලට බණපොත් කියවීම
අන්යයන්ශීලයෙහි ගුණයෙහි පිහිටුවීම

දරුවන්ටධර්මය උගන්වා ධර්ම දේශකයන් කරවීමධර්මදේශක භික්ෂූන්ට දහම් පොත් පත්තෙල් පහන්බෙහෙත්වාහනමුද්දරගමන්පහසුවිජිනි පත් හා සිවුපසය ආදිය සැපයීම

ධර්මයඉගෙන ගන්නා භික්ෂූන්ට දහම් පොත් පත් තීන්ත පෑන් කඩදාසි තෙල් පහන් හා සිව්පස දීම

 ඉරුදිනදහම් පාසල් පිහිටුවීමපවත්වාගෙන යාමධර්මය ඉගෙන ගන්නා ළමයින්ට තෑගි බෝග දී උනන්දු කරවීමඇඳුම් පැළඳුම් පොත් පත් දීම

 ධර්මදේශකයන් වහන්සේලාට අවශ්ය වියදම් දීම,
ධර්මශාලා කරවීමසැරසීමඒවාට පහන් පැදුරු ආදිය සැපයීම
ධර්මාසනකරවීම හා ඒවාට ඇතිරිලිඋඩු වියන් බුමුතුරුණුපාවාඩ පූජා කිරීම
ධර්මදේශකයන් වහන්සේලාගේ පා සේදීමපය පිස දැමීමවියන් ඇල්ලීමපාවාඩ දැමීම
පිරිස්වන්දනාපූජාධර්ම සජ්ක්ධායනාදි විවිධ පින්කම් වල යෙදවීම

 මේ ආදී ධර්ම දානයට උපකාරී වන ලොකු කුඩා සියලු කටයුතු කිරීම ධර්ම දානමය කුසල් ලැබීමට හේතුවන බව සැලකිය යුතුයිධර්ම දේශනා කිරීමට භික්ෂූන් වහන්සේ නමක් වඩින විට තමන්ගේ අත්ලේන්සුව හෝ තුවාය හෝ පාවාඩයක් හැටියට එලා සමහර ශ්රද්ධාවන්ත උපාසක උපාසිකාවෝ ධර්ම දානමය කුසල් සිදු කර ගනිතිධර්ම දේශකයන් වහන්සේ දැක නැගිටීම  වැඳීම  සාදුකාර දීම  කුසල් බව සිතට ගත යුතුයසද්ධර්මාලංකාරයෙහි මෛත්රී බුදුන් දකින්නන් දැක්වෙන තැන මෙසේ සඳහන්වේබණ කියන ගෙයි පහන් දැල්වූවෝ  මෛත්රි බුදුන් දකිති’.

 බණ කියන්නන් ආචාර උපචාරයෙන් වඩා ගෙනවුත් සකස් කොට බණ පැවැත්වූවෝ දකිතිවිජිනිපත් දුන්නෝ  දකිතිබණ පොත ලියවූවෝ දකිතිතමන් ලියවූ පොත අකුරු ගණනින් චක්රවර්තී සම්පත් ආදි වූ සැපත් ලදින් සුවපත් වූවෝ මෙතේ්බුදුන් දකින්නාහුමයතවද ආමිස ධර්ම දානාදියෙන් සංඝයා වහන්සේට සත්කාර කළාහු දකිත්මය.

 පින්වත් යහලුවනේ ධර්ම දානය අට මහ කුසල්වලට අයිතියිඅට මහ කුසල් කියන්නෙ දැනට කරන්න පුලුවන් බලගතුම පින්කම් අටක්මෙන්න  අට.

 1.කඨින සිවුරක් පූජා කිරීම
2.අටපිරිකර පූජාකිරීම
3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
5.බුද්ධ ධර්ම දානය සිදුකිරීම.
6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම7.බුදු පිළිම සෑදවීමචෛත්ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.

 යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේමේ පින්කම් වල ආනිසංස කියල නිම කරන්න බැහැකල්ප කෝටි ගණන් විපාක දෙන පින්කම් මේව විතරක් නෙවෙයිපංච ආනන්තරයි පාපකර්ම හැර මව මැරීමපියා මැරීමරහතුන් මැරිමබුදුන්ගේ ඇගේ ලේ සෙලවීමසංඝභේදය )අනිත් සියලු පව් යටපත් කරන්න තරම් මේ පින්කම් බලවත්.

 ඊට අමතරව මේ  අභිධර්ම මන්දිරයට  පැමිණ මේ පොත්වහන්සේලා කියවා ධර්මය ඉගෙන ගන්නට සෑම අයෙකුටම අවස්ථාව ලබාදේවිඉන් ජනිත වන්නේ අපමණ කුසලයක්ස්වාමීන් වහන්සේටත් ධර්මය ඉගෙනගැනීමට මෙම පූජාව මහා රුකුලක් වේවා.

