රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Saturday, September 26, 2015

රු 235,000/- ක වියදමින් දියත් කල අසරණ සරණ සදහම් යාත්‍රා වැඩසටහනේ රු 25,000/-කට ආසන්න වියදමක් දරමින් අසරණ පවුල්වලට වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කල වගයි ...



රු 235,000/-  වියදමින් දියත් කල අසරණ සරණ සදහම් යාත්රා වැඩසටහන 2015 සැප්23 වැනි දින ‍ හොදැල්ල ජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත් වූවා.

පින්කමවෙනුවෙන් පහත නම් සදහන් පින්වත් කළණ මිතුරැ මිතුරියන් දායකත්වය ලබාදුන්නා.

රොශාන් ප්රගීත් මහතා රු 62,000/-
කල්පන අතුරුගිරිය මහතා රු 40,000/-
මදුභාශිනි මිය හා රොෂාන් මහතා රු25,000/-
කැලූම් සම්පත් මහතා රු 25,000/-
දීපිකා මෙනෙවිය හා මිතුරියන් රු 20,700/-
දුලිප් දෙකනවක මහතා රු 16080
සේපාලිකා නංගි රු 16,000/-
පුබුදුනි අක්කා රු15,000/-
සුජී ආරච්චිගේ මිය රු 11,000/-
අසංකා ජයමාලි මිය රු 10,000/-
රජිත තෙන්නකෝන් මහතා රු 8,000/-
වසිත පේරේරා රු 4,000/-
එරංග සෙනෙවිරත්න මහතා රු 3,500/-
නුවන් මලින්ත මහතා 3,000/-
ඉෂාන් උදය මහතා රු 2,000/-
සුපුන් චතුරංග මහතා රු 2,000/-
තිළිණ විෙජ්වර්ධන මහතා රු 1,000/-
හිරන්ත මදුසංක මහතා රු 500/-
චෛත් ශ්රමදානයේ ඉතිරි රු 5,530/-
------------------------------------------------------------
සම්පූර්ණ වැඩසටහනට යොමුකල මුදල රු 270,310.00

මේ වෙනුවෙන් වියදම් වූ මුදල රු 24 960.00 ක් පමණ උනා.

දානයේ ආනිසංස මොනවාද ?

අංගුත්තර නිකායේ නවක නිපාකයේ එන වේලාම සූත්රය දේශනා කරන කාලයේදී තථාගතයන් වහන්සේ වැඩි සිටියේ සැවැත්නුවර ජේතවනාරාමයේ යිඑක් දවසක් උන්වහන්සේගේ අග් දායකයා වූ අනේපිඬු සිටුතුමා තථාගතයන් වහන්සේ බැහැ දැකීමට  විටක උන්වහන්සේ සිටුතුමාගෙන් සුවදුක් විචාරලා ඔහු පෙර සේම දැනුත් දන් දෙනවැදයි විමසුවාඑවිට සිටුතුමා කියනවා පෙරසේම දැන් දන් දිය නො හැකි බවත් කටුක කැඳක් වැනි ආහාරයක් පමණක් දැන් දන් දෙන බවත් සිටුතුමා බොහෝම ශෝකයෙන් තථාගතයන් වහන්සේට පැවසුවා.

එය ඇසූ තථාගතයන් වහන්සේ සිටුතුමනි දෙන ආහාරය කටුක වුවත් පුංචි සරල දෙයක් වුවත්  දානය ක්රමානුකූලව සියතින්ම සාදා ශ්රද්ධාව පෙරටු කරගෙනකර්මඵල විශ්වාසයෙන් දෙනවා නම්  දානයේ ආනිසංස මහත්ඵල මහානිසංස වේ’ යැයි සිටුතුමාට වදාළා.

එයින් අපට තේරෙන්නේ දානයක වටිනාකම තියෙන්නේ දෙන දෙයෙහි නොව දෙන ක්රමයෙහි බවයි වගේම දෙන දෙය සකස් කර දෙනවා වගේම දෙන දෙය ආදරයෙන් ගෞරවයෙන් දෙන්න ඕන වගේම සියතින් පූජා කරන්න ඕනදෙන දෙය තුළ විපාක තිබෙනවා කියලා සිතාගෙන ඕනෑම දෙයක් පූජා කරන්න ඕන.

