රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

.


▬▬▬▬ஜ۩۞... නමෝ බුද්ධාය ...۞ ۩ஜ▬▬▬▬


මෙයින් පස්විසි ශතවර්ෂයාධික කාලයකට පෙරැ දියතෙහි පහලැවූ වීතරාගිකයාණෝ දෙව්, මිනිස් ලොවැ ඉක්මවමින් අනන්තාපරිමාණ සක්වලයන්හි දම් අමාබිදු වැසි වැස්සවූ සේකැ. එදියෙන් ලතෙත් වූ ගිණිය නොහැකි තරම් අපරිමාණ සත්වයෝ නිවන් දොර විවරකර ගත්තාහුයනිවන් පුරටවන් උතුමන්ගේ ගණන අටුවාචාරී උතුමන්ගේ අනුමානය අනුව සූවිසි අසන්ඛෛය නවකෝටි හැටලක්ෂයක් පමණයැ.

මේ මහාභද් කල්පයෙහි පළමුවැනි අන්තඃකල්පයෙහි ලොව පහළවී වදාළ කකුසද බුදුරජාණන් වහන්සේ අවුරුදු හතලිස්දහසක්ද, දෙවන අන්තඃකල්පයෙහි ලොව පහළවී වදළ කෝණාගමන බුදුරජාණන් වහන්සේ අවුරුදු තිස් දහසක්ද , හා තෙවන අන්තඃකල්පයෙහි  ලොව පහලවී වදාල කාශ්යප බුදුරජාණන් වහන්සේ අවුරුදු විසිදහසක්ද ආයුවින්දනය කළහ. සිව්වන අන්තඃකල්පයේ පහලැවී වදාළ අප සිද්ධාර්ථ ගෝතමයන්වහන්සේ බුද්ධෝත්පාදිතව පන්සාලිස් වසක් පමණක් වූ අල්පායුෂයක් ආයුවළදා ආයුසංස්කාරය කලහ. මින් පෙර බුදුවූ උතුමන් අතරැ අසූදහසක් කල් වැඩසිටි නිදුකානන් වහන්සේලා වැඩ සිටියද ( විපස්සී බුදුරජාණන් වහන්සේ  වැනි ) උන්වහන්සේලාගේ ආයු සංස්කාරයත් සමග සසුන අතුරුදන්වැ ගියහ. එහෙත් සිද්ධාර්ථ ගෝතම සුගත තථාගතයාණෝ පිරිනිවීමෙන් පසුද පන්දහසක් කලකට සසුන පවතින්නට අධිෂ්ඨාන කල සේක.

එවන් මහානර්ඝ පරම පූජනීය බුදු සසුන අප සතුය. එහෙත් අදවනවිට ආශ්චර්යමත් බුදු සසුන අතුරුදන් වෙමින් පවතී. අධර්මය බලවත් වන අතර සදහා අප්රමාණව මුදල් ගලා එන්නේය. එහෙත් බුදු සසනු වනසනු මිස රැක ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවේ.

අද බොහෝ පන්සල් ආර්ථික අතින් දුප්පත්ව ඇත. සසුන වනසන අභ්යන්තර බලවේග ක්රියාත්මක වන අතර ගම්වල මිනිසුන් බලවේගයන්ට හසුවී ගමේ පන්සල අත්හැර දමා ගොස් ඇත. සමහර පන්සල් වලට හරියට දානේ වේලවත්, බුද්ධ පූජාවවත් නොලැබේ. සමහර පන්සල්වල බුද්ධ පූජාවට තබනුයේ පොල් කෑල්ලක් පමණි.

