රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Sunday, June 12, 2022

2022 අලුත් අවුරුද්ද වෙනුවෙන් සිදුකල වියලි සලාක පරිත්‍යාගය ...

 


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 කොරෝනා ව්‍යවසනය වෙනුවෙන් වගේම වර්තමාන  ආර්ථික ප්‍රශ්න හේතුවෙන් නව වසරේ අලුත් අවුරුද්ද පවා වො ත නොහැතිව සිටි මීහකුඹුර ඉටිතැන්පොල ජනතාව වෙනුවෙන්ද, පොල්හවෙල  ප්‍රාදේශීය සභාවේ පිරිසිදු කිරීම් අංශයේ රැකියාවේ නියුතු දමිල සොහොයුරන් වෙනුවෙන් අපි රු ලක්ෂ 07කට ආසන්න සලාක පරිත්‍යායක් සිදු කලා. ඒ වෙනුවෙන් පහත පින්වත් පිරිස දායකත්වය ලබා දුන්නා...

 කුමෝෂා නංගි ------------------රු 325,000.00
ලහිරු මල්ලිකාරච්චි මහතා---- රු 200,000.00
දෙලිණි සමරසිංහ නංගි-------- රු 100,000.00
දුෂාන්ති හේරත් නංගි------------ රු 30,000.00
මහේෂ් යකුපිටි මහතා----------- රු 30,000.00
සේපාලිකා නංගි ------------------රු 25,000.00
චන්දිමා ගමගේ මහත්මිය--------රු 25,000.00
චාරු ගුනවර්ධන සොයුරිය ------රු 15,000.00
අනුෂා හේවකෝපර නංගි--------රු 10,000.00
කුසුමේ අක්කා--------------------රු 10,000.00
ඉශාන් වික්රම මහතා----------------රු 6000.00
අශෝක් මහත්මිය ----------------රු 5,000.00
නිමේශා සමරතුංග නංගි----------රු 5000.00
හිරන්ත මදුමංක මහතා-----------රු 5000.00
මදුර පතිරණ මහතා---------------රු 1000.00
---------------------------------------------------

මුලු එකතුව --------------------- රු 792,000.00

 වියදම

පවුල් 133ක් වෙනුවෙන් ලබාුන් සලාක මල්ලක වියදම රු 5000/-. ඒ වෙනුවෙන් දරන ලද වියම රු 665,000/-

බදුල්ලට සහ පොල්හවෙල ගමන් වියදම රු 56,000/-
කවර සදහා වියදම රු 5000.
00

--------------------------------------------------------------------------------

 වියදම් වූ මුලු මුදල රු 725,000.00

 

රු 67,000/-ක ඉතිරි මුදල විහාරස්ථානයක් සදහා ස්පීකර් පරිත්‍යා කරන්නට යොමු කලා ...

හොදයි. දානයේ ආනිසංස මොනවාද ?

 අංගුත්තර නිකායේ නවක නිපාකයේ එන වේලාම සූත්රය දේශනා කරන කාලයේදී තථාගතයන් වහන්සේ වැඩි සිටියේ සැවැත්නුවර ජේතවනාරාමයේ යි. එක් දවසක් උන්වහන්සේගේ අග් දායකයා වූ අනේපිඬු සිටුතුමා තථාගතයන් වහන්සේ බැහැ දැකීමට  විටක උන්වහන්සේ සිටුතුමාගෙන් සුවදුක් විචාරලා ඔහු පෙර සේම දැනුත් දන් දෙනවැදයි විමසුවා. එවිට සිටුතුමා කියනවා පෙරසේම දැන් දන් දිය නො හැකි බවත් කටුක කැඳක් වැනි ආහාරයක් පමණක් දැන් දන් දෙන බවත් සිටුතුමා බොහෝම ශෝකයෙන් තථාගතයන් වහන්සේට පැවසුවා.

 

එය ඇසූ තථාගතයන් වහන්සේ සිටුතුමනි දෙන ආහාරය කටුක වුවත් පුංචි සරල දෙයක් වුවත්  දානය ක්රමානුකූලව සියතින්ම සාදා ශ්රද්ධාව පෙරටු කරගෙනකර්මඵල විශ්වාසයෙන් දෙනවා නම්  දානයේ ආනිසංස මහත්ඵල මහානිසංස වේ’ යැයි සිටුතුමාට වදාළා.