ඔබ දන්නවා දාන වර්ග දෙකක් තිබෙනවාසත්පුරුෂ දානය සහ අසත්පුරුෂ දානය නිසා දෙන දානය හොඳ අවබෝධයෙන් දීම ඉතාම වටිනවාදාන කිහිපයක් තිබෙනවාඉන් පළමුවැන්න මා මුලින් කී ලෙස සියතින් දානය නොදී අන් අය ලවා දන් දිමයි වගේම දානය හොඳින් සකස් කර ක්රමානුකූ®ලව දන් නොදීමයි ඊළග කාරණය අනාදරයෙන් දානය දීමයිඊළඟට නරක් වූ දෙයක් ඉවත දමන දෙයක් ලෙස දානය දීමයි වගේම ශ්රද්ධාවෙන් තොරව දන්දීමත් අසත්පුරුෂ දානයට අයත්.

තථාගතයන් වහන්සේ මේ සූත්රයේදී සිටුතුමාට වදාළා තමන් කලින් ආත්ම භාවයක දී දන් දුන් ආකාරය පිළිබඳවඋන්වහන්සේ වේලාව බ්රහ්මණයා ලෙස ඉපදී බොහෝ සේ දන් දුන්නාරන්පාත් අසූහාර දාහක රිදී පුරවාදරිදී පාත් අසූහාර දාහක රන්පුරවා ලෝහ පාත් අසූහාර දාහක අමු රන් පුරවාද ඔහු දන් දුන්නාරන් ආභරණවලින් සරසන ලද රත්රන් මිශ් රෙදිවලින් සැරසූ ඇතුන් අසූහාර දාහක්  සිංහ හම කොටි හම් ආදී හම්වලින් නිපදවූ ඇතිරිලිකන් සරසන ලද විවිධ ස්වර්ණාභරණයෙන් යුත් රථ අසූහාර දාහක් දන් දුන්නාසූ අසූ දහසක් රූමත් තරුණ ගැහැනු ළමයින්ව දෑවැදි සහිතව සුදුසු අයට පවරා දුන්නානන් වැදෑරුම් ආභරණ ඇඳුම් පැළඳුම් ආදිය දන් දුන්නාඅප්රමාණව දන් දුන්නාමේක අසදෘශ දානයක්ඉතින් තථාගතයන් වහන්සේ වදාළා නමුත් මේ වේලාම බ්රාහ්මණයාගේ් මේ දානය ආර්ථවත් කරන්න මහත්ඵල මහානිසංස කරන්න සුදුස්සෙක්  කාලයේ ඉදළා නැහැ කියලා.

දානයක් මහත්ඵල මානිසංස වෙන්න කාරණා තුනක් අවශ් වෙනවාපළමු එක පූජා බුද්ධියෙන් දීමපූජා කරන්නේ තථාගතයන් වහන්සේ ප්රමුඛ මහා සංඝයා වහන්සේලාටවැඩිහිටියන් ආදියදෙවැන්න අනුග්රහය බුද්ධියෙන් දීමසමිති සමාගම්වලට වෙනත් වෙනත් ස්ථානවලට කරන පරිත්යාගතුන්වැන්න අනුකම්පා බුද්ධියෙන් දීම දුගි මගී යාචකයන්ට දෙන දානය.

