රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Saturday, June 18, 2022

හෙළ විරුවන් වෙනුවෙන් සිදුකල අසිරිමත් ආලෝක පූජාව ...


 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

පසුගිය පෙබරවාරි 04 වැනි දින අපි හෙල විරුවන් වෙනුවෙන් අසිරිමත් පූජාවක් සිදු කලා. ඒ බිබිල තැන්ගොඩ රජමහා විහාරයේදී සිදු මහා පහන් පූජාවයි. මේ වෙනුවෙන් අපි රු 15,000/- ක වියදමක් වැය කල අතර ඒ මුදල් පදනම් ිගිනුමෙන් යොදවන්නට අපිට හැකි උනා. පින්වත් ඔබ පින්කම් වෙනුවෙන් ලබා දුන් මුදල් පින්කම් වලින් අනතුරුව ඉතිරි වූ පසු පදනම් ිනුමට අරමුදලක් ලෙස එකතු කරනවා. ඉතින් මේ පින්කමට ඔබ සියලු දෙනා සහබාගි වූ ලෙස සලකන්න පුලුවන්.

රට ජාතිය ආගම රැක ගැනීම වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කල පූජනීය මහා සංඝරත්නය වගේම හෙල විරුවන් ඇතුලු ඇත් අස් ගව පරෙයි  ආදී සියලු සත්වයන් උදෙසා අපි මේ පින්කම සිදු කලා

පහන් පූජාවේ අනුසස්

 දීපදෝ හොති චක්ඛුදොයනුවෙන් පහන් දෙන, පුදන තැනැත්තේ ඇස් දෙන්නේ වේ යයි තථාගතයන් වහන්සේ වදාළ සේක. ආලෝකය ඉතා ප්‍රයෝජනවත් වටිනා දෙයකි. ඇස් ඇත්තේ ද ආලෝකය නැති තැන අන්ධයෙකි. ඇසින් ප්‍රයෝජන ලැබිය හැක්කේ ආලෝකය ඇති තැනදී පමණෙකි. එබැවින් ආලෝකය දීම ඇස් දීමක් වැනි වේ. ආලෝකය පිදීම ඇස් පිදීමක් වැනි පින්කමෙකි. සෑම පිනකින් ම දෙව්මිනිස් සැප ලැබිය හැකිය. ඒ ඒ පින්කම්වලින් විශේෂයෙන් ලැබෙන අනුසස් ද ඇත්තේය. පහන් පූජාව ප්‍රඥාව ලැබීමේ විශේෂ පින්කමෙකි. උපනුපන් තැන හොඳ ඇස් ලැබීමටත්, ශරීර කාන්තිය ලැබීමටත්, මෙය හේතු වේ. දිවැස් ලැබීමට ද මෙය විශේෂ පින්කමෙකි.

 අප බුදුසස්නෙහි දිවැස් ඇතියවුන්ගෙන් අගතැන් පත් වූවෝ අනුරුද්ධ තෙරුන් වහන්සේ ය. උන්වහන්සේ පදුමුත්තර බුදුරදුන් හමුවේදී ධනවත් මනුෂ්‍යයෙක්ව සිට බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝයාට සතියක් මහ දන් දී අවසාන දිනයේ පිරිවර සහිත තථාගතයන් වහන්සේට වටිනා වස්ත්‍ර ද පුදා දිවැස් ඇතියවුන්ගෙන් අග්‍රස්ථානය පැතූහ. පදුමුත්තර බුදුරදුන් පිරිනිවීමෙන් ඒ ධනවතා මහා සංඝයා වහන්සේ වෙත එළඹ දිවැස් ලැබීමට කළ යුත්තේ කිමදැයි ඇසීය. උපාසකය, එය සඳහා ප්‍රදීපදානය දෙන්නට වටනේයයි සංඝයා වහන්සේ වදාළහ. ඔහු යහපතැ යි ගිවිස පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ධාතු පිහිටවා කළ සත් යොදුන් ස්වර්ණ චෛත්‍යය වෙත දහස බැගින් පහන් දැල්විය හැකි පහන් ගස් දහසක් කරවීය. ඒවා ළඟට කුඩා වූද ඒවා ළඟට තවත් කුඩා වූද දහස් ගණන් පහන් ගස් කරවීය. එසේ කොට මහා පහන් පූජාවක් කළේය. ඉන් කල්ප ලක්ෂයකට පසු නැවත ද හෙතෙමේ කාශ්‍යප බුද්ධ කාලයේ බරණැස් නුවර පොහොසත් පවුලක ඉපද බොහෝ රන් තැටි සාදවා ගිතෙල් පුරවා මැද සකුරු කැටය බැගින් ද තබා ඒ තැටි එකින් එකට ගැටෙන පරිදි කාශ්‍යප බුදුන්ගේ එක් යොදුන් ස්වර්ණ චෛත්‍යය වටා තබා විශාල රන්තැටියක් කරවා එහි පහන් වැටි දහසක් තබා දල්වා හිස මත තබා චෛත්‍යය වටා සර්ව රාත්‍රියේ ම ඇවිදිමින් මහා පහන් පූජාවක් කළේය.