        වරක් මට මිත්රයෙක් පැවසූ පුංචි කථාවක් මම කියන්නම්. ඈත ගමක පන්සලකි. එහි වැඩ සිටියේ වයයෝවෘද්ධ විහාරාධිපතින් වහන්සේත්, ශිෂ්යයන් වහන්සේත්ය. ශිෂ්යයන් වහන්සේ කොළඹ විශ්වවිද්යාල අධ්යාපනය හදාරති. මේ ගම ඉතාම දුෂ්කර පලාතකි. හරි හමන් වාහනයක් නැත. ලොකු ස්වාමීන්වහන්සේට දාන ආරාධනා ලද විට පා ගමනින්ම වැඩම කරති. සමහර විට දවල් දානයට වඩින්නට පටන් ගන්නේ උදේ දන් වැලදූ විගසමය. ආපසු වඩින විට නිවැසියන් යම් මුදලක් අත තබන්නේ හාමුදුරුවනේ වාහනයක් ලැබුනොත් මේ මුදලින් පන්සලට වඩින්නකියමිනි. උන්වහන්සේ මුදල් අත මිට මොළවාගෙන ආපසු පා ගමනින්ම වඩිති. නොමිලේ යාමට හැකි වාහනයක් පමණක් ලැබුනොත් වැඩම කරති. වත්තේ පිටියෙන් කීය කීය හරි සොයාගනිති. මොකටද මේ සල්ලි හොයන්නේ. අර ශිෂ්යයන් වහන්සේට මාසෙට සෑහෙන මුදල් සොයා ගැනීමටය. මාසයකට සැරයක් කොළඹ වඩින උන්වහන්සේ ශිෂ්යන් වහන්සේ අත මුදල තබා ඉතා ඉක්මනින් නැවත පන්සලට වඩිති.

සමහරු උපන්දින ආදී උත්සව වලට මුදල් ලක්ෂ ගණන් වියදම් කරද්දී ගමේ පන්සලේ තත්වය මෙයයිනමුත්බුදුහිමියන් අනුදැන වදාලේ කුමක්දැයි හොදින් සහි කරන්න.


අසරණ ගමේ පන්සල් නගා සිටිවීම අපේ යුතුකමකි. අලුත් තැන් මෑතකදී පහල වන්නට පෙර වසර දහස් ගණනක් තිස්සේ සසුන රැක්කේ ගමේ පන්සල නොවේද? බැමැනිතියා සාගතය අවස්ථාවේ වැටකෙයා කොළ ඉස්ම බොමින් මහවැලි ගගේ ඉවුරු මත ක්ලාන්ත වී වැටී එක් එක් භික්ෂූන් වහනක්සේ ලංවී කන්වලට කොදුරමින් ත්රිපිටකය පාඩම් කලහ. එවන් මහා අනර්ඝ සේවාවක් කල පන්සල හැර දමා අලුත් මධ්යස්ථාන සොයා යාම කෙතරම් අපරාධයක්ද?

මා විසින් කෙරෙනුයේ මේ බුදු සසුන රැකගැනීමට සිදු කෙරෙන පුංචි වෑයමකි. ඔබේ ආධාර උපකාරයෙන් මෙවන් මහා අනර්ඝ පින්කම් රාශියක් කර ඇත.

ඔබ යම් මුදලක් පන්සලක් වෙනුවෙන් වෙන් කෙරේද එය බුද්ධ දේපලකි. එය මාවෙත එවන්නේ බුද්ධ දේපලක් ලෙසිනි. වටිනාකමට සරිලන වැඩ කොටසක් සිදු කිරීම මගේ වගකීමකි. එයින් සතයක් තරම් වටිනාකමක්වත් මගේ පුද්ගලික ප්රයෝජනයට යොදාගෙන ඔබට බොරු ගිනුම් පෙන්වන්නේනම් එය මහත් අපරාධයක් වනු ඇත. මන්ද බුද්ධ දේපල සොරා කෑම නිසාය. නිසා හදවතට එකගව මෙතෙක් ඔබ පින්කම් වෙනුවෙන් එවූ මුදල් සතයක වටිනාකමක්වත් මගේ පුද්ගලික ප්රයෝජනයට යොදා නොගත් බවත් ඉදිරියේදීත් යොදා නොගන්නා බවත් ඔබට දිවුරා පොරොන්දු වෙමි.