ඉතින් මේ දේශනාවේදී තථාගතයන් වහන්සේ වදාළා සෝවාන් පුද්ගලයෙකුට පෞද්ගලිකව දෙන දානයට වඩා සෝවාන් පුද්ගලයන් සියයකට දෙන දානය උතුම් වගේම සෝවාන් පුද්ගලයන් සියයකට දෙන දානයට වඩා එක් සකෘදාගාමි අයෙකුට දෙන දානය උතුම්එවැනි සකෘදාගාමි එක් අයෙකුට දෙන දානයට වඩා සකෘදාගාමි පුද්ගලයන් සියයකට දෙන දානය උතුම්එවන් සකෘදාගාමි පුද්ගලයන් සියයකට දෙන දානයට වඩා අනාගාමි එක් අයෙකුට දෙන දානය උතුම්අනාගාමි පුද්ගලයන් සියයකට දෙන දානයට වඩා එක් රහතන් වහන්සේ නමකට දෙන දානය උතුම්එක් රහතන් වහන්සේ නමකට දෙන දානයට වඩා රහතන් වහන්සේලා සියයකට දෙන දානය උතුම්රහතන් වහන්සේලා සියයකට දෙන දානයට වඩා පසේ බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානය උතුම්පසේබුදුරජාණන් වහන්සේලා සියයකට දෙන දානයට වඩා සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරන දානය උතුම් සම්මා සම්බුදුජාණන් වහන්සේට පූජා කරන දානයට වඩා සිව් දෙසින් වඩින බුද්ධ ප්රමුඛ මහා සංඝරත්නය පරිහරණය සඳහා විහාරයක් කරවීම උතුම්එනමුත් එවැනි විහාරයක් කරවා පූජා කරනවාටත් වඩා යම් පුද්ගලයෙක් සැදැහැයෙන් තෙරුවන් සරණ යන එක උතුම් බව තථාගතයන් වහන්සේ වදාළා.

 වගේම යම් කෙනෙක් යමක ගඳ සුවඳ බලන මොහොතක් ලෝක සත්වයන් උදෙසා මෛත්රී භාවනාව වඩනවා නම් අර පන්සිල් රකින්නාට වඩා උතුම් වගේම අසුරු සැණක් ගහන මොහොතක් හෝ අවබෝධයෙන් යුතුව අනිත් සඤ්ඤාව වඩනවා නම් අසුභ සඤ්ඤාව වඩනවා එය අන් සියල්ලටම වඩා උතුම් බව වදාළාමෙහිදී සඳහන් කරන්නේ විදර්ශනා භාවනාව ගැනයි.

මෙයින් පැහැදිලි වන්නේ ආමිස දානයට වඩා ප්රතිපත්ති දානයට මුල් තැන දිය යුතු බවයිනමුත් ආමිස දානය දියුණු නොකර ප්රතිපත්ති දානය දියුණු කළ නො හැකියි දෙකම පුරුදු කරන්න ඕනසමහර අය ලෝභයිනමුත් හැම තිස්සේම සියලු දේ අනිත් යැයි කියමින් අනිත් මෙනෙහි කරනවාඑය සාර්ථක නැහැදානය නැත්නම් අතහැරීම ලෝභය දුරු කරන්නට ලේසිම මාර්ගය වෙනවාතවත් අය දන් දෙනවා අන් අයට උදව් උපකාරත් කරනවානමුත් ඉන් එහාට සීලය තුළින් දියුණුවීමක් නැහැ.

දානයක් මහත්ඵල මහානිශංස වීමට දානය දෙන තැනැත්තා සීලවන්තපිරිසුදු කෙනෙක් වියයුතු වාගේම දානය පිළිගන්නා තැනැත්තා  එලෙසම සීලවන්ත කෙනෙක් විය යුතුයි වගේම දහඩිය මහන්සියෙන් සාධාරණව උපයා සපයා ගත් දේ සියතින් සූදානම් කර ශ්රද්ධාවෙන් දෙන දානය උතුම්.



සාන්දෘෂ්ටික (මෙලොවම තමා විසින් දැක ගත හැකිදානානිසංස සතරක් පෙන්වා ඇත,

▶ දායක තෙමේ බොහෝ දෙනාට පිරයමනාප කෙනෙක් වේ.
▶ දායකතුමා පිළිබඳව යහපත් කීර්ති රාවයක් පැතිරේ.
▶ ඕනෑම පිරිසක් කරා විශාරදව එළඹීමේ ශක්තියක් ලැබේමකුවීමකට තෙද රහිත වීමකට පත් නො වේ.
▶ යහපත් කල්යාණ මිත ආශරය ලැබේ.

එසේම දානානිසංස සූතරයට අනුව,

▶ ගිහි ධර්මයන්ගෙන් නො පිරිහුන කෙනෙක් වන බව දක්වා ඇතඅඛණ්ඩව සිල් ආදී ගුණපන්සිල් ආදී ගුණ රකින්නෙකු යන අර්ථය යි.
▶ තව  මරණින් මතු සුගති ලෝකයක ඉපදීමට  මෙම දානමය පිංකම හේතුවන බව පෙන්වා දී ඇත.