මෙවන් ආනිසංස ඇති මහා පින්කම හෙල විරුවන් වෙනුවෙන්ම අනුමෝදන් වේවා ...

 ඉතින් දායක වූ පින්වත් ඔබටත්පවුලේ සැමටත් මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවාවිශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන්තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබන පියවරක් පාසා නොබියවනොසැලීදුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්බාධක කම්කටොලු අවම වන්නටත් මේ පින හේතුවාසනා වේවා.ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන් දෙයක් උවත්  සියලු අභියෝගයන්ට අභීතව මුහුණදෙන්නටඔබට මේ පින හේතුවාසනා වේවාසසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නට නොලැබේවානිවන්දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවාමෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන්පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවානිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපතලබන්නටත්සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්රදේශයක උපත ලබත්වානිවන්දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවාකිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවාසිතනිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවාදුන්දෙයක කිසි කලෙක සිත්නොඇලෙන්නටත්දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

   මේ භවයේ මේ චිත්තක්ෂණයේ පටන්ම සතර මහා නිධාන පහල වේවාසතර වටින් මහා කප්රුක් පහලවේවාඅහසින් රුවන් වැසි වැටේවාපොළවෙන් රන් මිණි මුතු මතුවේවානැහැ බැහැ කියන වචනයක් වත් අසන්නට නොලැබේවාඅපට කල දේ එකක්නම් ඒවා ඔබට පොලවේ වැලි කැට පමණටමහ මුහුදේ ජල බින්දු තරමට ලැබේවාබක්කුල මහ රහතුන් වහන්සේට මෙන් නීදුක් නිරෝගී බවේ අඩුවක් නොවේවාසීවලී මහ රහතුන් වහන්සේ නළල් තලයේ වැඩ සිටිනවා මෙන් ප්ත් ලාභයේ අඩුවක් නොවේවාතව තවත් සම්බුද්ධ ශාසනයට සේවය කිරීමට සතර වරම් දෙවියෝ සතර වටින් ආරක්ෂා කරත්වා,ධාතු කරඩුවක් මෙන් ඔබව රකිත්වාඔබ පතන උතුම් අධිගම ලාභය  අයුරින්ම ඔබට සම්පූර්ණ කරගන්නට හැකියාව ලැබේවා ගමනේදී කරදර බාධකමාරක බාධකසතුරු උපද්, රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන්ගින්නෙන් ජලයෙන්,වස විසෙන් අවි ආයුධයන්ගෙන් මනුෂ්යයන්ගෙන් තිසිසන් ගත සතුන්ගෙන් සීතලෙන්උණුසුමෙන්බඩගින්නෙන්පිපාසයන්ගෙන්මැසි මදුරුවන්ගෙන්අව්වෙන් වැස්සෙන් පින්නෙන් විසකුරු සර්පයන්ගෙන්වාතයෙන්පිතෙන්සෙමෙන් තුන්දොසින්රාගදෝෂමෝහ ආදී උප පීලක උපඝාතක ආදී විපාක වලින්වත්බියෙන්තැතිගැන්මෙන්රෝම උද්ගමනයක් හිස්සාවක්පීඩාවක් ඉදුලක්කිලුටක්කිල්ලක්,ඇත්නම්  සියල්ල ඉරු දුටු අදුරක්සේ නියත විද්වංසනය වේවාවෙන්න දෙයක් ඇත්නම් සිහිනෙකින්වත් සිදු නොවේවාතබන පියවරක් පාසාගන්න හෙලන හුස්ස රැල්ලක් පාසාගෙවෙන විනාඩියක් තත්පරයක් පාසාරත්නත්රයේ අසීමිත ගුණානුභාවයේ බලයෙන් සම්මස්ලේ නහරඇටඇට මිදුලුදක්වා විහිදෙමින් සර්ව ආරක්ෂාව සැලසී නිදුක් නීරෝගීආයුවර්ණසැපබලප්ඥා පහල වේවාවාප පිත් සෙම් තුන් දොස් සමනය වේවාපඨවි ආපෝතේජෝවායෝසතර දෝෂ සමනය වේවා,කර්මඍතුආහාරචතු සමුට්ඨානිකඍතු සමුට්ඨානික රූප කලාප නිරධෙ වේවාසියලු රෝගාබාධ ගතවන පැයෙන් පැයවිනාඩියෙන් විනාඩියතත්පරයෙන් තත්පරයචිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයසුවපත් වේවාදෙදෙව්ලොවට අධිපත්සක්දෙවිදුන්සුමන සමන්දෙවියන්විෂණු කතරගම ඇතුලු මේ බුද්ධ ශාසනයත්ලෝකයත් ඔබවත් අපවත් ආරක්ෂා කරන්නාවූ සම්යදෘෂ්ඨික දෙවියෝදනොපෙනෙන බලයන්ගේ අරක්ෂාව නිබද දවසින් දවසම ලැබේවාමේ පින්වත් පිරිස යන එන ගමන් බිමන්කරන කියන රැකියාතමන්ගේ දුවා දරුවන්ගේඉගෙනීමේ කටයුතු පුරපස මෝරන චන්ද්යා මෙන් ඉෂ්ඨ සිද්ධ වේවා.ඔබට සමත විදර්ශනා ඥානයන් පහල වේවා.