 පි මේ පොත්වහන්සේලා මූලිකව සග සතුකොට පූජා කලේ.  සංඝයා වහන්සේ ගිහි පින්වතුන්ගේ පපරිහරණයට අවශ්ය පරිදි ලබා දේවි 

 තෛකාලික මහා සංඝරත්නය කෙරෙහි පූජා කිරීම
———————————————————————————  

උතුම් වූ  ධම්ම සේනාධිපති මහා සාරිපුත්ත අග්රශ්රාවකයන් වහන්සේගේ නායකත්වයෙන් යුත්,/ උතුම් වූ අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේන්ගෙන් ආරම්භ වූ උතුම් වූ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ,/ උතුම් වූ  මහා කාශ්යප මහරහතන් වහන්සේ උතුම් වූ  මහා අනුරුද්ධ මහරහතන් වහන්සේ උතුම් වූ  මහා කච්චායන මහරහතන් වහන්සේ ,/ උතුම් වූ මහා කොයිත මහරහතන් වහන්සේ උතුම් වූමහා කප්පින මහරහතන් වහන්සේ ./ උතුම් වූ ආනන්ද මහරහතන් වහන්සේ ,/ උතුම් වූ උපාලි මහරහතන් වහන්සේ ,/ උතුම් වූ මහා චුන්ද මහරහතන් වහන්සේ ./ උතුම් වූ මන්තානිපුත්තපුණ මහරහතන් වහන්සේ  ඇතුළුඅසූ මහා ශ්රාවකයන් වහන්සේලා ප්රධාන කොට ඇති මහා සඝරත්නය පරම්පරා අනුපිළිවෙලින් උපාලි මහරහතන් වහන්සේ ./ උපාලි මහරහතන් වහන්සේන්ගේ සද්ධි විහාරික දාසක මහරහතන් වහන්සේ ./ දාසක මහරහතන් වහන්සේගේ සද්ධි විහාරික සෝණක මහරහතන් වහන්සේ ,/ සෝණක මහරහතන් වහන්සේන්ගේ සද්ධි විහාරික සිගව සහ බඩවජිරි මහරහතන් වහන්සේලා ,/ සිග්ගව සහ චණ්ඩවර්ජි මහරහතන් වහන්සේලාගේ සද්ධි විහාරිකමොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ ,/ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ සද්ධි විහාරික දීපඅප්රසාදක වූ මිහිඳු මහරහතන් වහන්සේ  සහිත වූ සඝ පීතෘ පරම්පරාව නිසා ලක්දිව ප්රථමයෙන් අරිටිය මහරහතන් වහන්සේගේ පහළ වීම සිදුවිය./ අරිට්ඨ මහරහතන් වහන්සේන්ගෙන් ආරම්භ වූලක්දිව මහා සඝ පරපුර තිස්සදත්ත මහරහතන් වහන්සේ  කාළසුමත මහරහතන් වහන්සේ  දිඝනාමක මහරහතන් වහන්සේ  දිසසුමන මහරහතන් වහන්සේ  වශයෙන් පරම්පරානුගතව අද දක්වාම පැවත එන සේක./

 අපගේ මෙම දානයට වැඩම කලා වූ ස්වාමින් වහන්සේලා  එම මහා සඩිස පරපුරෙන් පැවත එන සේක එම නිසා  අප ඉදිරියෙහි වැඩ වසන්නා වූ ස්වාමින් වහන්සේලා අතීත සඝ පරපුර නියෝජනය කරන සේක්  . / වර්තමානයෙහි වැඩවසන්නා වූ ස්වාමින් වහන්සේලා නිසා අනාගත සඝ පරපුර  බිහිවන්නාහු  . / එම නිසා  පවත්නාහු  . / එහෙයින් අප ඉදිරියෙහි වැඩවසන්නා වූ ස්වාමින් වහන්සේලා අනාගත සස පරපුර  නියෝජනය කරන සේක්   අප ඉදිරියේ වැඩවසන්නා වු ස්වාමින් වහන්සේලා කර්ම වාක්ය ප්රකාශ කරන්නේ සියලු සඝරත්නයෙහි නියෝජිත භාවය ලබා ඇත්තාහු  ./ එම කාරණය විශේෂයෙන් සිහිපත් කරමින් එම නියෝජිත භාවය සහිත ස්වාමින් වහන්සේලා සාක්ෂකොට අතීතයෙහි වැඩ විසුවා වූ  අනාගතයෙහි පහළ වන්නා වූ  වමානයෙහි වැඩ වසන්නා වූ   සියලු දිසාවන්ගෙන්  පැමිණි උතුම් වූ  භාග්යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සාසනයෙහි උතුම් වූ සංඝරත්නය කෙරෙහි අප විසින් ශ්රද්ධා ගෞරව පෙරදැරිව පිළියෙල කරන ලද මෙම සියලු පූජාවෝ වන්දන මානන සහිත  පූජා කරන්නෙමු./

