රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Saturday, February 19, 2022

ගෞතම බුදු සසුනට සිදුකල අසිරිමත් ධජ පතාක පූජාව ...

 


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

  අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 පසුිගිය දිනක අපි  සියඹලාණ්ඩුව සිරි පුඤ්ඤානන්ද පිරිවෙනට අඩි 15ක් උස මාර් කොඩි 20ක් පූජා කරන්නට යෙදුනා....

Friday, January 28, 2022

මහා සාංඝික දානය හා පිරිකර පූජාව ...


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

  පසුගිය ජනවාරි 26 වැනි දින අපි මහා පින්කමක් සිදුකලා. අපේ රට ජාතිය ආගම වෙනුවෙන් දිවිදුන් තිස් නමක් මහා සංඝරත්නය ඇතුලු  අති විශිෂ්ඨ විරුවන් වෙනුවෙන් සාංඝික දානයක් සිදුකර පින් අනුමෝදන් කිරීම වගේම එදිනම පිරිවෙන් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් අවශ් පාසැල් උපකරණ පරිත්යාගයක් වගේම සිවුරු පිරිකර පාවහන් පූජාවද සිදු කලා ...

Friday, December 31, 2021

වසරේ අවසන් දිනයේ සිදුකල සලාක පූජාව ...

 


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 පිරිවෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වන පූජණීය සාමණේරයන් වහන්සේලා දැඩි ආහාර අර්බුදයකට මුහුණ පාලා තියෙන බව දැනගන්න ලැබුන. ඒ දඹදෙණිය කවුඩුමුන්න පිරිවෙන් විහාරස්ථානයේයි.  ඒ අනුව නව වසර ලබන්නට පැය කිහිපයක් ඉතිරිව තිබියදී රු 50,000.00 කට ආසන්න සලාක රැගෙන යන්න අපිට පුලුවන් උනා.  ඒ වෙනුවෙන් පහත පිරිස දායකත්වය දැරුවා.

Thursday, December 30, 2021

ගෞතම බුදු සසුනේ අප සිදුකල 37 වන කරඩු පූජා පින්කම ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org 

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

  පසුගිය දිනක අපි සර්වඥ ධාතුන් වහන්සේලා වෙනුවෙන් තවත් කරඩුවක් පූජා කලා. මේ පූජාව සිදු කෙරුනේ ප්‍රභාත් සමින්ද්‍ර අයියාගේ දායකත්වයෙන්. ඒ වෙනුවෙන් වැය වූ මුදල රු 65,000.00. කරඩුව වැඩමවාගෙන යාම සදහා ප්‍රවාහන වියදම් ලෙද රු 2000.00 ක් වැය කලා. ඒ අනුව වැය වූ මුලු මුදල රු 67,000.00යි.

Wednesday, December 29, 2021

තවත් අසිරිමත් ධර්ම දානයක් ....


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 පසු ගිය දනක අපි ආරණ්‍යවාසී මහා සංඝයා උදෙසා අසිරිමත් ධර්ම දානයක් සිදු කලා...

පිරිවෙන් වාසී සංඝරත්නයට ත්‍රිපිටක ධර්මය උගන්වන්නේ ආරණ්‍ය හිමිවරුන් විසින්. ඒ සූම් තාක්ෂණය ඔස්සේ. ඉතින් ආරණ්‍ය වාසී හිමියන්ගේ දුරකථනය හදිසියේම බිම වැටී කැඩී බැදී ගියා. ඒ වෙනුවට නව දුරකථනයක් ලබාදෙන්නට පින්වත් කුමෝෂා අබේවීර නංගි විසින් බාරගත්තා. ඒ වෙනුවෙන් වැය වූ මුදල රු 24,500.00 ක්.

Thursday, December 23, 2021

වැල්ලවායේදී සිදුකල අසිරිමත් වැසිකිලි සහ නානකාමර පූජාව ....

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

   පින්වත් මිතුරුකැලගේ දායකත්වයෙන් අපි අසිරිමත් පූජාවක් සිදුකලා. ඒ වැසිකිලි හා නාන කාමර පූජාවක් ...

 එය සිදුකලේ වැල්ලවාය පටිසෝතගාමී විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී .... මේ වෙනුවෙන් පහත පින්වත් පිරිස දායකත්වය දැරුවා ...