 එයින් අපට තේරෙන්නේ දානයක වටිනාකම තියෙන්නේ දෙන දෙයෙහි නොව දෙන ක්රමයෙහි බවයි.  වගේම දෙන දෙය සකස් කර දෙනවා වගේම දෙන දෙය ආදරයෙන් ගෞරවයෙන් දෙන්න ඕන.  වගේම සියතින් පූජා කරන්න ඕන. දෙන දෙය තුළ විපාක තිබෙනවා කියලා සිතාගෙන ඕනෑම දෙයක් පූජා කරන්න ඕන. ඔබ දකින්න ඇති අපි මේවා ලබාදුන්නේ ‍මොන තරම් ගෞරවයෙන්ද යන වග.

 ඔබ දන්නවා දාන වර්ග දෙකක් තිබෙනවා. සත්පුරුෂ දානය සහ අසත්පුරුෂ දානය.  නිසා දෙන දානය හොඳ අවබෝධයෙන් දීම ඉතාම වටිනවා.

දාන කිහිපයක් තිබෙනවා. ඉන් පළමුවැන්න මා මුලින් කී ලෙස සියතින් දානය නොදී අන් අය ලවා දන් දිමයි.  වගේම දානය හොඳින් සකස් කර ක්රමානුකූලව දන් නොදීමයි ඊළග කාරණය අනාදරයෙන් දානය දීමයි. ඊළඟට නරක් වූ දෙයක් ඉවත දමන දෙයක් ලෙස දානය දීමයි.  වගේම ශ්රද්ධාවෙන් තොරව දන්දීමත් අසත්පුරුෂ දානයට අයත්.

 තථාගතයන් වහන්සේ මේ සූත්රයේදී සිටුතුමාට වදාළා තමන් කලින් ආත්ම භාවයක දී දන් දුන් ආකාරය පිළිබඳව. උන්වහන්සේ වේලාම බ්රහ්මණයා ලෙස ඉපදී බොහෝ සේ දන් දුන්නා. රන්පාත් අසූහාර දාහක රිදී පුරවාදරිදී පාත් අසූහාර දාහක රන්පුරවා ලෝහ පාත් අසූහාර දාහක අමු රන් පුරවාද ඔහු දන් දුන්නා. රන් ආභරණවලින් සරසන ලද රත්රන් මිශ් රෙදිවලින් සැරසූ ඇතුන් අසූහාර දාහක්  සිංහ හම කොටි හම් ආදී හම්වලින් නිපදවූ ඇතිරිලිකන් සරසන ලද විවිධ ස්වර්ණාභරණයෙන් යුත් රථ අසූහාර දාහක් දන් දුන්නා. අසූ දහසක් රූමත් තරුණ ගැහැනු ළමයින්ව දෑවැදි සහිතව සුදුසු අයට පවරා දුන්නා. නන් වැදෑරුම් ආභරණ ඇඳුම් පැළඳුම් ආදිය දන් දුන්නා. අප්රමාණව දන් දුන්නා. මේක අසදෘශ දානයක්. ඉතින් තථාගතයන් වහන්සේ වදාළා නමුත් මේ වේලාම බ්රාහ්මණයාගේ් මේ දානය ආර්ථවත් කරන්න මහත්ඵල මහානිසංස කරන්න සුදුස්සෙක්  කාලයේ ඉදළා නැහැ කියලා.

 දානයක් මහත්ඵල මානිසංස වෙන්න කාරණා තුනක් අවශ් වෙනවා. පළමු එක පූජා බුද්ධියෙන් දීම. පූජා කරන්නේ තථාගතයන් වහන්සේ ප්රමුඛ මහා සංඝයා වහන්සේලාටවැඩිහිටියන් ආදිය. දෙවැන්න අනුග්රහය බුද්ධියෙන් දීම. සමිති සමාගම්වලට වෙනත් වෙනත් ස්ථානවලට කරන පරිත්යාගතුන්වැන්න අනුකම්පා බුද්ධියෙන් දීම දුගි මගී යාචකයන්ට දෙන දානය.