පින්වතුනිතව  සත්පුරුෂ දාන පහක් ඇති අතර එහි විශේෂ විපාක සප්පුරිස දාන සූතරයට අනුව මෙසේ සත්පුරුෂ දාන ආනිසංස පහ

▶ රද්ධාවෙන් දන්දීම හේතුවෙන් විශිෂ්ඨ රූප සම්පත් ලැබේඑබැවින් රද්ධාවෙන්  දන් දෙත්වා !
▶ සකස්කොට දන්දීම හේතුවෙන් කීකරු දූ පුතුන් අඹුදරුවන් ස්වාමිපුතරයන් දැසි දස්සන් ලැබේ. (එබැවින් දෙන දෑ සකස් කොට දීමට පුරුදු වන්න)
▶ ආගන්තුක දානගමික දානදුර්භීක්ෂ දාන ආදී සුදුසු කල්හි දන් දීම හේතුවෙන් තරුණ වයසේ දී බොහෝ සැප සම්පත් ලැබේ.
▶ ලෝභයකින් තොරව දන්දීම හේතුවෙන් හොඳ ආහාරපානයානවාහනගේදොර ආදිය පරිභෝජනය කිරිමට සිත් නැමෙනු ඇතලැබෙන දෑ පරිභෝග කිරීමට සිත නැමෙනුයේ ලෝභයෙන් තොරව දන් දීම හේතුවෙනි.
▶ තමා  අන් අය  වෙහෙසට පත් නො කොට ධාර්මික වස්තුවෙන් දන්දීම හේතුවෙන් මතු ලැබෙන සම්පත් ගින්නෙන්ජලයෙන්සොර සතුරන්ගෙන්අකීකරු දූ දරුවන්ගෙන් විනාශ වී තමාට අහිමි නො වේලැබෙන සම්පත් සුරක්ෂිත වේ කියා .

සත්පුරුෂ පින්වතුනි ! තවත් දාන හතරක ආනිසංස ධර්මයෙහි සදහන් වේ.

▶ තමා ගේ ධනයෙන් දන්දෙන අතර අන්යයන් ඊට සහභාගී කර නො ගනී හේතුවෙන්  අයට මතු භෝග සම්පත් ලැබෙන අතර පරිවාර සම්පත් නො ලැබී යයි.
▶ තම ධනය වියදම් නො කොට බොහෝ පිරිස් එකතු කොට  අයගේ ධනයෙන් දන්දීම හේතුවෙන් මතු ධන සම්පත් නො ලැබෙන අතර පිරිවර සම්පත් ලැබෙනු ඇත.
▶ තමා  දන් නො දෙන අතර දෙන දානයකට  සහභාගී නො වීම හේතුවෙන් මතු ධන සම්පත්  පිරිවර සම්පත්  යන දෙක  නො ලැබේ.
▶ තම ධනය  යොදා අන් අය  ඊට සහභාගි කරගෙන දෙන දානය හේතුවෙන් මතු ධන සම්පත්  පිරිවර සම්පත්  යන දෙකම ලැබෙනු ඇත.
රද්ධාව අවදි කරගෙන නුවණින් යුක්තව එකඟ වූ නො විසිරුන සිතින් දෙන පුංචි දෙයක් වුව  මහත් ඵල වන බව පෙන්වීමට අපදාන පාලියට අනුව පෙන්වා දිය හැකිය.


බොහෝ දෙනෙක් කථා කරනුයේ ජාතියේ නැගිටීම හා පිබිදීම පිලිබදවයි.  එහෙත් අසරණ අපේ  මිනිසුන් වෙනුවෙන් පුංචි හෝ පරිත්යාගයක් කරන්නේ කීයෙන් කී දෙනාදඅපේ මුහුණුපොතේ මිතුරන් සියලු දෙනා එක්වී අද සිදු කර ඇත්තේ මහා පරිත්යාගයක්ඔබ උපයන ධනයෙන් කොටසක් අපේම හිතවතුන් අතු බෙදා දීමට කටයුතු කල ඔබට ාගේ ප්රණාමය.