 සෑම් වැලිවත්ත මහතා------------------ රු 170,000.00
අවන්ත ඕපාත මහතා-------------------රු 130,000.00
හර්ෂ ජයලත් මහතා ඇතුලු මිතුරු කැල රු 70,339.00
ඉසුරු ජයගීත් මල්ලි------------------------රු 70 000.00
දිනුක ගුනසිංහ මහතා--------------------රු 50,000.00
සචනි රණවක නංගි-----------------------රු 30,000.00
ශම්මික අයියා------------------------------රු 13,000.00
සුරම්‍යා දිසානායක මහත්මිය--------------රු 5000.00
හිරන්ත මදුසංක මහතා--------------------රු 1000.00
දනංජනී බෙන්තර විතානගේ නංගි---------රු 100.00
-------------------------------------------------------------
ලද මුලු මුදල--------------------------------539,439.00

Tuesday, December 21, 2021

හයවන සක්මන් මලු පූජාව ...


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පිනවත් යාලුවනේ අපි පසුගිය දිනයක හයවන සක්මන් මලු පූජාවත් සිදුකලා. ඒ වැල්ලවාය ඇතිලි වැව පටිසෝතගාමී විපස්සනා භාවනා මධ්‍යස්ථනයේදීයි. මේ වෙනුවෙන් රු 10,000.00 කපූර්ණ මූල්‍ය දායකත්වය දැමුවේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පින්වත් නැගනියක් ...

පින්වත් නංගි ඔබ විසින් සිදුකලේ මහත් පිනක්.

සක්මන් භාවනාව බුදු හිමියන් විසින් අනුදැන වදාල දෙයක්. සක්මන් භාවනාවේ ආනිසංස රාශියක් තියෙනව.

දීර්ඝ ගමන් ඉවසිය හැකිවෙයි.
පදන් වෙර වැඩීමට හිතකර වෙයි.
රෝගාබාධ අල්ප වෙයි.
ආහාර මැනවින් දිරවීමට පත්වෙයි.
සක්මනෙහි උපදවාගත් සමාධිය බොහෝ කලක් ස්ථාවරව පවතියි.

භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ – චංකමානිසංස සූත්‍රය..

සක්මන් මලු කියන්නෙ සේනාසන පූජාවේම කොටසක්. ඒ නිසා සේකාසන පූජාවේ ආනිසංස මේ පින්කම වෙනුවෙනුත් ලැබෙනව.

සේනාසන පූජාවේ ආනිශංස –

විෂෙන් ආරක්ෂා වීම
අවි ආයුධවලින් ආරක්ෂා වීම
දියෙන් ආරක්ෂා වීම
කලට වැසි ලැබීම
දෙවියන්ගේ ප්‍රියභාවයට පත්වීම
නො අඩුව සියලු සැප සම්පත් ලැබීම

ඊලගට මේ පින්කම සදා පින් වැඩෙන පින්කමක. මේ බලන්න.

හැමදාම පින් වැඩෙන ආමිස දාන නාමාවලියක් සංයුක්ත නිකායේ වනරෝප සූත්‍රයේ සඳහන් වේ. එනම්,

ආරාමරෝපා වනරොපා
යෙ ජනා සෙතුකාරකා
පපඤ්ච උදපානඤ්ච
යෙ දදන්ති උපස්සයං

තෙසං දිවා ච රත්තෝ ච
සදා පුඤ්ඤං පවඩ්ඪති
ධම්මට්ඨා සීල සම්පන්නා
තෙ ජනා සග්ගගාමිනොති

මෙහි අදහස නම්, “ යම් ජනයෝ මල්වතු පලතුරු වතු (ආරාම) වවන්නෝ ද, වන ලැහැබ් වවන්නෝ ද, ඒ දඬු, පාලම්, මංමාවත් ආදිය කරන්නෝ ද, පැන්හල්, වැව් පොකුණු කරන්නෝ ද, වාසස්ථාන කරන්නෝ ද දිවා රෑ හැමවිටම ඔවුන්ගේ පින් වැඩේ. ධර්‍මයෙහි පිහිටි,ශීල සම්පන්න ඒ ජනයෝ සුගතිගාමී වෙති.”

මේ කියන්නෙ මේ සක්මන් මලු ආදිය නිතර පරිහරණය වෙන්න වෙන්න පින් ජනනය වෙනව.

අපි මැරුනත් අපිට අඛණ්ඩව පින් ගලාගෙන එනව.