 ඉතින් මේ දේශනාවේදී තථාගතයන් වහන්සේ වදාළා සෝවාන් පුද්ගලයෙකුට පෞද්ගලිකව දෙන දානයට වඩා සෝවාන් පුද්ගලයන් සියයකට දෙන දානය උතුම්.  වගේම සෝවාන් පුද්ගලයන් සියයකට දෙන දානයට වඩා එක් සකෘදාගාමි අයෙකුට දෙන දානය උතුම්. එවැනි සකෘදාගාමි එක් අයෙකුට දෙන දානයට වඩා සකෘදාගාමි පුද්ගලයන් සියයකට දෙන දානය උතුම්. එවන් සකෘදාගාමි පුද්ගලයන් සියයකට දෙන දානයට වඩා අනාගාමි එක් අයෙකුට දෙන දානය උතුම්. අනාගාමි පුද්ගලයන් සියයකට දෙන දානයට වඩා එක් රහතන් වහන්සේ නමකට දෙන දානය උතුම්. එක් රහතන් වහන්සේ නමකට දෙන දානයට වඩා රහතන් වහන්සේලා සියයකට දෙන දානය උතුම්. රහතන් වහන්සේලා සියයකට දෙන දානයට වඩා පසේ බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානය උතුම්. පසේබුදුරජාණන් වහන්සේලා සියයකට දෙන දානයට වඩා සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරන දානය උතුම්.  සම්මා සම්බුදුජාණන් වහන්සේට පූජා කරන දානයට වඩා සිව් දෙසින් වඩින බුද්ධ ප්රමුඛ මහා සංඝරත්නය පරිහරණය සඳහා විහාරයක් කරවීම උතුම්. එනමුත් එවැනි විහාරයක් කරවා පූජා කරනවාටත් වඩා යම් පුද්ගලයෙක් සැදැහැයෙන් තෙරුවන් සරණ යන එක උතුම් බව තථාගතයන් වහන්සේ වදාළා.

  වගේම යම් කෙනෙක් යමක ගඳ සුවඳ බලන මොහොතක් ලෝක සත්වයන් උදෙසා මෛත්රී භාවනාව වඩනවා නම් අර පන්සිල් රකින්නාට වඩා උතුම්.  වගේම අසුරු සැණක් ගහන මොහොතක් හෝ අවබෝධයෙන් යුතුව අනිත් සඤ්ඤාව වඩනවා නම් අසුභ සඤ්ඤාව වඩනවා එය අන් සියල්ලටම වඩා උතුම් බව වදාළා. මෙහිදී සඳහන් කරන්නේ විදර්ශනා භාවනාව ගැනයි.

 මෙයින් පැහැදිලි වන්නේ ආමිස දානයට වඩා ප්රතිපත්ති දානයට මුල් තැන දිය යුතු බවයි. නමුත් ආමිස දානය දියුණු නොකර ප්රතිපත්ති දානය දියුණු කළ නො හැකියි.  දෙකම පුරුදු කරන්න ඕන. සමහර අය ලෝභයි. නමුත් හැම තිස්සේම සියලු දේ අනිත් යැයි කියමින් අනිත් මෙනෙහි කරනවා. එය සාර්ථක නැහැ. දානය නැත්නම් අතහැරීම ලෝභය දුරු කරන්නට ලේසිම මාර්ගය වෙනවා. තවත් අය දන් දෙනවා අන් අයට උදව් උපකාරත් කරනවා. නමුත් ඉන් එහාට සීලය තුළින් දියුණුවීමක් නැහැ.

 දානයක් මහත්ඵල මහානිශංස වීමට දානය දෙන තැනැත්තා සීලවන්ත. පිරිසුදු කෙනෙක් වියයුතු වාගේම දානය පිළිගන්නා තැනැත්තා  එලෙසම සීලවන්ත කෙනෙක් විය යුතුයි.  වගේම දහඩිය මහන්සියෙන් සාධාරණව උපයා සපයා ගත් දේ සියතින් සූදානම් කර ශ්රද්ධාවෙන් දෙන දානය උතුම්.