පින්වත් ඔබ සිදුකලේ මහගු පින්කමක්මා කෙරේ විශ්වාසයෙන් මට ලබාදුන් සියලු මුදල් කිසිදු සතයක් අපතේ නොයන අයුරින් සංවිධානය කලාමේ එකුදු සතයක් කිසිදු අපයෝජනයක් සිදු නොකල බවට මම සහතික වෙනව වගේම ඉතාම සුදුසු අහිංසක දුප්පත් අය තෝරලයි මේ උපකාරය සිදු කලේ.

පින්වත් සොයුරනිසොයුරියනිඔබ මේ සිදුකල දානමය පුණ් ක්රියාව නිසා අද අසරණ පවුල් කීයක්නම් සතුටින්  කුස පිරෙන්න ආහාර ගන්නව ඇතිද?
මෙපින් බලෙන් ඔබ හැදූ වැඩූ පින්වත් දෙමා පියන්ට යහපතක්ම වේවාඔවුන් ජීවත්ව සිටීනම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවාසියලු රෝග පීඩා දුරුවේවාරෝගජරාමරණ මේ කුණු කයට උරුම දේ උනත් ඉන් දැනෙන පීඩාව අවම වේවා අය පරලෝසැපත් වී ඇතිනම් වැරදීමකින් හෝ දුගතියක ඉපිද ඇතිනම් ඉන් මිදී සුගතිගාමී වේවාසුගතිගාමීව සිටීනම්  යස ඉසුරු වඩා වර්ධනය වේවාඔබේ බිරිද / ස්වාමි පුරුෂයා පවා මේ පින් අනුමෝදන්වී යහපතම උදාවේවාඔබේ පුංචි දුවා දරැවන්ට මේ පින් ලැබී අද්යාපන කටයුතු ආදිය සියල්ල සාර්ථක වේවාපවුලේ අනෙක් සියල්ලන්ටද මේ පින් ඒකාකාරවම හිමිවේවාමියගිය ඤාතීන් පින් බලාපොරොත්තු වේනම්  අයත් මේ පින් ලබා සැපවත් ජීවිත ගත කරත්වා.

නිවන් දක්නා ජාති දක්වාම ඔබට කුසගින්න යනු කුමක්දැයිවත් නොදැනේවාආහාර අවශ් වන විට දිව් බොජුන් පහලවේවාදිව් ඕජස් ලැබේවාඔබ සිටින ගම රට පවා අතිශය සශ්රික වේවාගොවිතැන් බත්කා බානවතුපිටි ආදිය දින දින දියුනු වේවා.  කිසිදු කලක ඔබේ භෝගවතුපිටිහරකබානවස්තුවගින්නෙන්ජලයෙන්,සුලගින් වැනි ස්වාභාවික උපද්රවයන්ගෙන් පමණක් නොව සොර සතුරන්ගෙන් පවා ආරක්ෂා වේවාඔබ පය තබන තැනක් පාසා කිරියෙන් පැණියෙන් ඉතිරේවාකරන කියන හිතන පතන සෑම යහපත් දෙයක්ම  අයුරින්ම ඉටුවේවාඔබට අයහපතක් සිදුවන ඔබේ සියලු ප්රාර්ථනාවන්ට බාධා ඇතිවී ඔබේ සසර ගමන යහපත් කරගැනීමට හැකිවේවාසතර වරම්දෙවියන් සතර වයින් ඔබ ආරක්ෂා කරත්වානිවන් දකිනා ජාති දක්වා නැහැ බැහැ කියන වචනයවත් අසන්නටවත් නොලැබේවාප්රඥාව වර්ධනය වේවාතාර්කික බුද්ධිය ඇතිවේවාඑතුලින් බුදුදමහ මනාව අවබෝධ කර ගන්නටත්එනිසාම ජාතියත්ජරාවත්මරණයත් නැති පරම ශාන්ත නිවන් සුවයෙන්ම සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා ...



මෙපින් බලෙන් සසර කතරේ දුක්විදින අනන්ත සත්වයන් නිවන් මගට ගෙන යාම සදහා මා පතන බෝධියෙන් නිවන් සුවයම ලැබේවා ...













No comments:

Post a Comment