තෛකාලික මහා සංඝරත්නය කෙරෙහි පූජා කිරීම
------------------------------------------------------------------------

උතුම් වූ ඒ ධම්ම සේනාධිපති / මහා සාරිපුත්ත අග්‍රශ්‍රාවකයන් වහන්සේගේ නායකත්වයෙන් යුත්,/ උතුම් වූ / අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේන්ගෙන් ආරම්භ වූ / උතුම් වූ / මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ ඒ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ද, උතුම් වූ ඒ මහා අනුරුද්ධ මහරහතන් වහන්සේ ද, උතුම් වූ ඒ මහා කච්චායන මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ / මහා කොයිත මහරහතන් වහන්සේ ද, උතුම් වූ/ මහා කප්පින මහරහතන් වහන්සේ ද./ උතුම් වූ / ආනන්ද මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ / උපාලි මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ / මහා චුන්ද මහරහතන් වහන්සේ ද./ උතුම් වූ / මන්තානිපුත්තපුණ මහරහතන් වහන්සේ ද ඇතුළු/ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා / ප්‍රධාන කොට ඇති මහා සඝරත්නය / පරම්පරා අනුපිළිවෙලින් / උපාලි මහරහතන් වහන්සේ ද./ උපාලි මහරහතන් වහන්සේන්ගේ සද්ධි විහාරික / දාසක මහරහතන් වහන්සේ ද./ දාසක මහරහතන් වහන්සේගේ සද්ධි විහාරික / සෝණක මහරහතන් වහන්සේ ද,/ සෝණක මහරහතන් වහන්සේන්ගේ සද්ධි විහාරික / සිගව සහ බඩවජිරි මහරහතන් වහන්සේලා ද,/ සිග්ගව සහ චණ්ඩවර්ජි / මහරහතන් වහන්සේලාගේ සද්ධි විහාරික/ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ ද,/ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ සද්ධි විහාරික / දීපඅප්‍රසාදක වූ / මිහිඳු මහරහතන් වහන්සේ ද සහිත වූ සඝ පීතෘ පරම්පරාව නිසා / ලක්දිව ප්‍රථමයෙන් / අරිටිය මහරහතන් වහන්සේගේ පහළ වීම සිදුවිය./ අරිට්ඨ මහරහතන් වහන්සේන්ගෙන් ආරම්භ වූ/ ලක්දිව මහා සඝ පරපුර / තිස්සදත්ත මහරහතන් වහන්සේ ද / කාළසුමත මහරහතන් වහන්සේ ද / දිඝනාමක මහරහතන් වහන්සේ ද දිසසුමන මහරහතන් වහන්සේ ද වශයෙන් / පරම්පරානුගතව / අද දක්වාම පැවත එන සේක./

අපගේ මෙම දානයට වැඩම කලා වූ / ස්වාමින් වහන්සේලා ද / එම මහා සඩිස පරපුරෙන් පැවත එන සේක. ඒ එම නිසා ඒ අප ඉදිරියෙහි වැඩ වසන්නා වූ ස්වාමින් වහන්සේලා අතීත සඝ පරපුර / නියෝජනය කරන සේක් ම ය. / වර්තමානයෙහි වැඩවසන්නා වූ / ස්වාමින් වහන්සේලා නිසා / අනාගත සඝ පරපුර ද ? බිහිවන්නාහු ම ය. / එම නිසා ම පවත්නාහු ම ය. / එහෙයින් / අප ඉදිරියෙහි වැඩවසන්නා වූ ස්වාමින් වහන්සේලා / අනාගත සස පරපුර ද / නියෝජනය කරන සේක් ම ය. ඒ අප ඉදිරියේ වැඩවසන්නා වු ස්වාමින් වහන්සේලා / කර්ම වාක්‍ය ප්‍රකාශ කරන්නේ සියලු සඝරත්නයෙහි / නියෝජිත භාවය ලබා ඇත්තාහු ම ය./ එම කාරණය විශේෂයෙන් සිහිපත් කරමින් / එම නියෝජිත භාවය සහිත ස්වාමින් වහන්සේලා සාක්ෂකොට / අතීතයෙහි වැඩ විසුවා වූ ද / අනාගතයෙහි පහළ වන්නා වූ ද වමානයෙහි වැඩ වසන්නා වූ ද ඒ සියලු දිසාවන්ගෙන් පැමිණි

නොපැමිණි / උතුම් වූ ඒ භාග්‍යවත් වූ / අරහත් වූ / සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සාසනයෙහි / උතුම් වූ සංඝරත්නය කෙරෙහි / අප විසින් ශ්‍රද්ධා ගෞරව පෙරදැරිව / පිළියෙල කරන ලද / මෙම සියලු පූජාවෝ / වන්දන මානන සහිත ව / පූජා කරන්නෙමු./