 

සාෂ්ටික (මෙලොවම තමා විසින් දැක ගත හැකි) දානානිසංස සතරක් පෙන්වා ඇත,

 

 දායක තෙමේ බොහෝ දෙනාට පිරයමනාප කෙනෙක් වේ.
 දායකතුමා පිළිබඳව යහපත් කීර්ති රාවයක් පැතිරේ.
 ඕනෑම පිරිසක් කරා විශාරදව එළඹීමේ ශක්තියක් ලැබේ. මකුවීමකට තෙද රහිත වීමකට පත් නො වේ.
 යහපත් කල්යාණ මිත ආශරය ලැබේ.

 එසේම දානානිසංස සූතරයට අනුව,

  ගිහි ධර්මයන්ගෙන් නො පිරිහුන කෙනෙක් වන බව දක්වා ඇත. අඛණ්ඩව සිල් ආදී ගුණපන්සිල් ආදී ගුණ රකින්නෙකු යන අර්ථය යි.

 තව  මරණින් මතු සුගති ලෝකයක ඉපදීමට  මෙම දානමය පිංකම හේතුවන බව පෙන්වා දී ඇත.

 පින්වතුනිතව  සත්පුරුෂ දාන පහක් ඇති අතර එහි විශේෂ විපාක සප්පුරිස දාන සූතරයට අනුව මෙසේ . සත්පුරුෂ දාන ආනිසංස පහ

 

 රද්ධාවෙන් දන්දීම හේතුවෙන් විශිෂ්ඨ රූප සම්පත් ලැබේ. එබැවින් රද්ධාවෙන්  දන් දෙත්වා !

 සකස්කොට දන්දීම හේතුවෙන් කීකරු දූ පුතුන් අඹුදරුවන් ස්වාමිපුතරයන් දැසි දස්සන් ලැබේ. (එබැවින් දෙන දෑ සකස් කොට දීමට පුරුදු වන්න)

 ආගන්තුක දානගමික දානදුර්භීක්ෂ දාන ආදී සුදුසු කල්හි දන් දීම හේතුවෙන් තරුණ වයසේ දී බොහෝ සැප සම්පත් ලැබේ.

 ලෝභයකින් තොරව දන්දීම හේතුවෙන් හොඳ ආහාරපානයානවාහනගේදොර ආදිය පරිභෝජනය කිරිමට සිත් නැමෙනු ඇත. ලැබෙන දෑ පරිභෝග කිරීමට සිත නැමෙනුයේ ලෝභයෙන් තොරව දන් දීම හේතුවෙනි.

 තමා  අන් අය  වෙහෙසට පත් නො කොට ධාර්මික වස්තුවෙන් දන්දීම හේතුවෙන් මතු ලැබෙන සම්පත් ගින්නෙන්ජලයෙන්සොර සතුරන්ගෙන්අකීකරු දූ දරුවන්ගෙන් විනාශ වී තමාට අහිමි නො වේ. ලැබෙන සම්පත් සුරක්ෂිත වේ කියා .

 

සත්පුරුෂ පින්වතුනි ! තවත් දාන හතරක ආනිසංස ධර්මයෙහි සදහන් වේ.

  තමා ගේ ධනයෙන් දන්දෙන අතර අන්යයන් ඊට සහභාගී කර නො ගනී.  හේතුවෙන්  අයට මතු භෝග සම්පත් ලැබෙන අතර පරිවාර සම්පත් නො ලැබී යයි.

 තම ධනය වියදම් නො කොට බොහෝ පිරිස් එකතු කොට  අයගේ ධනයෙන් දන්දීම හේතුවෙන් මතු ධන සම්පත් නො ලැබෙන අතර පිරිවර සම්පත් ලැබෙනු ඇත.

 තමා  දන් නො දෙන අතර දෙන දානයකට  සහභාගී නො වීම හේතුවෙන් මතු ධන සම්පත්  පිරිවර සම්පත්  යන දෙක  නො ලැබේ.

 තම ධනය  යොදා අන් අය  ඊට සහභාගි කරගෙන දෙන දානය හේතුවෙන් මතු ධන සම්පත්  පිරිවර සම්පත්  යන දෙකම ලැබෙනු ඇත.

රද්ධාව අවදි කරගෙන නුවණින් යුක්තව එකඟ වූ නො විසිරුන සිතින් දෙන පුංචි දෙයක් වුව  මහත් ඵල වන බව පෙන්වීමට අපදාන පාලියට අනුව පෙන්වා දිය හැකිය.