 අප කෙරෙහි අනුකම්පාවෙන්  අපගේ නිවන පිණිස  අප නිවන් දන්නා තුරු නිරවද්ය වූ ත් පහසු වූත් සැප සහිත වූත් වාසය කිරිම පිණිස  අප නිසා නිවන් දක්නා වූ සියලු සත්වයන් හට අනුකම්පා පිණිස  ඔවුන්ගේ  නිවන පිණිස  මෙත්රි පෙරදැරිව පිළිගන්නා සේක්වාකරුණා පෙරදැරිව පිළිගන්නා සේක්වාඅනුකම්පා කරමින්  පිළිගන්නා සේක්වා!

 ඉතින් මෙවන් දානාදි පින්කම් වලට සම්බන්ධ වූ ඔබත් අන් සියලු දෙනාගේම පවුලේ  සියලු දෙනාගේ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් අත්වැරදීමකින් හෝ දුක් සහිත තැනක ඉපදී ඇත්නම් සැපවත් තැනක උපදිත්වාසැපවත් තැනක ඇත්නම් වැඩි වැඩියෙන් සැප ලැබේවාකෙලවර අමා මහ නිවන අත්වේවාමේ පින්කම සිදුකල  සියලු දෙනාට මෙලොව එලිය ලබාදුන් පින්වත් දෙමාපියන්ටත් මේ පින් ඒකාකාරවම ලැබේවා අය ජීවත් වන්නේනම් නිදුක් නිරෝගී සුවබරමෙන්ම මරණය දක්වාම ධර්ම ගවේශනයට  සිහිකල්පනාව ඇති යහපත් ජීවිතයක් ලැබේවාමිය පරලොව ගොස් ඇත්නම්  වැරදීමකින් හෝ අයහපත් උත්පත්තියක් ලබා ඇතිනම් යහපත් තැනක උපදින්නටත්යහපත් තැනක ඉපදී ඇත්නම්  යස ඉසුරු වඩා වර්ධනය වන්නටත් මේ පින් හේතු වාසනා වේවා.

 ඔබේ පුංචි දූපුතුන්ගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වේවාධර්මයෙන් ඇති කරන්නේ ප්රඥාවයිමෙපින් බලෙන් ප්රඥාව මෙන්ම බුද්ධියද වර්ධනය වී සියලු විභාග කඩඉම් ජයගෙන රටජාතියආගමට සේවයක් සලසන යහපත් පුරවැදියන් වන්නට මෙපින් හේතු වාසනා වේවා.

 එසේම මේ පින්කම සිදුකල ඔබවන් කළණ මිතුරන් නිසා මා සිදුකරගන්නා කුසල් ප්රමාණයද අප්රමාණයිනිරන්තරයෙන් මා අමතමින් දුක සැප පවා සොයා බලමින්වැටෙන  වැටෙන තැන නැගී සිටින්නට ශක්තිය ලබාදෙන ඔබේ ඇසුර පවා මහා සතුටක්එසේ හෙයින් සසර පුරාවටම ඔබවන් කළණ මිතුරන්ම ආශ්රයට ලැබේවාවිශේෂයෙන් මා කෙරේ ඔබ තුබූ විශ්වාසය මත බොහෝ පින්කම් වලට මාවෙත මුදල් එවිම මා ලද භාග්යයක්..

 එසේම මේ පින්කම සිදු කරන්නට නන් අයුරින් සහය ලබාදුන්විශේෂයෙන්ම ප්රවාහන වියදම් අඩුවෙන් ලබාගනිමින්  සියලු කටයුතු සාර්ථකව සිදුකල රියදුරු මහතුන් ඇතුලු  ස්වාමීන් වහන්සේලාදායකකාරකාදීන්  ආදී සියලු සියලුදෙනාටම මේ පින් හිමිවේවාඅපිට ආහාර පාන නවාතැන් ලබාදුන් සියලු පින්වතුන්ටත් මේ පින් හිමිවේවා.

 ඔබ විසින් දුක් මහන්සියෙන් හරි හම්බකල මුදල් නිරන්තරයෙන්ම පින්කම් වෙනුවෙන් යොමු කිරීමට ඔබගේ සිත් පහලවීම  ඔබ ලද මහා භාග්යයක්යමෙක් දෙවියෙකු කරන්නේදතිරිසනෙකු කරන්නේද මේ සිතයිඉතින් ඔබ සිත නිවැරදිව හදුනාගෙන යහපතෙහිම යෙදවීමට කයටුතු කිරීම ඔබේ දෙලොව ගමනම සාර්ථක කරවන්නක්.  සිදුකල සියලු පින් බෙලෙන් ඔබේ සියලු යහපත් පැතුම් සාර්ථක වේවාසසර පුරාවට නැහැ බැහැ කියන වචනයක් වත් අසන්නටවත් නොලැබේවාකෙතරම් ධන සම්පත් ලැබුනත් පංචශීල ප්රතිපදාවෙන් පිට සිතිවිල්ලක් වත් ජනිත නොවේවා.  ජීවිතයට එන අභියෝග හිරු දුටු පිණි මෙන්ආලෝකය දුටු අදුර මෙන් විද්වංසනය වේවා.