අප කෙරෙහි අනුකම්පාවෙන් ම / අපගේ නිවන පිණිස ම / අප නිවන් දන්නා තුරු 7 නිරවද්‍ය වූ ත් / පහසු වූත් / සැප සහිත වූත් / වාසය කිරිම පිණිස ම / අප නිසා නිවන් දක්නා වූ / සියලු සත්වයන් හට / අනුකම්පා පිණිස ම / ඔවුන්ගේ ම නිවන පිණිස ම / මෙත්‍රි පෙරදැරිව පිළිගන්නා සේක්වා! කරුණා පෙරදැරිව පිළිගන්නා සේක්වා! අනුකම්පා කරමින් ම පිළිගන්නා සේක්වා!

ඉතින් මෙවන් දානාදි පින්කම් වලට සම්බන්ධ වූ ඔබත් අන් සියලු දෙනාගේම පවුලේ  සියලු දෙනාගේ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් අත්වැරදීමකින් හෝ දුක් සහිත තැනක ඉපදී ඇත්නම් සැපවත් තැනක උපදිත්වා. සැපවත් තැනක ඇත්නම් වැඩි වැඩියෙන් සැප ලැබේවා. කෙලවර අමා මහ නිවන අත්වේවා. මේ පින්කම සිදුකල  සියලු දෙනාට මෙලොව එලිය ලබාදුන් පින්වත් දෙමාපියන්ටත් මේ පින් ඒකාකාරවම ලැබේවා. ඒ අය ජීවත් වන්නේනම් නිදුක් නිරෝගී සුවබර, මෙන්ම මරණය දක්වාම ධර්ම ගවේශනයට  සිහිකල්පනාව ඇති යහපත් ජීවිතයක් ලැබේවා. මිය පරලොව ගොස් ඇත්නම්  වැරදීමකින් හෝ අයහපත් උත්පත්තියක් ලබා ඇතිනම් යහපත් තැනක උපදින්නටත්, යහපත් තැනක ඉපදී ඇත්නම් ඒ යස ඉසුරු වඩා වර්ධනය වන්නටත් මේ පින් හේතු වාසනා වේවා.

ඔබේ පුංචි දූපුතුන්ගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වේවා. ධර්මයෙන් ඇති කරන්නේ ප්‍රඥාවයි. මෙපින් බලෙන් ප්‍රඥාව මෙන්ම බුද්ධියද වර්ධනය වී සියලු විභාග කඩඉම් ජයගෙන රට, ජාතිය, ආගමට සේවයක් සලසන යහපත් පුරවැදියන් වන්නට මෙපින් හේතු වාසනා වේවා.

එසේම මේ පින්කම සිදුකල ඔබවන් කළණ මිතුරන් නිසා මා සිදුකරගන්නා කුසල් ප්‍රමාණයද අප්‍රමාණයි. නිරන්තරයෙන් මා අමතමින් දුක සැප පවා සොයා බලමින්, වැටෙන  වැටෙන තැන නැගී සිටින්නට ශක්තිය ලබාදෙන ඔබේ ඇසුර පවා මහා සතුටක්. එසේ හෙයින් සසර පුරාවටම ඔබවන් කළණ මිතුරන්ම ආශ්‍රයට ලැබේවා. විශේෂයෙන් මා කෙරේ ඔබ තුබූ විශ්වාසය මත බොහෝ පින්කම් වලට මාවෙත මුදල් එවිම මා ලද භාග්‍යයක්..

එසේම මේ පින්කම සිදු කරන්නට නන් අයුරින් සහය ලබාදුන්, විශේෂයෙන්ම ප්‍රවාහන වියදම් අඩුවෙන් ලබාගනිමින් ඒ සියලු කටයුතු සාර්ථකව සිදුකල රියදුරු මහතුන් ඇතුලු  ස්වාමීන් වහන්සේලා, දායකකාරකාදීන්  ආදී සියලු සියලුදෙනාටම මේ පින් හිමිවේවා. අපිට ආහාර පාන නවාතැන් ලබාදුන් සියලු පින්වතුන්ටත් මේ පින් හිමිවේවා.