 

බොහෝ දෙනෙක් කථා කරනුයේ ජාතියේ නැගිටීම හා පිබිදීම පිලිබදවයි.  එහෙත් අසරණ අපේ  මිනිසුන් වෙනුවෙන් පුංචි හෝ පරිත්යාගයක් කරන්නේ කීයෙන් කී දෙනාදඅපේ මුහුණුපොතේ මිතුරන් සියලු දෙනා එක්වී අද සිදු කර ඇත්තේ මහා පරිත්යාගයක්. ඔබ උපයන ධනයෙන් කොටසක් අපේම හිතවතුන් අතු බෙදා දීමට කටයුතු කල ඔබට ාගේ ප්රණාමය.

 පින්වත් ඔබ සිදුකලේ මහගු පින්කමක්. මා කෙරේ විශ්වාසයෙන් මට ලබාදුන් සියලු මුදල් කිසිදු සතයක් අපතේ නොයන අයුරින් සංවිධානය කලා. මේ එකුදු සතයක් කිසිදු අපයෝජනයක් සිදු නොකල බවට මම සහතික වෙනව.  වගේම ඉතාම සුදුසු අහිංසක දුප්පත් අය තෝරලයි මේ උපකාරය සිදු කලේ. ඔබ දකින්න ඇති අපි සියලු දේවල් ලබාදුන්නේ අයදුම් පත්රයක් පුරවාගෙනයි. වගකිව හැකි පුද්ගලයන් එහි අත්සන යොදා තිබෙනව.

 පින්වත් සොයුරනිසොයුරියනි. ඔබ මේ සිදුකල දානමය පුණ් ක්රියාව නිසා අද අසරණ පවුල් කීයක්නම් සතුටින්  කුස පිරෙන්න ආහාර ගන්නව ඇතිදවිශේෂයෙන්ම මේ සිංහල අලුතු අවුරුදු කාලයේ අසරණ දෙමාපියන් හැඩූ කදුලින් පින්වත් ඔබට ආශිර්වාද කලා.  සියල්ල වීඩියෝ පටයේ දක්වල තියෙනව.

 මෙපින් බලෙන් ඔබ හැදූ වැඩූ පින්වත් දෙමා පියන්ට යහපතක්ම වේවා. ඔවුන් ජීවත්ව සිටීනම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. සියලු රෝග පීඩා දුරුවේවා. රෝගජරාමරණ මේ කුණු කයට උරුම දේ උනත් ඉන් දැනෙන පීඩාව අවම වේවා.  අය පරලෝසැපත් වී ඇතිනම් වැරදීමකින් හෝ දුගතියක ඉපිද ඇතිනම් ඉන් මිදී සුගතිගාමී වේවා. සුගතිගාමීව සිටීනම්  යස ඉසුරු වඩා වර්ධනය වේවා. ඔබේ බිරිද / ස්වාමි පුරුෂයා පවා මේ පින් අනුමෝදන්වී යහපතම උදාවේවා. ඔබේ පුංචි දුවා දරැවන්ට මේ පින් ලැබී අද්යාපන කටයුතු ආදිය සියල්ල සාර්ථක වේවා. පවුලේ අනෙක් සියල්ලන්ටද මේ පින් ඒකාකාරවම හිමිවේවා. මියගිය ඤාතීන් පින් බලාපොරොත්තු වේනම්  අයත් මේ පින් ලබා සැපවත් ජීවිත ගත කරත්වා.එතුලින් බුදුදමහ මනාව අවබෝධ කර ගන්නටත්එනිසාම ජාතියත්ජරාවත්මරණයත් නැති පරම ශාන්ත නිවන් සුවයෙන්ම සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා ...

 නිවන් දක්නා ජාති දක්වාම ඔබට කුසගින්න යනු කුමක්දැයිවත් නොදැනේවා. සසර පුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අසන්නට වත් නොලැබේවා.  ආහාර අවශ් වන විට දිව් බොජුන් පහලවේවා. දිව් ඕජස් ලැබේවා. ඔබ සිටින ගම රට පවා අතිශය සශ්රික වේවා. ගොවිතැන් බත්හරකා බානවතුපිටි ආදිය දින දින දියුනු වේවා.  කිසිදු කලක ඔබේ භෝගවතුපිටිහරකබානවස්තුවගින්නෙන්ජලයෙන්,සුලගින් වැනි ස්වාභාවික උපද්රවයන්ගෙන් පමණක් නොව සොර සතුරන්ගෙන් පවා ආරක්ෂා වේවා.