  ජයශ්රී මහබෝ සමිදු බලෙන්රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑආනුභාවයෙන්කේෂධාතූන් වහන්සේලලාට ධාතූන් වහන්සේ,ග්රීවා ධාතූන් වහන්සේඅකු ධාතූන් වහන්සේ,සතර දලදා වහන්සේආනුභාවයෙන්සතර ශ්රීපාද ස්ථානයේ ආනුභාවයෙන්බුද්ධගයා බෝධීන් වහන්සේ හාවජ්රාසනයේ ආනුභාවයෙන්තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේප්රතිමා වහන්සේසෑරදුන්වහන්සේලාසියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්විශ්වයේ පහලවූ සියලු බුදුපසේබුදුමහරතුන්වහන්සේලාගේ ආනුභාවයෙන්තණ්හංකරදීපංකරමේධංකරකොණ්ඩඤ්ඤමංගලසුමනරේවතසෝභිත,අනෝමදස්සීපදුමනාරදපදුමුත්තරසුනීතසුජාතපියදස්සීඅත්තදස්සීධම්මදස්සීසිද්ධත්තතිස්සඵුස්ස,විපස්සීසිඛීවෙස්සභූකකුසදකෝණාගමනථ කාශ්යපගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුටපවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සමඅනන්තබුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතයඅතිශයින් සාර්ථක වේවා.

  මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සමමහා කාරුණිකයම් දිව්යරාජයෙක් වේද මෛත්රී නම් වූ  දිව්යරාජයන් වහන්සේදසක්දේව රාජෝත්තමයානන් වහන්සේදමාතෘ දිව්යරාජයන් වහන්සේදරන්වැලි මහ සෑරදුන් ඉදිකලකලරට ජාතිය එක්සේසත්කලසම්බුද්ධ ශාසනයට අපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණුසද්ධාතිස්ස මහදෙවියන්දශාසනාරක්ෂකලෝකපාලක දෙවියන්ද විරූඪවිරූපාක්ෂවෛශ්රවණදෘතරාශ්ඨ ආදී සතරවරම්දෙවියන්මෙන්ම විශ්ණුකතරගමසමන්පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණදෙවියන්ශිල්ප ශාස්ත්රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩවිභීෂණලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වාඔබට සියලු දෙවියන්ගේආශිර්වාදයආරක්ෂාවආකර්ෂණය ලැබේවාරට ජාතිය වෙනුවෙන්සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක්ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවාගතවන චිත්තක්ෂණයක් පාසා මේ උතුම් ගාම්භීර චතුරාර්ය සත්යය නිවැරදිව සුවසේ අවබෝධ කරගෙන දාන සීල භාවනා තිවිධ පුණ් ක්රියා සිදුකරමින්සිල සමාධි ප්ාව ආදිී ත්රි ශික්ෂාව වර්ධනය කරගෙනපතන බෝධියෙන් අමා නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

    මේ පින් අප පතන බෝධියෙන් නිවන් දකින්නට හේතු වාසනා වේවා ...

විිස්තර නරඹන්න..


































 

No comments:

Post a Comment