 පින්වත් යාලුවනේපංච ආනන්තරිය පාපකර්ම හැර සියලු අකුසල් යටපත් කරන පින්කමක් ඔබ සිදුකලේ ලෙසින්ම  දුක් විපාක දෙන සියලු කර්ම යටපත් වේවාසියලු යහපත් ප්රාර්ථනාවන් ඉටුවේවාව්යාපාරඅධ්යාපනකටයුතු සියල්ල සාර්ථක වේවාවැඩි වැඩියෙන් මේ වැනි පින්කම් සිදුකරන්න ශක්තිය ධෛර්යය ලැබේවාමේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවාවිශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබනපියවරක් පාසා නොබියවනොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්බාධක කම්කටොලු අවම වන්නටත්මේ පින හේතුවාසනා වේවාස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්ය දෙයක් උවත්  සියලුඅභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවාසතර දිගින් සතර මහා වස්තු පහල වේවාසිව් දිගින් කප්රුක් පහලවේවාඅහසින් රුවන් වැසි වැටේවාපොළවෙන් මුතු මැණික් මතුවේවාසසරපුරාවටම නැහැ බැහැ කියනවචනයක්වත් අහන්නට නොලැබේවානිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්රඥාවන්හි කිසිදු අඩුවක්නොවේවාමෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවානිවන් දක්නා ජාතිදක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින්පන්සිල් රකින ප්රදේශයක උපත ලබත්වානිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවාකිසිදුකලෙක පිරිස් සම්පත් අඩුනොවේවාසිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා සසර පුරාම දන්දෙන්නට සිත්පහලවේවාදුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන්පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

 ජයශ්රී මහබෝ සමිදු බලෙන්රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑආනුභාවයෙන්කේෂධාතූන් වහන්සේලලාට ධාතූන් වහන්සේ,ග්රීවා ධාතූන් වහන්සේඅකු ධාතූන් වහන්සේ,සතර දලදා වහන්සේආනුභාවයෙන්සතර ශ්රීපාද ස්ථානයේ ආනුභාවයෙන්බුද්ධගයා බෝධීන් වහන්සේ හාවජ්රාසනයේ ආනුභාවයෙන්තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේප්රතිමා වහන්සේසෑරදුන්වහන්සේලාසියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්විශ්වයේ පහලවූ සියලු බුදුපසේබුදුමහරතුන්වහන්සේලාගේ ආනුභාවයෙන්තණ්හංකරදීපංකරමේධංකරකොණ්ඩඤ්ඤමංගලසුමනරේවතසෝභිත,අනෝමදස්සීපදුමනාරදපදුමුත්තරසුනීතසුජාතපියදස්සීඅත්තදස්සීධම්මදස්සීසිද්ධත්තතිස්සඵුස්ස,විපස්සීසිඛීවෙස්සභූකකුසදකෝණාගමනථ කාශ්යපගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුටපවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සමඅනන්තබුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතයඅතිශයින් සාර්ථක වේවාමතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සමමහා කාරුණිකයම් දිව්යරාජයෙක් වේද මෛත්රී නම් වූ  දිව්යරාජයන් වහන්සේදසක්දේව රාජෝත්තමයානන් වහන්සේදමාතෘ දිව්යරාජයන් වහන්සේදරන්වැලි මහ සෑරදුන් ඉදිකලකලරට ජාතිය එක්සේසත්කලසම්බුද්ධ ශාසනයට අපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණුසද්ධාතිස්ස මහදෙවියන්දශාසනාරක්ෂකලෝකපාලක දෙවියන්ද විරූඪවිරූපාක්ෂවෛශ්රවණදෘතරාශ්ඨ ආදී සතරවරම්දෙවියන්මෙන්ම විශ්ණුකතරගමසමන්පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණදෙවියන්ශිල්ප ශාස්ත්රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩවිභීෂණලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වාඔබට සියලු දෙවියන්ගේආශිර්වාදයආරක්ෂාවආකර්ෂණය ලැබේවාරට ජාතිය වෙනුවෙන්සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහාසේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවාකෙළවරඅමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා.

පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හටනිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

 බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්යන්තර පදනම  වෙනුවෙන් මම එරන්ද ලක්මාල් 

 චායාරැප නරඹන්න.











































 

No comments:

Post a Comment