තබන තබන පියවරක් පාසා නොබියවනොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්බාධක කම්කටොලු අවම වන්නටත් මේ පින හේතුවාසනා වේවා. ඔබ පය තබන තැනක් පාසා කිරියෙන් පැණියෙන් ඉතිරේවා. කරන කියන හිතන පතන සෑම යහපත් දෙයක්ම  අයුරින්ම ඉටුවේවා. පෘතග් ජන පුද්ගලයන් වශයෙන් ඔබේ සිතේ ඇතිවන නරක නපුරු අයහපතක් සිදුවන ඔබේ සියලු සිතිවිලි වලට බාධා ඇතිවී ඔබේ සසර ගමන යහපත් කරගැනීමට හැකිවේවා. සතර වරම්දෙවියන් සතර වයින් ඔබ ආරක්ෂා කරත්වා. නිවන් දකිනා ජාති දක්වා නැහැ බැහැ කියන වචනයවත් අසන්නටවත් නොලැබේවා.

  ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන් දෙයක් උවත්  සියලු අභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. ප්රඥාව වර්ධනය වේවා. තාර්කික බුද්ධිය ඇතිවේවා.

 

 මෙපින් බලෙන් ඔබට ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්රදේශයක උපත ලබත්වානිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවාදුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා. දාව වස්තූන් ලබාගන්නට මහා පින්වත් පුරුෂයන් ඔබට ලැබීමෙන් දාන චේතනා මස්ථකප්රාප්ත වේවා. ජයශ්රී මහබෝ සමිදු බලෙන්රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑ ආනුභාවයෙන්කේෂධාතූන් වහන්සේලලාට ධාතූන් වහන්සේ,ග්රීවා ධාතූන් වහන්සේඅකු ධාතූන් වහන්සේසතර දලදා වහන්සේආනුභාවයෙන්සතර ශ්රීපාදස්ථානයේ ආනුභාවයෙන්බුද්ධගයා බෝධීන් වහන්සේ හා වජ්රාසනයේ ආනුභාවයෙන්තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේප්රතිමා වහන්සේසෑරදුන් වහන්සේලාසියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්විශ්වයේ පහලවූ සියලු බුදුපසේබුදුමහරතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්තණ්හංකරදීපංකරමේධංකරකොණ්ඩඤ්ඤමංගලසුමනරේවතසෝභිතඅනෝමදස්සීපදුමනාරදපදුමුත්තරසුනීතසුජාතපියදස්සීඅත්තදස්සීධම්මදස්සීසිද්ධත්තතිස්සඵුස්සවිපස්සීසිඛීවෙස්සභූකකුසදකෝණාගමනථ කාශ්යපගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුට පවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සමඅනන්තබුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතය අතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සමමහා කාරුණිකයම් දිව් රාජයෙක් වේද මෛත්රී නම් වූ  දිව්යරාජයන් වහන්සේදසක්දේව රාජෝත්තමයානන් වහන්සේදමාතෘ දිව් රාජයන් වහන්සේදරන්වැලි මහ සෑරදුන් ඉදිකලකලරට ජාතිය එක්සේසත්කලසම්බුද්ධ ශාසනයට අපරිමේය සේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණුසද්ධාතිස්ස මහ දෙවියන්දශාසනාරක්ෂකලෝකපාලක දෙවියන්ද විරූඪවිරූපාක්ෂවෛශ්රවණදෘතරාශ්ඨ ආදී සතරවරම් දෙවියන්මෙන්ම විශ්ණුකතරගමසමන්පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණ දෙවියන්ශිල්ප ශාස්ත්රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩවිභීෂණලක්ෂ්මීකලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදයආරක්ෂාවආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා. පින්කම සිදුකල දයාබර පියාටත් මවටත් මෙපින් බලෙන්  අයුරින්ම ත්රිවිධ රත්නයේ ආශිර්වාදයත් දෙවියන්ගේ ආකරෂණයත්ලැබේවා. කෙලවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා. පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හට නිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.;

 

















































































 

No comments:

Post a Comment