රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Friday, September 25, 2015

රු 235,000/- ක වියදමින් දියත් කල අසරණ සරණ සදහම් යාත්‍රා වැඩසටහනේ ධර්ම පුස්ථක පූජාවක් සිදුකල වගයි ...


රු 235,000/- ක වියදමින් දියත් කල අසරණ සරණ සදහම් යාත්‍රා වැඩසටහන 2015 සැප්. 23 වැනි දින ‍පොල්ගහවෙල හොදැල්ල ජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත් වූවා.

මේ පින්කමේදී රු 15,000/-ක් වටිනා ධර්ම පුස්ථක පූජාවක් සිදුකෙරුනා. බණ අසන්නට පැමිණි සියලු දෙනා වෙනුවෙන් සිංහල ජාතියේ අනාගතය වෙනුවෙන් මෙන්ම ජාතිය ආරක්ෂා කරගන්නා ආකාරය පිලිබදව කියැවෙන මෙම පුස්තකය ධර්ම දේශනය ශ්‍රවණය කරන්නට පැමිණි අය අතර බෙදා දුන්නා.
පොත් සදහා වියදම රු 15,000.00
ප්‍රවාහන වියදම රු 1500.00
-----------------------------------------
මුලු වියදම රු 16,500.00

පොත ඩවුන්ලෝඩ් කරගන්න
https://drive.google.com/file/d/0B5RD8Fve5lhmeVVyY1VyRUNoeFE/view?usp=sharing

මෙම පොත සදහා පූර්ණ මූල්‍ය දායකත්වය දැරුවේ රොෂාන් ප්‍රගීත් මහතා ඇතුලු පවුලේ සියලු දෙනා විසින්.
පොත රචනා කරල තියෙන්නෙ දන්ත ශල්‍ය වෛද්‍ය මහේන්ද්‍ර වනිගසේකර මහතා විසින්

පින්වත් යාලුවනේ බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ ධර්මදානයේ ඵල විපාක මෙච්චරය කියන්න බැහැ.

සබ්බ දානං ධම්ම දානං ජිනාති
ධර්ම දානය හා සමකල හැකි කිසිද දානයක් නෑ.
ධර්ම දානය උතුම් බවත් එහි ආනිසංස පහක් බවත් දේශනා පාලියෙහි සඳහන්ව තියෙනව.

1. බොහෝ දෙනාට ප්‍රිය වීම (බහුනො ජනස්ස පියො හොති)
2. සත්පුරුෂ ආශ්‍රය ලැබීම (සප්පුරිසො භජන්ති)
3. කීර්තිය පැතිරීම (කල්‍යාණොකිත්ති සද්දො අභුග්ග චඡති)
4. ගිහි ධර්ම කෙළසා නොගැනීම (ගිහි ධම්මො අන පෙනා හොති)
5. දෙව්ලොව ඉපදීම (පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති)

ධර්ම දානය කරන ක්‍රම කිහිපයක්ම තියෙනව. මේ බලන්න.

1. ධර්ම දේශනා කිරීම
2. ධර්ම දේශනා කරවීම හා ධර්ම පූජා පැවැත්වීම
3. දහම් පොත් පත් සඟරා මුද්‍රණය කර බෙදා හැරීම
4. ධර්මය ඉගැන්වීම
5. පිරිස් වලට බණපොත් කියවීම
6. අන්‍යයන් ශීලයෙහි ගුණයෙහි පිහිටුවීම
7. දරුවන්ට ධර්මය උගන්වා ධර්ම දේශකයන් කරවීම
8. ධර්ම දේශක භික්ෂූන්ට දහම් පොත් පත්, තෙල් පහන්, බෙහෙත්, වාහන, මුද්දර, ගමන්පහසු, විජිනි පත් හා සිවුපසය ආදිය සැපයීම
9. ධර්මය ඉගෙන ගන්නා භික්ෂූන්ට දහම් පොත් පත් තීන්ත පෑන් කඩදාසි තෙල් පහන් හා සිව්පස දීම
10. ඉරුදින දහම් පාසල් පිහිටුවීම, පවත්වාගෙන යාම, ධර්මය ඉගෙන ගන්නා ළමයින්ට තෑගි බෝග දී උනන්දු කරවීම, ඇඳුම් පැළඳුම් පොත් පත් දීම
11. ධර්ම දේශකයන් වහන්සේලාට අවශ්‍ය වියදම් දීම,
12. ධර්ම ශාලා කරවීම, සැරසීම, ඒවාට පහන් පැදුරු ආදිය සැපයීම
13. ධර්මාසන කරවීම හා ඒවාට ඇතිරිලි, උඩු වියන් බුමුතුරුණු, පාවාඩ පූජා කිරීම
14. ධර්ම දේශකයන් වහන්සේලාගේ පා සේදීම, පය පිස දැමීම, වියන් ඇල්ලීම, පාවාඩ දැමීම
15. පිරිස් වන්දනා, පූජා, ධර්ම සජ්ක්‍ධායනාදි විවිධ පින්කම් වල යෙදවීම