මේ පින්කම් සිදුකිරීමට වෙනමම ගිණුමක් වෙන්කරල තියෙන්නේ. එහි හැදෙන පොලිය පවා පින්කම් වෙනුවෙන්ම වෙන්වෙනව.

ගිණුම අදාල බැංකුව - මහජන බැංකුව
ශාඛාව - කුරුණෑගල මලියදේව ශාකාව

ගිණුමේ නම - The international foundation for Buddhist communication.
( බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම )

.
ගිණුම් අංකය - 226 - 2 - 001 - 4 - 0048676

දුරකථන අංකය071- 2933180

සමහර මුස්ලිම් රටවල් වලින් සමති, පදනම් හෝ විහාරස්ථාන සදහා මුදල් ලබාදීමට අවසර නොදේ. මුදල් ප්‍රේෂණය සදහා අවසර දෙනුයේ පුද්ගලික නම් සදහා සදහා පමණි. එසේ උවහොත් පමණක් පහත නමට ලැබෙන්නට සලස්වන්න.


මහජන බැන්කුව
නම - චන්දන තිලකසිරි කුමාර
 ගිණුම අදාල බැංකුව - මහජන බැංකුව
ශාඛාව - පොතුහැර
ගිණුම් අංකය - 280 - 2 - 001 - 7 - 0031930


සම්පත් බැංකුව -


එන්.ඒ. චන්දන තිලතසිරි කුමාර

බැංකුව - සම්පත් බැංකුව - කුරුණෑගල ශාකාව
ගිණුම් අංකය - 100654431918


උත්තම බුදු දහම ලෝකයට සිරිලකින් දියහැකි අනර්ඝතම දායාදය වන්නේය. අද ලෝ වැස්සෝ මිත්යා දහම් මගහරිමින් සද්ධර්මය වටා රොක්වෙති.

බුදු දරුවන් ලෙස අප අතර අති මහා නිධානය ලෝ වැසියන් අතර බෙදාහැරිම්න් අප යුතුකම ඉටුකල යුතුව ඇත. බොහෝ ජන හිතසුව පිණිස දහම රැගෙන යන ලෙස ශාක්යසිංහයෝ සැමවිටම අවධාරණය කලහ. යුතුකම ඉටුකරමින් ලොවට අමාවැසි වැස්සවීම පෙළගැසෙමු. පන්සාළිස් වසක් මුලුල්ලේ වට වර්ෂා දිය දහරාවෝ කෙමෙන් වියලීමට පටන්නෙ ඇත. එසේ උවද දම් වළාවෝ තවම අතුරුදන් නොවී ලෝ සැරිසරති. අමාදම් වැසි වස්සවා ලෝ දනන් ලතෙත් කිරීමට අත්වැල් බැදගනිමු.

මා අමතන්න ... ...
මම ශාසන හිතකාමී එරන්ද ලක්මාල්ද සිල්වා

Facebook
https://www.facebook.com/dammadana
https://www.facebook.com/eranda.silwa2

Email - Ckumara32@gmail.com
Skype
Ckumara32


.

4 comments:

  1. තරහකට කියනවා නෙමෙයි. බැංකු ගිණුම පොදු ගිණුමක් (සංගමයක් හෝ සමිතියක්) වුනා නම් ආධාර වැඩි වැඩියෙන් ගන්න තිබුන.

    ReplyDelete
    Replies
    1. ගිණුම අදාල බැංකුව - මහජන බැංකුව
      ශාඛාව - කුරුණෑගල මලියදේව ශාකාව

      ගිණුමේ නම - The international foundation for Buddhist communication.
      ( බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම )

      .
      ගිණුම් අංකය - 226 - 2 - 001 - 4 - 0048676

      දුරකථන අංකය - 071- 2933180

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ඔබගේ පිංකම් සදහා අවශය අරමුදල් රැස් කිරිමට fundmesrilanka.lk crowdfunding platform එක භාවිතා කරන්න.හරිම ලෙහෙසියි

    ReplyDelete