ඔබ විසින් දුක් මහන්සියෙන් හරි හම්බකල මුදල් නිරන්තරයෙන්ම පින්කම් වෙනුවෙන් යොමු කිරීමට ඔබගේ සිත් පහලවීම ම ඔබ ලද මහා භාග්‍යයක්. යමෙක් දෙවියෙකු කරන්නේද. තිරිසනෙකු කරන්නේද මේ සිතයි. ඉතින් ඔබ සිත නිවැරදිව හදුනාගෙන යහපතෙහිම යෙදවීමට කයටුතු කිරීම ඔබේ දෙලොව ගමනම සාර්ථක කරවන්නක්.  සිදුකල සියලු පින් බෙලෙන් ඔබේ සියලු යහපත් පැතුම් සාර්ථක වේවා. සසර පුරාවට නැහැ බැහැ කියන වචනයක් වත් අසන්නටවත් නොලැබේවා. කෙතරම් ධන සම්පත් ලැබුනත් පංචශීල ප්‍රතිපදාවෙන් පිට සිතිවිල්ලක් වත් ජනිත නොවේවා.  ජීවිතයට එන අභියෝග හිරු දුටු පිණි මෙන්, ආලෝකය දුටු අදුර මෙන් විද්වංසනය වේවා.

පින්වත් යාලුවනේ. පංච ආනන්තරිය පාපකර්ම හැර සියලු අකුසල් යටපත් කරන පින්කමක් ඔබ සිදුකලේ. ඒ ලෙසින්ම  දුක් විපාක දෙන සියලු කර්ම යටපත් වේවා. සියලු යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවේවා. ව්‍යාපාර, අධ්‍යාපන, කටයුතු සියල්ල සාර්ථක වේවා. වැඩි වැඩියෙන් මේ වැනි පින්කම් සිදුකරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබනපියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත්මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලුඅභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවා. සතර දිගින් සතර මහා වස්තු පහල වේවා. සිව් දිගින් කප්රුක් පහලවේවා. අහසින් රුවන් වැසි වැටේවා. පොළවෙන් මුතු මැණික් මතුවේවා. සසරපුරාවටම නැහැ බැහැ කියනවචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක්නොවේවා. මෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාතිදක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින්පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වා. නිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදුකලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත්පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන්පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ,සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හාවජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන්වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන්වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත,අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස,විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුටපවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතයඅතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍යරාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍යරාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහදෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම්දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණදෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහාසේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවරඅමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා.

පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හටනිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම ‍ වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා විසිනි.

විස්තර නරඹන්න.

[flagallery gid=530]












මහා සංඝරත්නය උදෙසා කල අසිරිමත් ධර්ම දානය ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 පසු ගිය දනක අපි පිරිවෙන් වාසී මහා සංඝරත්නය උදෙසා අසිරිමත් ධර්ම දානයක් සිදු කලා...

ඒ පිරිවෙන් වාසී සංඝරත්නයට අකුරු කරවීමට අවශ්‍ය වයිට් බෝඩ් පූජා කිරීමයි. දැඩි දුෂ්කරතා මත ඉලෙනීම් සිදුකරන අරංතලාව පිරිවෙන් විහාරස්ථානයට අපි මේ වයිට් බෝඩ් පූජා කරනවා ...

Monday, December 20, 2021

මහා සංඝරත්නය උදෙසා කල ගිලානෝපස්ථානය ...

 


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org 

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 පසුගිය කාලයේ අපි කොරෝනා හේතුවෙන් බොහෝ විහාරස්ථාන රැසකට වියලි සලාක රැගෙන ගියා. පොල්පිතිගම ප්‍රදේශයේ පන්සල් සදහා සලාක බෙදන අවස්ථාවේ ඉන්සියුලින් නොමැතිකම නිසා දැඩිව ගිලන්ව සිටි හිමිනමක් වෙනුවෙන් අපි ඉන්සියුලින් ලබා දී උන් වහන්සේ සුවපත් කලා. ඒහෙත් දිනපතා ඉන්සියුලින් අවශ්‍ය නිසා පින්වත් බොහෝ පිරිසක් උන් වහන්සේ වෙනුවෙන් උදව් උපකාර කලා ...

Saturday, December 18, 2021

ගෞතම බුදු සසුනේ අප සිදුකල 36වන කරඩු පූජා පින්කම


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 පසුගිය මහා වස්සානයේ අපි අසිරිමත් රන් කරඩු පූජාවක් සිදු කලා. ඒ මහා වස්සනායේ කඨින මහා පින්කමට වැඩි මහා සංඝරත්නය 16 නමක් උසො කරඩුව බැගින් පූජා කිරීමයිත මේ වෙනුවෙන් පින්වත් කුමෝෂා අබේවීර නංගි විසින් දායකත්වය ලබා දුන් අතර ඒ වෙනුවෙන් වැය වූ මුලු මුදල රු 160,000.00 ක් ...