මේ ආදී ධර්ම දානයට උපකාරී වන ලොකු කුඩා සියලු කටයුතු කිරීම ධර්ම දානමය කුසල් ලැබීමට හේතුවන බව සැලකිය යුතුයි. ධර්ම දේශනා කිරීමට භික්ෂූන් වහන්සේ නමක් වඩින විට තමන්ගේ අත්ලේන්සුව හෝ තුවාය හෝ පාවාඩයක් හැටියට එලා සමහර ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවෝ ධර්ම දානමය කුසල් සිදු කර ගනිති. ධර්ම දේශකයන් වහන්සේ දැක නැගිටීම ද වැඳීම ද සාදුකාර දීම ද කුසල් බව සිතට ගත යුතුය. සද්ධර්මාලංකාරයෙහි මෛත්‍රී බුදුන් දකින්නන් දැක්වෙන තැන මෙසේ සඳහන්වේ. බණ කියන ගෙයි පහන් දැල්වූවෝ දකිනි’.

බණ කියන්නන් ආචාර උපචාරයෙන් වඩා ගෙනවුත් සකස් කොට බණ පැවැත්වූවෝ දකිති. විජිනිපත් දුන්නෝ ද දකිති. බණ පොත ලියවූවෝ දකිති. තමන් ලියවූ පොත අකුරු ගණනින් චක්‍රවර්තී සම්පත් ආදි වූ සැපත් ලදින් සුවපත් වූවෝ මෙතේ්බුදුන් දකින්නාහුමය. තවද ආමිස ධර්ම දානාදියෙන් සංඝයා වහන්සේට සත්කාර කළාහු දකිත්මය.

පින්වත් යහලුවනේ ධර්ම දානය අට මහ කුසල්වලට අයිතියි. අට මහ කුසල් කියන්නෙ දැනට කරන්න පුලුවන් බලගතුම පින්කම් අටක්. මෙන්න ඒ අට.


1.කඨින සිවුරක් පූජා කිරීම
2.අටපිරිකර පූජාකිරීම
3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
5.බුද්ධ ධර්ම දානය සිදුකිරීම.
6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම
7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.

යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ. මේ පින්කම් වල ආනිසංස කියල නිම කරන්න බැහැ. කල්ප කෝටි ගණන් විපාක දෙන පින්කම් මේව. ඒ විතරක් නෙවෙයි. පංච ආනන්තරයි පාපකර්ම හැර ( මව මැරීම, පියා මැරීම, රහතුන් මැරිම, බුදුන්ගේ ඇගේ ලේ සෙලවීම, සංඝභේදය )අනිත් සියලු පව් යටපත් කරන්න තරම් මේ පින්කම් බලවත්.

විශේශයෙන්ම මේ පොත සිංහල ජාතියේත් උන්නතිය වෙනුවෙන් රචනා වූ පොතක්. ඒ නිසා එය ඉතාම වැදගත් අවස්ථාවක් වෙනව.

ඉතින් මෙවන් මහ පින්කමකට දායක වු දායාබර පින්වත් රොෂාන් මහතා ඇතුලු පවුලේ සියලු දෙනාටත් පොත රචනා කල න්ත ශල්‍ය වෛද්‍ය මහේන්ද්‍ර වනිගසේකර මහතාටත්, පොත අවම වියමකින් මුද්‍රණය කරදුන් දුම්නිද මල්ලිටත් මේ පින් හිමිවේවා.  සියලු යහපත් පැතුමන් ඉටුවේවා ... ඔබගේ දූ දරැවන්  ඇතුලුව ඔබ සැමගේ  සසර ගමන යහපත් වේවා. ඔබේ දෙමාපියන් ාද  දීර්ඝායුෂ ලැබේවා. නිදුක් නිරෝ/ී ජීවිතයක් ගෙවන්නට මේ පින් හේතු වාසනා වේවා.  කෙලවර අමා මහ නිවනින් සැනසෙන්නට හේතුවේවා වාසනාවේවා.

ඔබේ සියලු ව්‍යාපාරආදී කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේව‍ා. උපදින හැම භවයකදීම අප්‍රමාණ වස්තු සම්පත් ලැබී වැඩි වැඩියෙන් පින්දහම් කිරිමට ලැබේවා. නැහැ බැහැ කියන වචනයක් හෝ අසන්නටවත් නොලැබේවා.. සතරවරම් දෙවියන්ගේ රැකවරනය ලැබේවා. ගින්නෙන් ජලයෙන්. සොරසතුරු ආදී සියලු උපද්‍රවයන් දුරුවේවා. සසර පුරාවට පින්සිල් රකින සමාජයකම උපත ලබන්නටත්, කිසිදු කලෙක මිසදිටු  බවක් නොලබන්නටත් සිතන පතන දේ දන්දෙන්නටත් මේ පින් හේතුවාසනා වේවා. කෙලවර අමා මහ නිවනින් සැන‍ෙස්වා...

බෞද්ද සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා ...







No comments:

Post a Comment